Believe Me: The Abduction of Lisa McVey (2018) English | Sinhala Article

Believe Me: The Abduction of Lisa McVey (2018) English by Nayanathara Rajarathna

කාමාතුරයෙක්ගේ ගොදුරක් වූ ළාබාල දැරිය … දුශනය වීම සහා දුශනය කිරිම මෙම වචන පෙළෙ මහා ලොකු වෙනසක් නොතිබුණාට මෙ වචන පෙළෙ ඇති හැගීම් එකිනේකට වෙනස්.. දුශනය කරන මිනිසා එයින් ලබන වින්දනය උපරීමයි , නමුත් දුශනය වන කෙනාට එය මියයෑම හා සමානයි ,

දුශනයට ලක් වු දැරියන් බොහෝ පිරිස් එම සිදු වු නපුරු අත්දැකීම් අමතක කොට තම ජිවිතෙයේ ඉදිරිය ගොඩනගා ගන්න උත්සහා කලත්.. සමහරක් දැරියන් එම සිදුවිමෙන් පසු මෙම ලෝකයෙ ඔවුන් ජිවත් විම පවා වැරද්දක් ලෙස දකි… අද ලෝකයේ මෙම අපචාර දුශන ක්‍රියාවලි නවත්වා ගැනීමට කොතෙක් දෑ සිදු කලත්.. අදටත් , මෙ මොහොතෙත් අහිංසක දැරියක් කාගේ හෝ කාමාතුරයෙක්ගේ අතින් දුශනයට ලක් වෙන්න පුලුවන් … එම නිසා තමයි ඔබට නිතරම කියන්නේ සමාජය දරුණුයි , ඔබ සහා ඔබෙ දරුවන්ව රැක ගන්න යන වග..

Believe Me මෙම සිනමාපටයෙත් සිදුවන්නේ මෙවැනිම සිදුවිමක් ..

හැබැයි මෙහි පෙන්නුම් කරන්නෙ දුශනයක් ගැන පමණක් නෙමෙ.. එයින් ඔබ්බට ගිය විශේශ සිදුවිමක් පිළිබදව, මුල සිට අවසානය වෙන තෙක් ඇසි පිය නොහෙලා බලන් ඉන්න පුලුවන් හරිම අපුරු සිනමාපටයක් තමයි මෙය , ඒ වගේම මෙහි සුවිශේශිම දේ තමයි මෙහි රංගනයෙන් දායක වන Katie Douglas කියන සිනමාවෙදිනිය සහා ඇගේ රංගනය , ඇය Canadian actress කෙනෙක් , ඇයව මා හදුන ගත්තේ මෙ ළඟදි වුවත් ඇය මාව ඇයේ රංගන හැකියාවෙන් කුල්මත් කිරිමට සමත් වුනා … කෙසේ හෝ මෙ සිනමාපටයෙන් අපගේ ජිවිතයට පණිවිඩ රාශියක් අරන් එනවා , ඔබට ඒ මොන මොනාද කියන වග මෙය නැරඹු පසු වැටහෙයි..

ඒ වගේමයි මෙහි අප ජිවිතෙට වත් නොසිතු අමුතු අමුතු සිද්දි ගණනාවක් පෙන්නුම් කරනවා , විශේශම දේ තමයි ඔබට වරදක් සිදුවෙනවා යන වග ඔබ දැන දැනම ඒ සදහා පියවර ගන්න පැකිලෙන්න එපා , ඒ වගේම කාගේ හො කතාවකට සවන් දී ඔවුන්ගේ හෑගීම් වටහා ගැනීමට තරම් ඔබ පොහොසත් වෙන්න… ඔවුන්ව විශ්වාස කරන්න…

 

Believe Me: The Abduction of Lisa McVey scored 7.2 out of 10 on IMDb.
90% liked this film Google users

.

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *