Beast (2022) Tamil | Sinhala Article

Beast (2022) Tamil by Peter Barthelot

මෘගයාට මොකක්ද වුනේ ?

සෑහෙන කතා බහට ලක්වුන ඒ වගේ මේකේ HD කොපිය ආවම තවත් කතාව දිග්ගැහෙන ෆිල්ම් එකක් වෙනවා. මේක ගැන මීට වඩා කතා වෙන්න තිබුනා ඒක KGF 2 ආවම බීස්ට් එක ගැන කට්ටියට අමතක වුනා වෙන්න ඕනේ.

මේකේ අධ්‍යක්ෂණය අපි කවුරුත් දන්නා කෝලමාවු කෝකිලා හා ඩොක්ටර් වැනි හිට් ෆිල්ම් දීපු නෙල්සන් තමයි. ඒ වගේම කතා ලියල තියෙනෙත් එයාමයි. නෙල්සන්ගේ කතා ගොඩාක් දුරට හාස්‍ය ඝණයට වටෙන්නේ. ඒ වගේම හාශ්‍ය හරහා සමාජ ප්‍රශ්නයන් කතා බහට ලක්කරනවා. කෝලමාවු කෝකිලා නයන් හා ඩොක්ටර් sk විසින් සාර්ථක කරගන්නට නෙල්සන්ට හැකි වුනා.

නමුත් බීස්ට් එක හරහා නෙල්සන් සෑහෙන නෙගටිව් රිවිව්ස් වලට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඒ විජේගේ ෆෑන්ස්ලගෙන් පවා නෙගටිව් රිවිව්ස් දෙන්න ගත්තා. ඇයි එහේම වුනේ.

බීස්ට් හරහා නෙල්සන් ඇනගත්තා කියල කියන්නත් පුලුවන්. එකට මම දකින මුල්ම හේතුව ස්ක්‍රිප්ට් එක. ” බීස්ට් ” ගැම්මට ටයිටල් එකක් දීල කොමඩි ෆිල්ම් එකක් දුන්නම ඕම වෙන එක අහන්න දෙයක්ද ? කතා තේමාව රෝ ඒජන්ත කෙනෙක්. චිත්‍රපටයේ ආරම්භයත් නියමයි. වෙනද වගේ විජේව පුම්බල උඩ ඇරල තිබුනේ නෑ. පලවෙනි විනාඩි කිහීපය හොඳින්ම ගියා. එව්ක දකින්න ලැබුනේ ඇක්සන් පැක් ෆිල්ම් එකක් විදියට. කවුරුත් බලාපොරොත්තු වුනේ තුප්පාක්කි ලෙවල් එකේ ෆිල්ම් එකක් වේවි කියල. එහේම කරන්න හැකියාවක් තිබ්බ ස්ක්‍රිප්ට් එකක්. පරන අය දන්නවා අපේ හිටපු කැප්ටන් විජයකාන්ත් ගේ සමහර ෆිල්ම්ස් කොහෝම වුනාද කියල. අන්න ඒ වගේ හැගීමක් ආවා.

පලවෙනි විනාඩි කිහිපයකින් පසුව ෆිල්ම් එක ඇක්සන් කොමඩි එකක් විදියට වෙනස් වුනා. එතැනින් එහාට දකින දකින තැන කොමඩි අවශ්‍ය අනවශ්‍ය හැම තැනකටම කොමඩි. මට හිතුන විදියට විජේව විජේ ෆෑන්ස්ල කොමඩි පීස් එකක් විදියට විජේව දකින්න කැමති නෑ. ඒ වගේම මේ ස්ක්‍රිප්ට් එක හා ඒ ටයිටල් එක ඈක්සන් කොමඩි එකකට සුදුසු නෑ. ඊලග ලොකුම දුර්වලකම තමයි ලොජික්වලින් බැහැර වීම. කට්ටිය කියන්න පුලුවන් ඉන්දියන් ෆිල්ම්ස් වල ලොජික් බලන්න එපා කියල. එක ඇත්ත. නමුත් 50% ක වගේ ලොජික් ලෙෆ්ට් වීම ප්‍රශ්නයක් නෑ. නමුත් 1000% ක ලොජික් ලෙෆ්ට් වීමනම් ඒ ප්‍රධාන චරිතය කරන නලුවට කරන ලොකුම අසාධාරණයක්.

ඒ වගේම විල්ලන් කැරක්ටර් එක. ISIS ත්‍රස්තවාදියෙක් කොහෝම කෙනෙක් වෙන්න ඕනෙද කියන එකගැන වැඩි අවධානය යොමු කරල තිබුනෙ නෑ. ඒ විල්ලන් කරැක්ටර් එක ගොඩනැගුවා මදි වගේ දැනුනා.

නෙල්සන් කරපු මෙන්න මේ වගේ කාරණා දෙක තමයි ස්ක්‍රිප්ට් එක ගොඩාක් දුර්වල කරන්න හේතුවුනේ කියන එක මගේ මතය.

උඩ කාරණය හැර අනෙක් අතින් බීස්ට් හොද මූවි එකක්. මේක ඔය තත්වයෙන් දිව්වා හම්බකරානම් ඒ විජේගේ තියෙන ෆෑන් බේස් එක නිසාමයි. අනෙක ලොජික් ගනන් ගන්නෙ නැති කොමඩි වලට කැමති අයටත් ඕය මූවි එක හොද වේවි.

මේ මූවි එකේ විජේ ගැන යමක් කියනවනම්… අනිවාර්යයෙන් කියන්ම ඕනේ. විජේ වීර රාඝවන්ලෙස එයාගේ කොටස ස්ක්‍රිප්ට් එකට අනුව හොදට කරල තියෙනවා. ඒ වගේම දිගටම විජේගේ දකින්න ලැබුන ජනතාව වෙනුවෙන් කරන රංගනෙයෙන් එලියට ඇවිත් කොමඩි ටයිප් ඇක්සන් මුවි එකක් හරහා පොඩි වෙනසක් කරන්න උත්සාහ කරල තියෙනවා. ඒක හොදයි කියලයි මගේ අදහස. අනෙක විජේ පෞද්ගලිකත්ව එයාගේ පෙනුම හොදට හදාගෙන තියෙනවා. මොනවා කිව්වත් කොලිවුඩ්වල තාමත් වැඩිම රසික ප්‍රසාදයක් දිනා සිටින නලුවා. ෆිල්ම් එකේ හිට්ම දේ සින්දු දෙක.. සුපිරිම ඩාන්ස් ඒ වගේම හිට්ම සින්දු දෙකක් වුනා. කවදත් විජේ නටන්න දක්ෂයා මේකේ ඒක විශිෂ්ට අන්දමට කරල තියෙනවා.

පූජා, හොදයි.. සාමාන්‍යයෙන් එයාගේ කොටසත් එයා උපරිමය කරල තිබ්බා. සමහර අය කියල තිබ්බා එයාට අවස්ථාව දුන්නා මදි කියල. සාමාන්‍යයෙන් විජේගේ ෆිල්ම් එකේ නිළියට ලැබෙන තැනට වඩා අවස්ථාවක් මේකේ පූජාට ලැබිල තියෙනවා.

අනිරුද් , එයාගේ මියුසික් එකත් අවුලක් නෑ. බෙලෙක් හඩ අඩුකරල හොද bgm එකක් කරල තිබ්බා. විශේෂයෙන්ම සින්දු තුනම හොදයි.

කොමඩියන්ස්ල ගොඩයි හැමොගෙන්ම හොදට වැඩ අරගෙන තියෙනවා. මේක කොමඩි ෆිල්ම් එකක් කියල තීරණය කරන්න ඒකම ඇති.

මම බොක්ස් ඔෆිස් ගැන කියන්න යන්නේ නෑ. ඒ ආදායම අතින් විජේගේ ෆිල්ම් එකක් පාඩු වෙන්නේ නෑ කියන එකනම් සත්‍යයක්. අනෙක ඉන්දියන් මෙගා ස්ටාර්ලගේ ෆිල්ම් වල ආදායම් වාර්තා හරියට පිලිගන්න පුලුවන් තත්වයක නෑ. අනෙක ආදායම ෆිල්ම් එකේ හොද නරක තීරණය කරන්නේ නැති නිසා ඒක ගැන මම හොයන්නේ නෑ.

අවසාන වශයෙන් එකපාරක් වගේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියල රෙකමන්ඩඩ් කරන්න පුලුවන්.

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *