Avatar Film series | Sinhala Article 01

Avatar Film series | Sinhala Article

ඔන්න ලෝකයේ ජනප්රියම ඒ යුගයට වඩා තාක්ශණයෙන්, නිර්මාණශීලීත්වයෙන් ඉදිරියෙන් ඉදපු සිනමාපට නිර්මාණය උනේ කොහොමද. මේවල තාක්ෂණික පසුබිම මොනවගේද කියලා පැහැදිලි විස්තරයක් අරගෙන අරගෙන එන්න ගන්න වෑයමේ මුල් පියවරක් විදියට මම තෝරගත්තේ 2009 වසරෙදි තිරගත උනත් අදටත් නිර්මාණය වෙන සිනමාපට වලට වඩා ඉදිරියෙන් තියන්න පුලුවන් සිනමාපටයක් විදියට සැලකෙන මේ මෑතක් වෙනකන්ම වසර දහයකට වැඩි කාලයක් එදා මෙදාතුර ලෝකයේ ඉහලම ආදායම වාර්තා කල සිනමාපටය විදියට වාර්තා අතර ඉහලින්ම වැජඹුන සිනමාපටයක්. ඔව් දැන් දන්නවනෙ මොකක්ද මේ අපූරු සිනමාපටය කියලා. ඒ තමයි Avatar. මේක නිර්මාණය කල අධ්යක්ෂක James Cameron ගේ දීර්ඝකාලීන සිහිනයක් උන මේ නිර්මාණය වසර ගණනාවක ඇවෑමෙන් තමන් සිතාසිටියාටත් වඩා දියුණු මට්ටමකින් නිර්මාණය කරගන්න ඔහු සමත් වෙනවා. ඉතින් අපි අද ඔහු තමන් මෙතෙක් කැප උන වඩාත් දීර්ඝතම සහ සංකීර්ණම project එක විදියට හඳුන්වපු Avatar නිර්මාණය කලේ කොහොමද, ඔවුන් ඒ වෙනුවෙන් යොදාගනිපු තාක්ෂණයන් මොනවද, නිෂ්පාදනය අතරතුරදි මතු උන ගැටලු නිරාකරණය කරගත්තෙ කොහොමද යනාදී විශාල කරුනු ප්රමාණයක් ගැන තොරතුරු ඔයාලා එක්ක බෙදාහදාගන්නයි යන්නෙ. එහෙනම් හොඳට හරිබරි ගැහිලා වාඩිවෙලා මේ ගැන කියවන්න සූදානම් වෙන්න. මොකද කියන්න ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් අපි පටන්ගමු..
James Cameron | Biography, Movies, & Facts | Britannicaමේ සිනමාපටය ගැන වස්තුබීජය අධ්යක්ෂක James Cameron ගේ හිතේ මතුවෙලා තියෙන්නෙ නම් මේ මෑත කාලයකදි නෙමෙයි. ඇත්තම කිව්වොත් ඒ ඔහු විසින් ලෝක සිනමාව උඩු යටිකුරු කල Titanic සිනමාපටය පවා නිර්මාණය කරන්න පෙරාතුවයි. සාමාන්යයෙන් Cameron කියන්නෙ කල්පනා කරන්න හීන දකින්න ඒ හීන වලින් ලෝකෙම පුදුම වන නිර්මාණ බිහිකරන්න පුලුවන් දක්ශයෙක් කියලා දන්නව ඇති ගොඩක් අය. මොකද අපි page එකේම කලින් වතාවකදි කිව්වා වගේ සුප්රකට Terminator සිනමාපට මාලාව ගැන අදහස James Cameron ට ඇවිත් තියෙන්නෙත් උණ විකාරෙන් දැකපු හීනයක් නිසායි. ඒ වගේම Avatar සිනමාපටයට මූලික උන කතාවස්තුවත් කාලාන්තරයක් මුලුල්ලේම Cameron ගේ හිතේ ඇති උන අපූරු සිතුවිලි ගොන්නක එකතුවක්. ඔහුට ඒකාලේ උවමනා වෙලා තියෙනවා සාමාන්යයෙන් දකින්න ලැබෙන විද්යා ප්රබන්ධ සිනමාපට වල සුලබව දකින්න ලැබෙන විදියට පිටසක්වල ජීවීන් පිරිසක් ඇවිත් මිනිසුන්ව ආක්රමණය කරනවා වෙනුවට මිනිසුන් විසින් වෙනත් පිටසක්වල ජනාවාසයක් ආක්රමණය කරන ආකාරයේ සිනමාපටයක් කවදහරි නිර්මාණය කරන්න.
ඉතින් ඒ අදහස තවදුරටත් වැඩිදියුනු කරන්න ඉන්දියානු සහ ඉන්දුනීසියානු ගෝත්රික ජනතාවගේ හැසිරීම් රටා, හින්දු දේවාභාශයන් වලට අමතරව ඒ සමයේ ලෝකයේම ජනප්රිය විද්යා ප්රබන්ධ රචකයින් උන Aizek Asimov, Strugatsky සොහොයුරන් මෙන්ම යුගය වෙනස් කල විද්යා ප්රබන්ධ සිනමාකරුවන් උන Stanley Kubrik සහ George Lucas වැන්නවුන්ගේ ආභාශයත් James Cameron තමාගේ මේ විද්යා ප්රබන්ධයට ඇතුලත් කරගන්නවා. ඉන්පසුව මෙහි මුල් පිටපතක් පලමු වරට ලියන්නෙ 90 දශකයේ මැද භාගයේ දීයි. ඒ තමන්ගේ Titanic සිනමාපටය නිර්මාණයෙන් පසුව ඊලඟට තමන් ආරම්භ කරන movie project එක විදියට. නමුත් මෙතනදි පොඩි අවුලක් වෙනවා. මොකද James Cameron ට මේ අවස්ථාවෙදි තේරෙනවා තමන්ට උවමනා කරන තමන් සිහින දැකපු මට්ටමින් මේ නිර්මාණය අවසන් කරගන්න එම කාලයෙ පවතින තාක්ෂණය කොහෙත්තම ප්රමානවත් වෙන්නෙ නෑ කියලා. ඉතින් මේක පුලුවන් විදියට ඒ මොහොතේ කරල දැමීම හෝ පියවරක් පිටුපසට අරගෙන වැඩේ කල්දාලා සුදුසු මොහොත එනකන් බලන් සිටීම කියන විකල්ප දෙකෙන් එකක් තෝරගන්න Cameron ට සිදුවෙනවා. ඔහුට මේක හොඳින්ම අවසන් කරන්න තිබුන දැඩි උවමනාව නිසාම ඔහු දෙවෙනි විකල්පය තෝරාගෙන තමාගේ උවමනාවට ගැලපෙන අයුරින් තාක්ශණය වර්ධනය වෙන තෙක් තව කාලයක් බලාසිටීමට තීරණය කරනවා.
Avatar (2009) Cast: Then And Now 2018 - YouTubeJames Cameron ට තමන්ගේ මේ නිර්මාණය කරන්න සුදුසු කාලය පැමිණිලා කියලා මුල්ම ඉඟිය ලැබෙන්නෙ මම උඩදි කතාකරපු Lord of the Rings සිනමාපට මාලාව තිරගත වීමත් එක්කයි. එහි ඇතුලත් උන Motion Capture තාක්ෂණයෙන් තත්යාසන්න අයුරින්ම නිර්මාණය කරන ලද Gollum නම් චරිතය දකින Cameron ට හිතෙනවා දැන් තමන්ගේ වැඩේ පටන්ගත්තනම් හොඳයි කියලා. මොකද ඒ වෙද්දි පිටපතක් පමණක් උන Cameron ගේ හිතේ මැවිලා තිබුන ඒ දැවැන්ත පිටසක්වල ලෝකය රිදී තිරය මත ජීවමාන කරන්න අත්යාවශ්යම තාක්ශණයක් තමයි මේ Motion Capture හරහා තත්යාසන්න චරිත නිර්මාණය කිරීමේ තාක්ෂණය. ඉතින් ඒකෙත් අනාගත සුභ ලකුණු පහල උන එකේ Cameron තමන්ගේ වැඩේ පටන්ගත්තා. තමන් එක්ක ඉදපු නිෂ්පාදක John Landau ගේ සහයෙන් Cameron කණ්ඩායම් දෙකක් මේ වැඩේට බඳවගත්තා. ඒ 2005 අගෝස්තු මාසයෙදි. ඒ අනුව ඔවුන් නිර්මාණය කරන්න ඉන්නෙ මේ වගේ සිනමාපටයක් කියලා එවකට සිනමාපටය බෙදාහැරීම බාරව සිටි 20th Century Fox studio එකේ ප්රධානීන්ට ඒත්තු ගන්වන්න මෙයාලා තප්පර 37 ක කුඩා Video clip එකක් දල වශයෙන් නිර්මාණය කරලා පෙන්වලා ලොකු බජට් එකක් එක්ක ඒකාලේ හැටියට දියුණුම තාක්ෂණික පහසුකම් එක්ක මේ වැඩේ කරන්න අවශ්ය අනුමැතිය ලබාගෙන තියෙනවා. ඊට අමතරව තාක්ෂණික පහසුකම් තමන්ගේ වැඩේට අවශ්ය පරිදි වැඩිදියුනු කිරීමට, නලු නිලියන් තෝරා ගැනීමට වගේම ඔවුන්ව අවශ්ය ආකාරයට පුහුණුව ලබාදීම වගේ පෙර නිෂ්පාදන කටයුතු වෙනුවෙනුත් මෙයාලා වසර එකහමාරක පමණ කාලයක් ලබාගෙන තියෙනවා. මොකද James Cameron දැනගෙන හිටියා මේක එයාට වගේම සෑම කෙනෙක්ටම අලුත්ම අත්දැකීමක් වෙනවා කියලා. වෙනදා වගේ නැතුව Virtual Reality එකක සම්පූර්ණ ලෝකයක් නිර්මාණය කිරීම සහ එහි චරිත ආකාරයට රංගනයේ යෙදීම මේකේ තාක්ෂණික ශිල්පීන්ට වගේම නලුනිලියන්ටත් වෙනස්ම අත්දැකීමක් වෙන නිසා ඒ වෙනුවෙන් හොඳ පෙර සූදානමක් ලබාගන්න තමයි මේ වගේ කාලයක් මෙයා Studio එකෙන් ඉල්ලලා තියෙන්නෙ.
Bioluminescence | Fantasy forest, Fantasy landscape, Pandora avatarඉන්පසුව 2007 පෙබරවාරි මාසෙ තමයි සිනමාපටයට අවශ්ය දර්ශන තල, පැන්ඩෝරා හි ස්වභාවය අපේ ලෝකයේ පවතින විස්මයජනක භූ නිර්මාණත් එක්ක සසඳලා ඒ ගැන වෙනමම concept art නිර්මාණය කරලා ඒ හා සමාන භූ දර්ශන තියෙන ස්ථාන වල රූගතකිරීම් ආරම්භ කරන්න සැලසුම් සකස් කරන්න පටන් අරගෙන තියෙන්නෙ. මාස හයක ඇවෑමෙන් ඒ සැලසුම් කල විදියට 2007 ඔක්තෝම්බර් මාසයේ සිය 2008 මාර්තු මාසය දක්වා ස්වභාවික පිටත පරිසරයේ රූගතකිරීම් කටයුතු සිදුකරලා අවසන් කරලා තියෙනවා. ඊලඟට තමයි භාරදූරම කටයුත්ත තිබිලා තියෙන්නෙ. ඒ තමයි Virtual Shooting. ඒ කියන්නෙ අතත්ය යථාර්ථය තුල සිදුකරන ලද රූගතකිරීම්. මේවට වෙනම Motion capture suits ඇඳගත්තු නලුනිලියන් විසින් මේ සඳහාම නිර්මාණය කල virtual chamber එකක් තුල රඟපාන ලද අතර ඒ ආකාරයට Digital දත්ත විදියට ලබාගත් සියලුම අංගචලන පරිගණකාශ්රිතව නිර්මාණය කරන ලද චරිතවලට එකතුකර ඒවා සජීවීකරණය කර ඉන්පසුව ඒ චරිත සියල්ලම තවත් Virtual World එකක් තුලට එකතුකිරීම සිදුකර තිබෙනවා. මේක මේ වචන කිහිපයකින් විස්තර කලාට ඉතාම ඉහල තාක්ෂණික පහසුකම් අවශ්ය වෙන මහා භාරදූර කටයුත්තක් කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අවශ්ය 3D Models, Concepts, Costumes, Sounds යනාදී සියල්ලම නිර්මාණය කරගනිපු ආකාරය මම පහතින් පිලිවෙලට විස්තර කරන්නම්. ඒ අතර මේ සිනමාපටයට භාවිතාකරපු තාක්ෂණයන්, Software වගේම තාක්ෂණික පහසුකම් මොනවද කියල පොඩි සාරාංශයක් මෙතනින් දාන්නම්. එතකොට දල අදහසක් ඒවී මේ Avatar Project එක මොනතරම් දැවැන්ත එකක් වෙන්න ඇතිද කියලා.
Avatar හි Navi වරුන් ඇතුලු සත්ත්ව හා මනුශ්ය චරිත නිර්මාණය වෙනුවෙන් භාවිතාකරන ලද තාක්ශණයන්
.
?Maya තමයි මේකේ ප්රධානම animation/3D package එක විදියට පාවිච්චි කරලා තියෙන්නෙ.
? Digital sculpting සහ detailing වෙනුවෙන් Mudbox භාවිතා කරලා තියෙනවා
?Lightstage and digital scanning
?Muscle simulation
?Facial animation
?මේවාට අමතරව මේකේ සජීවීකරණය වෙනුවෙන්ම custom-developed tools රාශියක් පාවිච්චි කරලා තියෙනවා
ඊට අමතරව Technical Facts ටිකක්…
? මේ සිනමාපටයේ Total Shot count එක 1,852 සහ ඒවගෙන් 1,818 ක් ම animated shots
? Avatar නිර්මාණ කටයුතු වෙනුවෙන් ආසන්න වශයෙන් 900 ක පමණ සේවක පිරිසක් සහභාගී වෙලා තියෙනවා.
? මේකේ තියෙන සමහර Shots වලට 1,000 කට ආසන්න digital assets පාවිච්චි වෙලා තියෙනවා.
? මේ චිත්රපටිය වෙනුවෙන් විතරක් 1,900 කට ආසන්න digital assets ප්රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. මේ කියන්නෙ හරියටම ගැලපෙන Assets තෝරගන්න කලින් concept විදියට හෝ විකල්ප විදියට නිර්මාණය කරලා අයින් කරපු Assets ප්රමාණය නැතුව තෝරාගනිපු Assets ප්රමාණය විතරක් 1,900 ක්.
? සමහර දැවැන්ත පරිමාණයේ Details ඇතුලත් Shots වලට polygons, 5-50 billion පමණ පාවිච්චි වෙලා තියෙනවා.
? දිනකට ආසන්න වශයෙන් 10TB දත්ත ප්රමාණයක් generate කරලා තියෙනවලු (10TB = 10240 GB)
? Pandora හි එක් එක් ශාක විශේෂයන් වෙනුවෙන් Variations 3,000 කර අධිකව තියෙන Digital Assets 483 ක්, සත්ත්වයින් විශේෂ 68 ක් වෙනුවෙන් assets 21 ක්,යානා සහ වාහන වෙනුවෙන් Assets 25 ක් සහ Navi වරුන් වෙනුවෙන් asset models 53 ක් යනාදී වශයෙන් මෙයාලා නිර්මාණය සඳහා පාවිච්චි කරලා තියෙනවා.
? Avatar හි භූ දර්ශනයන් සහ පරිසර පද්ධති වෙනුවෙන් එකිනෙකට වෙනස් unique environments 90 ක් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව ඒ environments සම්පූර්ණයෙන් නිර්මාණය කරන්න වෙනම කොටස් 1,500 කට අධික ප්රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. ( ඒ කියන්නෙ මේ කොටස් 1500 අඩු වැඩි වශයෙන් පාවිච්චි කරලා තමයි අර වෙනස් environments 90 නිර්මාණය කරලා තියෙන්නෙ)
? ඊට අමතරව මේ සම්පූර්ණ නිර්මාණ කටයුතු වෙනුවෙන් render machines 4,352 ක්, CPU cores 34,816 ක් සහ 104TB ප්රමාණයක RAM යොදාගෙන තියෙනවලු.
දැන් මං හිතන්නෙ දල අදහසක් ඇති මේ නිෂ්පාදන කටයුත්ත මොන තරම් දැවැන්ත එකක් වෙන්න ඇතිද කියලා. අනවශ්ය විදියට post එක දික්වෙන නිසා මම මේ technical terms එහෙම ලොකුවට විස්තර කලේ නෑ. අවශ්ය කෙනෙක්ට ඒ ගැන විස්තර පහසුවෙන්ම අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. කොහොම නමුත් නිෂ්පාදන කටයුතූ හා හපුරා කියලා පටන් ගනිපු මුල් කාලයෙදි ඉදන් වසරක් ගතවෙනකන්ම මෙයාලට Frames 11 ක් විතරයි render කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. නමුත් අනිකුත් රූගතකිරීම් මේ Virtual World එකේ නිර්මාණ කටයුතුත් එක්ක සමාන්තරව සිද්ධ වෙද්දි ටිකෙන් ටික ලැබුනු පුහුණුවත් එක්කම පස්සෙ අවසාන කාලයෙදි මෙයාලට දවසකට frames 200 ක් නිර්මාණය කල හැකිවීමේ මට්ටම දක්වාම ඇවිත් තියෙනවා. මේ frame එකක් නිර්මාණය කිරීම මොනතරම් බරසාර වැඩක්ද කිව්වොත් එක frame එකක් render වෙන්න Average එකක් වශයෙන් ගත්තොත් පැය 47 ක් ගතවෙලා තියෙනවා. කොහොමද වැඩේ. ඉතින් ඔන්න ඔය විදියට දැවැන්ත තාක්ෂණික සහයක් එක්ක මෙයාලා 2009 වසරෙ අවසාන භාගය වෙද්දි සියලුම පසු නිෂ්පාදන කටයුතුත් අවසාන කරලා 2009 දෙසැම්බර් 18 වෙනි දිනයේදි ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කරනවා. ඊටපස්සෙ Avatar ලෝක සිනමාවේ තියපු වාර්තා ගැන මං අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ..?❤️
ඉතින් ඔන්න ඔහොම තමයි Avatar නිර්මාණය උනේ. දැන් හිතනවද post එක ඉවරයි කියලා. අපෝ නෑ. මොකද මේ සිනමාපටය ගැන තව බොහෝ දේවල් විස්තර කරන්න තියෙනවා. හරියටම කිව්වොත් ඔන්න දැන් තමයි post එකේ හොඳම ටික පටන් ගන්නෙ. හැබැයි ඉතින් මේ දක්වා post එක සෑහෙන දිග එකක් උන නිසා මම හිතුවා මේක කොටස් දෙකක් විදියට දෙන්න. ඒ නිසා ඊලඟ කොටසෙදි මේ සිනමාපටයේ එක් එක් අංශයන් නිර්මාණය උන ආකාරය ගැන වෙන වෙනම විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරට මෙහි Pandora, එහි සත්ත්ව ප්රජාව සහ Navi වරුන් ගැන concepts නිර්මාණය කලේ කොහොමද, රූගතකිරීම් කලේ මොන ආකාරයෙන්ද, costumes, Visual effects විදියට CGI, Motion capture,3D models, Simulations, Virtual cameras ගැන වගේම music score එක ගැනත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ කොටසත් ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙනම් සිනමාලෝලී සියලු දෙනාටම ජයවේවා !!
PRG…

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *