Bandish Bandits (2020) Hindi TV Series | Sinhala Article

Bandish Bandits (2020) Hindi TV Series by Indeewari Herath

10 Episodes

ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතය ගැන තියන අදහස කොහොමද? අදහස කොහොම වුනත් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය කියන්නෙ අහන පුද්ගලයගෙ හිත නිවලා ධ්‍යානගත කරන්න පුලුවන් බොහොම මිහිරි සංගීතයක්.

රාජාස්ථානය ගැන කලිනුත් කිව්වා. මේ Bandish Bandits සීරිස් එකටත් පසුබිම් වෙන්නෙ රාජාස්ථානයේ Blue City එක විදියට ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ප්‍රසිද්ධ, රාජාස්ථානයේ දෙවනියට ප්‍රධාන නගරය වන ජෝධ්පූර් නගරය. හැබැයි මේක බ්ලූ සිටි එකේ ටුවරිසම් ගැන කතාවක් එහෙම නෙවෙයි.

ජෝධ්පූර් නගරයේ ඉන්න ප්‍රවීණම, ජේශ්ඨම සංගීතවේදියා වන රාධේ මෝහන් රාතෝර් මැතිතුමා මුලු ඉන්දියාව පුරාම ඉන්න සංගීතවේදීන් අතර බොහොම ගෞරව බහුමානයට පත් වුන කෙනෙක්. ඔහු ජෝධ්පූර් හි මහාරාජ් වරයාගෙ ලඟම හිතවතෙක්. ඇත්තටම කිව්වොත් මහාරාජ් වුනත් රාධේ මෝහන් රාතෝර් මැතිතුමා ට සෑහෙන්න ගරු කරනවා. රාතෝර් සංගීත පරම්පරාවෙ ඊලඟ උරුමකරු වෙන්න ඉන්නෙ ජේශ්ඨ රාධේ මෝහන් මැතිතුමාගෙ පුතාගෙ පුතා; මුණුබුරා. ඔහුගෙ නමත් රාධේ ම තමයි. රාධේ සිං රාතෝර්. නැත්නම් රාධේ රාතෝර් Jr.

තවම අවුරුදු 21 ක තරුණයෙක් වන රාධේ තමයි අපේ කතා නායකයා. ජෝධ්පූර් වල හොඳ ගෞරවනීය පවුලක් වුනත් රාතෝර් පවුල ගත කරන්නෙ ආර්ථිකමය අතින් බොහොම අපහසු කාලයක්. ජේශ්ඨ රාධේ රාතෝර් මැතිතුමා ආර්ථික අතින් තමන්ගේ ස්වර්ණමය යුගය පහු කරලා ගොඩක් කල්. දැන් ඔහු ලඟට සංගීතය ඉගන ගන්න ලොකු ශිෂ්‍ය පිරිසක් එන්නෑ. එන දෙතුන් දෙනාටත් ඔහුගේ ටිකක් දරුණු ඉගැන්වීමේ කලාවට අනුගත වෙන්න අමාරුයි. වැඩිහිටියොම පස් දෙනෙක් ඉන්න මේ

පවුල නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නෙ රාධේගෙ තාත්තා රාජේන්ද්‍ර රාතෝර් ට. ඒ අස්සෙ රාජේන්ද්‍ර රාතෝර් ලොකු බැංකු ණයකටත් හිර වෙලා ඉන්නෙ.

ඒ මදිවට මේ පවුලෙත් පොඩි පොඩි අවුල් තියනවා. උදාහරණයක් විදියට ගත්තොත් රාතෝර් පවුලට තියන ලොකුම අභියෝගය තමයි ජේශ්ඨ රාධේ රාතෝර් ගෙ පළවෙනි විවාහයේ පුත්‍රයා වන දිග්විජයි රාතෝර්. දිග්විජයි රාතෝර් තමන්ගේ නමේ හැටියටම සංගීත ලෝකයේ දිග්විජය කරපු බොහොම ජනප්‍රිය චරිතයක්. මේ තාත්තලා පුතාලා අයියලා මල්ලිලගෙ විකාර ආරවුල්, එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි වෙන්න අකමැති මාන්නෙ වගේ දේවල් නිසා හැම අතින්ම ඇඹරෙන්නෙ අපේ කොල්ලා රාධේ. පවුලෙ හුටපට මදිවට ඔහු විසින්ම හදාගත්ත පුද්ගලික හුටපටත් රාධේට අඩුවක් නැතිව තියනවා.

මේ එක එක හුටපට අස්සෙ රාධේ Jr ට රාතෝර් පවුලෙ උරුමකරු වෙන්න පුලුවන් වෙයිද? අර තාත්තලා පුතාලගෙ ප්‍රශ්න විසඳෙයි ද? රාධේගෙ පුද්ගලික හුටපට වලට මොනවා වෙයිද?

…………………………

Bandish Bandits සීරිස් එකේ සැබෑ සුපර් ස්ටාර් තමයි මේකෙ තියන මියුසික් සහ සිංදු ??

සාමාන්‍යයෙන් සීරිස් එකකට මියුසික් ඇල්බම් එකක් එන්නෙ නැති තරම්. ඒත් මේකෙ පට්ටම මියුසික් ඇල්බම් එකක් තියනවා.

අවංකවම කියන්නෙ, වීර්සාරා චිත්‍රපටයෙ ඇල්බම් එකට පස්සේ මොකක්හරි ඉන්දියන් චිත්‍රපටියක හෝ සීරිස් එකක මියුසික් ඇල්බම් එකක් හිතට අල්ලලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත ඇහුවා නම් ඒ මේකෙ ඇල්බම් එක විතරයි. ශාස්ත්‍රීය සංගීතය වගේම බටහිර සංගීතයත් එකට මික්ස් වෙලා යන නියම වැඩක් මේක. කියන්න වචන නෑ …………. ඇත්තටම ?

ඊලඟට මේක බලන්න තියන හේතුව තමයි කාස්ට් එක සහ ඇක්ටින්. ආය කියලා වැඩක් නෑ සුපිරි කාස්ට් එකක් එක්ක සුපිරි ඇක්ටින් තියනවා මේකෙ. ජේශ්ඨ රාධේ මෝහන් රාතෝර් විදියට ඉන්නෙ නසාරුදින් ශා. රාධේ Jr විදියට ඉන්න නළුවගෙ නම දන්නෑ. ඊලඟට දිග්විජයි විදියට අතුල් කුර්කාර්නි. ඔය තමයි ප්‍රධාන චරිත තුන. සපෝටින් කාස්ට් එකටත් සුපිරිම සෙට් එකක් ඉන්නවා. ඔය ප්‍රධාන චරිත කරන තුන් දෙනාම ශාස්ත්‍රීය ගායනය කියන එක ප්‍රගුණ කරලා නැතුව ඇති. නමුත් ඒ තුන්දෙනාගෙම රංගනය උපරිමයෙන්ම නැචුරල් විදියට තිබුනා. විශේෂයෙන්ම අතුල් කුර්කාර්නි. ගායන කොටස් වලදි අතුල් ට ඩබ් කරන්නෙ ශංකර් මහාදේවන්. පෙනුමත් එක්ක නියමෙටම ගැලපිලා ගියපු වොයිස් එකක්. නසාරුදින් ශා වෙනුවෙන් ගායනා කොටස් ඩබ් කරලා තියෙන්නෙ ඉන්දියාවෙ ඉන්න සංගීත් පණ්ඩිත් කෙනෙක්. ඒත් එහෙමයි, ලුක් එකට උපරිමයෙන්ම සෙට් වෙන වොයිස් එකක්. සෑහෙන්න අසීරු රංගනයක් නමුත් උපරිමයෙන්ම කරලා තියනවා. ඇත්තටම පර්ෆෙක්ට් ??

නසාරුදින් ශා කියන්නෙ පරණම පරණ වයින් එකක් වගේ නළුවෙක් ??

මේක නම් ඉතිං මිස් කරගන්නෙ අපරාදෙ හැබැයි

මගේ ගාන 4/5. සංගීතය එක්ක වගේම මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් එක්කත් අපූරුවට ගණුදෙනු කරපු සීරිස් එකක් මේක.

First episode date: August 4, 2020
Number of episodes: 10
Original language: Hindi
Directed by: Anand Tiwari
Editor: Ajay Sharma

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *