Bad Luck Banging or Loony Porn (2021) Rumanian |Sinhala Article Rumenia

Ba Luck Banging or Loony Porn (2021) Rumania by Luckshman Aranvala

ම්මෝ මෙහෙමත් සිනමාවක් කියල හිතෙන අමුතුම නිර්මාණයක්. රුමේනියානු චිත්‍රපටයක්. කතා තේමව ගැන මොකුත්ම නොදැන බලන්න ගත්තනම් මේ මුකත මේ වෙන්නේ? වැරදි ෆිල්ම් එකක්ද මේ ප්ලේ වෙන්නේ? කියලත් හිතෙන්න පුළුවන්. චිත්‍රපට අස්සට ඔබන අමු දර්ශන කියන්නෙ ඒ තරම්ම පුදුම වෙන්න ඕන කාරණාත් නෙමේ. නමුත් මෙච්චරටම සැර අමු XXX වර්ගයේ ලිංගික දර්ශන නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඔස්කා සබ්මිශන් එකකින්. අනිත් පැත්තට ඇයි බැරි? මොකක්ද අවුල? මේ චිත්‍රපටය ඇතුළෙත් කතා කරන්නෙ එවන් උභතෝකෝටික විවාදයක් ගැනයි. “ඇයි එහෙම කරහම මොකක්ද තියෙන අවුල?” සංස්කෘතිය, සදාචාරය, අපේ කම රකිනා දැයේ අභිමානවත් වැසියනේ, දෙමුකො එහෙනම් කට්ටියම එකතුවෙලා උත්තර.

කතා තේමාව සඳහන් කරන්නම ඕන චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කරන්න. ඒක ස්පොයිල් කාරණාවක් නොවෙයි. නමුත් සමස්ත චිත්‍රපටයම දුවන්නෙ ඒ තේමාව ඔස්සේමයි. ඉන් එහාට විහිදෙන ගලාගෙන යන කතන්දරයක් මේකෙ නෑ. Exploring the relationship between the individual and society by showing what happens when a young secondary-school teacher posts an amateur porn clip on a website. The consequences of this decision will affect her life deeply. හරි, ඔන්න ඕකයි සිද්ධිය. මෙන්න මේක අපිට සමාන කරන්න පුළුවන් “සුළඟෙනුත් ඒඩ්ස් බෝ වෙනවා” යැයි විශ්වාස කරපු අපේ රටේ එක්තරා ප්‍රදේශයක දෙමාපියන් පිරිසක් විසින් නටපු නාඩගමට. ආයෙ ඉතින් එමම තමයි මේ කතාවයි ඒ සිදුවීමයි. දැන් යම් තරමක අවබෝධයක් ලැබෙන්නට ඇති මොකක්ද මේ වෙන්නෙ කියන එක ගැන.

ගුරුවරියක්ට සිදුවෙනවා මහා විවාදයක් කරන්න තමන් සේවය කරනා පාසලේ තමන්ගෙන් ඉගෙනුම ලබනා කුඩා දරුවන්ගේ දෙමාපියන් සමඟ. ඇත්තටම මේක ලෝක නඩුවක්. ලෝක අපවාදයක්. තමන්ගෙ දරුවන්ගෙ අනාගතය විනාස කර දමනා මේ ගණිකා ගුරුවරියව පන්නා දැමිය යුතුයි කියන එකයි දෙමාපියන්ගේ විරෝධතාවය. ඊට එරෙහිව ගුරුවරියගෙ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නෙ හරියට කෝට්රූම් ඩ්‍රාමා එකක් වගේ. හැබැයි ගුරුවරියට කට උත්තර නැතිවෙන්න ඕන එයා කරල තියෙන මේ පිළිකුල් සහගත පහත් ක්‍රියාව සම්බන්ධයෙන් නම්. නමුත් පුදුමයි, මෙන්න ඈ අභීතව ඈ වෙනුවෙන් තනිවම පෙනී ඉන්නවා අර ගල් මුල් අමෝරාගෙන ඉන්නා උදවිය ඉස්සරහ. ඈ නොපැකිළව සටන් කරනවා තමන්ගෙ අයිතියක් වෙනුවෙන්. රෙදි ගලවනවා ඇයව නිරුවත් කරන්නට සැරසෙන සිල්වතුන්ගේ. ඒ අනුව මේ විවාදය ඔස්සේ දිගහැරෙනවා අදාළ විෂයය සම්බන්ධයෙන් ගොනු වන පුදුමාකාර කරුණු තොගයක්, සාමාන්‍යයෙන් චිත්‍රපටයකින් කලාතුරකින් මුණගැහෙන මට්ටමේ. බොහෝමයක් දේවල් මේ චිත්‍රපටය අයත් රට වන රුමේනියා ව පාදක කරගෙන ඉදිරිපත් කරනා ඒවායි. එතනදි ඇති වන වාතාවරණය ලංකාවෙ අපිටත් ගලපගන්න පුළුවන් ඕනම අටමගලයකට අර දෙදාස් පන්සීයේ වංසෙ කබල් ගානා උදවියට එල්ල කරනා කනේ පහරක් විදිහටත්.

කතාව එච්චරටම උද්වේගකාරී මට්ටමකට අවතීර්ණ වෙද්දී මෙහි නිර්මාණාත්මක බව ගැනත් කියන්නම ඕන. හොඳම දේ වෙන්නේ මෙහි දෙවන පරිච්ඡේදය යටතේ (කතන්දරය පරිච්ඡේද වලට වෙන්කරලයි ඉදිරිපත් කරල තියෙන්නේ) ඉදිරිපත් කරන විස්තර කන්දරාවයි. සරලවම ගත්තොත් පාරිභාෂික වචන සහ එහි ප්‍රායෝගික අර්ථය විදිහට හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඒ දීර්ඝ (සමහරවිට අලසකාරී, හැබැයි දැනුමට වටිනා, වින්දනාත්මක, උපහාසාත්මක, අමු, තිත්ත) විස්තර කිරීම් නම් කතා තේමාවට කොහෙත්ම අදාළ නෑනේ කියන ගැටළුකාරී බව මතුවෙන්නටත් පුළුවන්. ඒකට උත්තර ලැබෙනවා අර ගුරුවරියට එරෙහිව දෙමාපියෝ නඩුවෙන්ම. එතකොට අවබෝධ වෙනවා යකෝ මේක මාරම ක්‍රියේටිවිටි එකක්නේ කියන එක. ඊටත් පස්සෙ එන්ඩින් එක. ඇයි එකක්? දෙන්නම්කො එකට 3 ක් කියල ඉදිරිපත් කරන ඒ “හම්මෝ මෙන්න එන්ඩින්” පරිච්ඡේදය. 71 වෙනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේදී පිදෙන ඉහළම ඇගයීම මෙම චිත්‍රපටයට ලබන්නට හැකිවෙන්නේ පසුගිය වසර 9 තුළදී රුමේනියා ව විසින් ලද තෙවන Golden Bear ජයග්‍රහණය විදිහටයි. ඒ වගේම 94 වෙනි ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් Best International Feature Film වෙනුවෙන් රුමේනියාව නියෝජනය කරන්නේත් මේ චිත්‍රපටයමයි.

****************************************************

Screenplay & Directed by
Radu Jude

Produced by :  Ada Solomon

Starring
Katia Pascariu
Claudia Ieremia
Olimpia Mălai

Edited by ; Cătălin Cristuțiu

Music by : Jura Ferina, Pavao Miholjević

Country : Romania

Languages :
Romanian
English

Download

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *