Bengali Literature to Cinema part 2 by Madushi Jayasundara
░F░e░l░u░d░a░:░ ░5░0░ ░Y░e░a░r░s░ ░o░f░ ░R░a░y░’░s░ ░D░e░t░e░c░t░i░v░e░.░
**බෙංගාල සාහිත්‍යයෙන් සිනමාවට – ලිපිය 02**
**සාහිත්‍යය, සංගීතය, ලලිත කලාවන් සහ සිනමාව මුල්කරගනිමින් පොහොසත් සංස්කෘතියකට හිමිකම් කියනා බෙංගාලය,තුල පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ නිර්මානාත්මක හැකියාවන් තුලින් විශාල ආශ්වාදයක් සපයා ඇත. සාහිත්‍ය කෘතීන් සහ සම්භාව්‍ය සිනමා නිර්මාන අතරත්,එහි ඇත්තේ ඉතා කිට්ටු සබදතාවයකි.**
** 7 වන සියවස දක්වා දිවෙන බෙංගාලි සාහිත්‍යයේ මූලාරම්භය සහ බෙංගාල නවකථා පදනම් කරගනිමින්, බෙංගාලයේ ස්වර්ණමය යුගයේ නිර්මානය වූ සම්භාව්‍ය සිනමාපට කිහිපයක් ගැනත්,එහි මෑත කාලීන අනුවර්තනයන් ගැනත් ,පසුගිය ලිපිය ඔස්සේ කරුනු බෙදා ගත් නිසා,අද මෙම ලිපිය මගින්,නවකතා ඇසුරුකරගනිමින්, නිර්මානය වූ, Adventure/Crime ශානරයට අයත් චිත්‍රපට කිහිපයක් සහ එම චිත්‍රපට නිර්මානයට මුල් වූ කෘතින් සහ එහි නිර්මානකරුවා ගැන අවධානය යොමු කරන්නට සිතුවෙමි.**
**ඔස්කාර් සම්මාන ලාබී,බෙංගාලයේ මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් රචිත “Feluda”නම් ඉන්දියානු ප්‍රබන්ධ රහස් පරීක්‍ෂක නවකතා සහ කෙටි කතා මාලාව ඇසුරු කරගනිමින් චිත්‍රපට,මෙන්ම පසුකාලීනව රූපවාහිනී සහ වෙබ් කතාමාලා බොහොමයක් බෙංගාල සහ හින්දි භාශාවෙන් නිර්මානය වී තිබේ.**
**”සංදේශ්” **නම් බෙංගාල ළමා සගරාවේ **1965** වසරේදී,කොටස් වශයෙන් පලවූ මෙම **FELUDA **කථාව,ඉන්පසු නවකථා ලෙස රායි විසින් එලිදැක්විනි.ෆෙලුඩා කතා තිස් පහක් රායි ලියූ අතර ඒවායින් බොහොමයක් අතිශයින් ජනප්‍රිය විය. පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන ෆෙලුඩාගේ **(Pradosh Chandra Mitter) **චරිතය වටා මෙම කථා මාලාව නිරූපණය වේ.රායි විසින්,ෆෙලුදා රහස් පරීක්ශක චිත්‍රපට දෙකක් අධ්‍යක්ශනය කලේය.**Sonar Kella (1974) සහ Joi Baba Felunath(1978) **රායිගේ එම චිත්‍රපටයි..
**Sonar Kella (1974) / Joi Baba Felunath(1978) **
**Sonar Kella** නමින් 1971 වසරේ රායි විසින් රචිත අභිරහස් නවකථාවේ, චිත්‍රපට අනුවර්තනයක් ලෙස රායි,එම නමම යොදාගනිමින් අධ්‍යක්ෂණය කළ, **”Sonar Kella” **සිනමාපටයෙහි, සෞමිත්‍ර චැටර්ජි, සන්තෝෂ් දත්තා, සිද්ධාර්ථ චැටර්ජි සහ කුෂාල් චක්‍රවර්ති රංගනයෙන් දායක වූහ. මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ **”The Golden Fortress”** නමින් එළිදැක්විණි. සත්‍යජිත් රායිගේ, සුප්‍රසිද්ධ ෆෙලුඩාගේ පළමු චිත්‍රපට අනුවර්තනය මෙයයි.
ඉන් පසු එහි දෙවන චිත්‍රපටය වන **”Joi Baba Felunath”**නවකතාව ඇසුරු කරගනිමින්, එම නමින්ම රායි විසින්,අධ්‍යක්ශනය කල සිනමාපටයද, එම නලු නිලි පිරිසම යොදාගනිමින් නිර්මානය කලේය. මෙම සිනමා පට දෙකෙහිම ෆෙලූදා චරිතය සෞමිත්‍ර චැටර්ජි විසින් නිරූපනය කලේය. මෙම චිත්‍රපට ද්ත්වය පසුකාලීනව බෙංගාලි සිනමාවේ ඇදහිල්ලක් බවට පත්ව තිබේ.
මෙම ෆෙලූදා කතාමාලාව පසුබිම් කරගනිමින්, පසුකාලීනව බෙංගාලි භාෂාවෙන් රූපවාහිනී චිත්‍රපට දහයක් සහ සිනමා ශාලා උදෙසා චිත්‍රපට හතරක්,සත්‍යජිත් රායිගේ පුතු, සංදීප් රායි විසින් අධ්‍යක්ශනය කළ අතර,සංදීප් ගේ නව රූපවාහිනී චිත්‍රපට මාලාවේ පලමුවැන්න Baksho Rahashya (1996) චිත්‍රපටයයි. Bombaiyer Bombete(2003), Kailashey Kelenkari(2007), Tintorettor Jishu(2008), Gorosthaney Sabdhan(2010),Royal Bengal Rahashya(2011),Badshahi Angti(2014),Double Feluda (2016) චිත්‍රපට අතුරෙන් කිහිපයකි.මෙම චිත්‍රපට සියල්ලම ,සත්‍යජිත් රායි විසින් ලියන ලද නවකථා ඇසුරෙන්,නවකතාවල නමම යොදා ගනිමින් නිර්මානය කර තිබේ.
චිත්‍රපට සදහා ෆෙලූදා චරිතය රංගන ශිල්පින් බොහෝ දෙනෙක් විසින් නිරූපනය කරන ලද අතර,සෞමිත්‍ර චැටර්ජි ට අමතරව,සබ්යාසාචි චක්‍රබර්ති,අබීර් චැටර්ජි, ශශී කපූර් (Kissa Kathmandu Mein)රංගනය කර තිබේ.එමෙන්ම,ගුවන් විදුලි නාට්‍ය,වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට,ත්‍රිමාන සංජීවීකරන චිත්‍රපට ද මේ ඔස්සේ වෙනත් අධ්‍යක්ශකවරු යටතේ පවා නිර්මානය වී තිබේ.