Badhaai Do (2022) by Luckshman Aranwala
Badhaai Ho කියල එකක් ආවා මතකනේ. එතකොට Badhaai Do කියන්නේ ඒකට කිසිම සම්බන්ධයක් නැති කතාවක්. හැබැයි එකම නිෂ්පාදකවරයෙක්, ප්‍රඩක්ෂන් හවුස් එකක් සහ රචකයෙක් දෙකටම සම්බන්ධයි. කතා තේමාව සමාන නැති නමුත් සිදුවීම වෙන්නෙ ලෝකෙට හංඟන දෙයක් ගැනයි. ඒත් හංඟන්න ඒක අපරාධයකුත් නෙමේ. ලැජ්ජාව තමයි බලපාන්නේ. චිත්‍රපට දෙකෙන්ම කියන්නෙ එහෙම රහසක් එක්ක ගනුදෙනු කරනකොට සාම්ප්‍රදායික සමාජයෙන් එල්ල වන පීඩනයක් දරනා පාර්ශවයක් ගැනයි. මෙහිදී කතා කරන්නේ Gay සහ Lesbian සබඳතාවයන් ගැනයි.
බොලිවුඩයට මේවා තව දුරටත් අරුමයක් නෙමේ. සිනමාත්මකව කතා කරන්නට අපහසු හෝ අකමැති හෝ නුසුදුසු ලෙසින් සම්මත බොහෝ මාතෘකාවන් බොලිවුඩ් ඇතුළු ඉන්දීය සිනමාවට මේ වෙනකොට අවතීර්ණ වෙලා ඉවරයි. First film based on marriage of same sex relationships විදිහටයි මේ Badhaai Ho හඳුන්වන්නේ. මේ විස්තරය ඇතුළේ ස්පොයිලර්ස් අඩංගු විය හැකියි. චිත්‍රපටයක් විදිහට මේ නරඹන්නට ලැබුණේ මගේ හිතේ ඇඳිල තිබ්බ අදහසක්. ලෙස්බියන් කෙල්ලෙක්ට ගේ කොල්ලෙක්ට එකට ජීවත් වෙන්න බැරිද? කසාදයක් බැඳගෙන? ඉතින් මට එහෙම අදහසක් තිබ්බා ඒක ටිකක් වෙනස් විදිහට දකින්නට ලැබුණා. සමරිසි යුවලකට නීත්‍යානුකූලව කසාදයක් බැඳලා නිදහසේ ජීවිතේ ගෙවන්නට උරුම සමාජ ක්‍රමයක් බිහිවන තුරු මෙහෙම ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ඒත් ඉතින් මහා පවුලක් එක්ක හැංඟි හොරා අමාරුයි. හංඟගෙන ඉඳලා අහුවුණොත් මැරෙන්නයි වෙන්නෙ. එහෙව් වාතාවරණයකට මුහුණ දීපු කපල් එකක් ගැනයි මේ කියන්නේ.
පණිවිඩය ඉදිරිපත් කිරීමේදී හාස්‍යය භාවිතා කරනවා. වින්දනාත්මක සිනමා රටාවක් භාවිතා කරනවා. මීට සමාන තේමාවන් ඉදිරිපත් කිරීමේදී සංකීර්ණ නොවන රටාවක් භාවිතා කිරීම වඩාත් උචිතයි කියල හිතෙනවා. පණිවිඩය බොහෝ පිරිසක් අතරට යන්න ඒක හොඳ අවස්ථාවක් වෙනවා. මෙවන් චිත්‍රපටයක් කිව්වම මතකෙට එන්නෙම ඉතින් ආයුෂ්මාන් කුරාණාම තමයි. ඊට පස්සෙ හොඳම තේරීමක් තමයි ඉතින් රාජ්කුමාර් රාඕ. භූමි කියන්නෙ කොහොමත් හොඳම තෝරාගැනීම. ඒ නිසා මේ කපල් එක වෙනුවෙන් දෙන්නගෙ දායකත්වය සාර්ථකයි. දෙන්නගෙ අභියෝගාත්මක විස්තරය ඇතුළෙ සිද්ධ වෙන ජරමරත් හොඳ උද්‍යෝගයකින් සමන්විතයි. හාස්‍යම විතරක් නෙමේ, සාම්ප්‍රදායික සමාජ සම්මතයන්ට එරෙහිව කෙරෙන කතිකාවත් සහ හැඟීම්බර කොටස් අඩංගුයි. විශේෂයෙන්ම Pride Parade දර්ශනය ඉතා අලංකාරයි. තවත් සමරිසි රොමෑන්ස් කතන්දරයකට වඩා යමක් දැකපු නිසාම නරඹන්නට සුදුසුයි.
*****************************************************
Directed by
Harshavardhan Kulkarni
Written by
Suman Adhikary
Akshat Ghildial
Harshavardhan Kulkarni
Produced by
Vineet Jain
Starring
Rajkummar Rao
Bhumi Pednekar
Sheeba Chaddha
Chum Darang
Cinematography
Swapnil Sonawane
Music by
Score:
Hitesh Sonik
Songs:
Amit Trivedi
Tanishk Bagchi
Ankit Tiwari
Khamosh Shah
Country
India
Language
Hindi