Avatar Film series 02 | Sinhala Article

Avatar Film Series 02

හෙනම් මම කිව්වා වගේම Avatar සිනමාපටය නිර්මාණය උනේ කොහොමද කියලා විස්තර කරන ලිපියේ දෙවෙනි කොටස අරගෙන තමයි ආවෙ. කලින් කොටසෙදි මම කතාකලේ Avatar සිනමාපටය නිර්මාණය කරන්න මූලික සංකල්පය ආවෙ කොහොමද, කොයි කාලෙද ඊලඟට මේක ඇත්තටම නිර්මාණය කිරීම ආරම්භ උනේ මොන කාලයෙද, රූගතකිරීම් උනේ කොහොමද සහ අවසානයට සිනමාපටයේ තාක්ෂණික පසුබිම ගැනයි. හැබැයි ඒ සිනමාපටය ගැන කෙටි පිරික්සුමක් විතරයි. කිව්වත් වගේ මේක එහෙම කෙටියෙන් කතාකරලා අවසන් කරන්න පුලුවන් සිනමා නිර්මාණයක් නම් නෙමෙයි. ඉතින් අපි දැන් තාක්ෂණික විස්තර ගැන දල වශයෙන් කිව්ව නිසා ඊලඟට මම හිතුවා මේ සිනමාපටයේ එක් එක් අංශයන් නිර්මාණය උන ආකාරය ගැන වෙන වෙනම විස්තර කරන්න. ඒ අනුව මම මෙහි Pandora, එහි සත්ත්ව ප්රජාව සහ Navi වරුන් ගැන concepts නිර්මාණය කලේ කොහොමද, රූගතකිරීම් කලේ මොන ආකාරයෙන්ද, costumes, Visual effects විදියට CGI, Motion capture,3D models, Simulations, Virtual cameras ගැන වගේම music score එක ගැනත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. මේක කියවන්න කලින් පලමුවෙනි කොටස කියවලා නැත්නම් ඒකත් කියවලා එන්න..

Avatar - Behind The Scenes (B-Rolls) - YouTubeඇත්තම කිව්වොත් දැන් තමයි මේ සටහනේ රසවත්ම කොටස තියෙන්නෙ. ඒක නිසා තරමක් දිග සටහනක් උනත් හැමෝම මේක අවසානය දක්වාම ආසාවෙන් කියවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි එකින් එක බලමු මොනවද Avatar සිනමාපටය අනිත් සිනමා නිර්මාණවලින් වෙනස් වෙන අවස්ථාවන් කියලා..
එහෙනම් මුලින්ම කතාකරමු කොහොමද මෙයාලා Avatar සිනමාපටයට පාදක උන Pandora නම් චන්ද්රයාගේ පවතින පරිසර පද්ධති, සත්ත්වයින්, Navi වැනි ගෝත්රික ජන කොටස් සහ ඔවුන්ගේ භාෂා, ගෝත්රික පුදසිරිත් නිර්මාණය කලේ කියලා. මම කලින් කිව්වා වගේ මේකේ මූලික සංකල්පය අධ්යක්ෂක James Cameron ගේ උනාට එයා යටතේ වෙනමම පිරිසක් මේ සම්පූර්ණ Pandora ග්රහලෝකය සහ එහි ජීවී අජීවී සියලුම දේවල ස්වභාවය මොනවගේ වෙන්න ඕනද කියලා concepts හිතලා නිර්මාණය කරන්න කටයුතු කලා. ඊට අමතරව වෙනම ඉංජිනේරු තාක්ෂණය ගැන දැනුමක් තියෙන පිරිසක් ඉදලා තියෙනව අර මං මුලින් සඳහන් කරපු පිරිස හිතලා නිර්මාණය කරන සංකල්ප සැබෑ ලෝකයට ගෙන ඒමෙදි මොනතරම් ප්රායෝගික ද කියලා තක්සේරු කරන්න. ඒ අනුව මේ සිනමාපටයේ දකින්න ලැබෙන සෑම උපකරණයක්ම, ආයුධයක්ම පාහේ නිකන් පෙනුමට තියෙන ඒවට වඩා සැබෑවටම ප්රායෝගිකව නිර්මාණය කරලා භාවිතා කරන්න හැකියාවක් තියෙන මට්ටමේ ඒවා කියලා Cameron විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඊලඟට Pandora හි භූ දර්ශනයන් කියන්නෙ සිනමාපටය බලපු අපිටනම් අමතක කරන්නම බැරි දෙයක් නෙ. පලවෙනි වතාවට සිනමාපටය බලපු ඕනකෙනෙක් පුදුමයෙන් පුදුමයට පත්කරන්න සමත් උන ඉතාමත් සුන්දර භූමි දර්ශනයන් Avatar සිනමාපටයෙදි දකින්න ලැබුනා. නමුත් ඉතින් පුදුමයට කරුණ තමයි මේ සියල්ලම අපි ජීවත් වෙන මහපොලවෙත් තිබෙන ස්වභාවික ස්ථාන පාදක කරගෙන නිර්මාණය කර තිබීම. ඒ වෙනුවෙන් චීනයේ Guilin, Zhangjiajie, Anhi කඳුවැටි සහ වෙනිසියුලාවේ Angel දියඇල්ල සහ ඒ ආශ්රිත වනාන්තරවල භූ දර්ශන යොදාගෙන තියෙනවා. ඊට අමතරව දකින්න ලැබුන දැවැන්ත පාවෙන දූපත් ගැන අදහස අරගෙන තියෙන්නෙ ඉංග්රීසි කලාකරුවෙකු උන Roger Dina විසින් Yes, Uriah Heep සහ Asia වගේ rock album වෙනුවෙන් සිදුකල designs ආශ්රයෙනුයි. ඊලඟට Pandora හි සත්ත්ව ප්රජාව නිර්මාණය කිරීමේදි ඔවුන් සියලු දෙනාටම පාද සයක් තිබිය යුතු බවට Cameron මූලික නීතියක් විදියට කියලා තියෙනවා. ඉන්පස්සෙ මේ සියලුම සත්ත්වයින් සඳහා පාදක කරගෙන තියෙන්නෙත් අපිට මහපොලොවෙ දකින්නට ලැබෙන සුපුරුදු සත්ත්වයින්ම තමයි. ඒ අතරට Panther, රාජාලියා, රයිනෝ, අශ්වයින් මෙන්ම වල් බල්ලන්ද යොදාගෙන තියෙනවා. අපි රැහැන් පටක් යොදාගෙන අශ්වයින්ව අපිට උවමනා ආකාරයට මෙල්ල කරගන්න ආකාරයටම එය පරිණාමයේම කොටසක් බවට පත්කර Navi වරුන්ද ඔවුන්ගේ ශරීරයේ කොටසක් මගින් සතුන් හා සම්බන්ධ වී ඔවුන්ව තමන්ට අවශ්ය ආකාරයට පාලනය කරගන්නා ආකාරය නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව Pandora හි සියලුම ජීවී විශේෂවල (ශාක සහ සත්ත්ව) දකින්නට ලැබෙන දීප්තිමත් වර්ණ යනාදිය පිලිබඳ අදහස අරගෙන තියෙන්නෙ tropical reef fish වැනි මත්ස්යයින්ගෙන් සහ දීප්තිමත් වර්ණවලින් යුක්ත ගස් ගෙම්බන්ගෙන්. ඊලඟට Navi ජනයා නිල්පාට උනේ කොහොමද කිව්වොත් මෙතනදි James Cameron ට උවමනා වෙලා තියෙනවා මනුශ්ය ස්වභාවයෙන් යුක්ත උනත් වර්ණයෙන්, ශරීරාංග වලින් මිනිසුන්ට වඩා වෙනස් ජීවීන් විශේෂයක් නිර්මාණය කරන්න. අන්න ඒ නිසා මූලික මිනිස් හමේ පාටවල් වලට සම්පූර්ණයෙන් වෙනස් විදියට නිල්පාට යොදාගන්න තීරණය කලා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ. නමුත් මේ තීරණයට තව හේතු බලපාලා තියෙනවා. මේ සිනමාපටයට අවශ්ය සංකල්පයන් ගොඩනගද්දි හින්දු දේවාභාශයන් පවා යොදාගත්තා කියලා මම කිව්වනෙ. අන්න ඒ හින්දු දේව සභාවෙ ඉන්න අපේ බෞද්ධ ආගමත් එක්කත් තරමක සම්බන්ධයක් තිබෙන ප්රධාන දෙවියෙක් වන විෂ්ණු දෙවියන්ගේ නිල්පැහැ ශරීරය ආශ්රයෙන් මේ Navi වරුන්ගේ පැහැය තීරණය කලා කියලා වගේම James Cameron ගේ මවට හදිසියේම දකින්න ලැබුන සිහිනයක සිටි අඩි දොලහක් පමණ උසැති නිල්පැහැ පිටසක්වල ජීවී කාන්තාවකගේ දර්ශනයක් හේතුවෙන් මේ ආකාරයට නිල්පැහැය තෝරාගත්ත බවත් කියනවා. කොහොම උනත් James Cameron කියන්නෙ හීන වලින් පෙනුන දේවල් නිසා ලෝකෙම පුදුම උන නිර්මාණ කල කෙනෙක් කියලා මම කලින්ම කිව්වනෙ. ඒ නිසා මේ ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ. දැන් මේ විදියට වර්ණය තෝරගත්තට පසුව මෙයාලට මූණපාන්න උන ඊලඟ අභියෝගය තමයි මේ ජීවීන්ගේ ස්වරූපය තෝරාගැනීම. ඒ වෙනුවෙන් විවිධාකාර සත්ත්ව විශේෂවල මූලික ලක්ශණයන් මිනිස් හැඩරුවක් හා මිශ්ර කරමින් එකිනෙකට වෙනස් Navi Models 50 ක් පමණ මෙයාලා නිර්මාණය කරලා තියෙනවා. ඒ ඔක්කොම සලකා බලලා අවසානයෙදි තෝරාගෙන තියෙන්නෙ බිලාල පවුලේ සත්ත්වයින්ගේ හැඩරුව ගත් model එකයි. ඔන්න ඔහොමයි Navi වරුන්ට බිලාල පෙනුමක් ලැබුනේ.. ඊලඟට James Cameron තමන්ගේ පිරිස එක්ක එකතුවෙලා ලෝකයේ සිටින විවිධාකාර ගෝත්රික පිරිස්වල පුද සිරිත් වලින් ආභාශ අරගෙන Navi වරුන්ට වෙනම සංස්ක්ෘතියක් නිර්මාණය කල අතර ඊට අමතරව වචන දහසකට වැඩි ගණනකින් යුක්ත නවතම භාෂාවක්ද නිර්මාණය කර තිබෙනවා. මේ භාෂාව නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන තියෙන්නෙ ප්රවීණ භාෂාවේදියෙක් උන Paul Frommer. ඔන්න ඔය වගේ පිටසක්වල ගෝත්රික ජනාවාසයක් තුල තිබියයුතු සියලුම සාධක හොඳින් සලකා බලලා මේ Navi වරුන්ව නිර්මාණය කල නිසාම වෙන්න ඕන අපිටත් ඔවුන්ව නිකන්ම සිනමාපටයක චරිත ලෙස දැනෙන්නෙ නැතුව බොහොම තාත්වික ආකාරයෙන් ඔවුන් ගැන දැනුනෙ.. ඒක ඉතින් James Cameron ගේ ඉවසිලිවන්ත පරිකල්පනයේ දක්ශතාවයම තමයි..
New Movies, Movie Trailers, DVD, TV & Video Game News !!: Avatar 2 Announces End of 2019 Filming With BTS Photo!ඊලඟට අපි කතාකරමු මේ වෙනුවෙන් දර්ශනතල නිර්මාණය උනේ කොහොමද කියලා. මම කිව්වා වගේ මාස හයක් මෙයාලා virtual shooting නැතුව දර්ශනතල වල රූගතකිරීම් කරානේ. ඒ වෙනුවෙන් අවශ්ය රංග වස්තු(Props) සහ costumes ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නෙ නවසීලන්තයේ Weta Workshop තුලයි. ඉන්පස්සෙ වර්ග මීටර් 3700 ක ප්රදේශයක් පුරාවට මෙයාලා වෙනම පසුතලයන් නිර්මාණය කරලා තියෙනවා. අපි චිත්රපටියෙදි දැකපු නවත්වලා තිබුන දැවැන්ත යානා වගේම hellish gates ( අර මිනිස්සු ඉදපු ආරක්ෂිත බංකර් වගේ ඒවා ) මේ නිර්මාණය කල පසුතලයන්ට ඇතුලත් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් වර්ග මීටර දහසක ප්රදේශයක් පුරාවට වැසි වනාන්තරයක් ආකාරයේ පසුතලයක් නිර්මාණය කරලා. ඊට අමතරව Miniatures පවා මේ රූගතකිරීම් වලට පාවිච්චි කරලා තියෙනවා. මේ ඔක්කොම පසුතලයන් නියමාකාරයෙන් නිර්මාණය කරලා අවසන් කරන්න මෙයාලට මාස තුනක පමණ කාලයක් ගතවෙලා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි පසුතල නිර්මාණයන් ගැන කියන්න තියෙන්නෙ.
ඊලඟට අපි බලමු ඕනම සිනමාපටයක ප්රධානම අංගයක් වන costumes ගැන. කට්ටිය හිතනවා ඇති නේද Navi වරුන්ගේ චරිතත් Animated විදියට හදපු එකේ එයාලගේ ඇඳුම් පැලඳුමුත් සජීවීකරණය කරලම හදන්න ඇති කියලා. ඔව් ඒවත් Animated ඒවා තමයි. නමුත් කට්ටිය නොදන්න දේ තමයි මේ සියලුම costumes, Animate කරන්න කලින් ඇත්තටම සජීවී විදියට නිර්මාණය කරපුවා. මේ වෙනුවෙන් මූලිකවෙලා වැඩකරලා තියෙන්නෙ කලින් වතාවෙ Titanic චිත්රපටියේ ඇඳුම් නිර්මාණය වෙනුවෙනුත් ඔස්කාර් සම්මානය දිනාගනිපු Deborah Lynn Scott විසිනුයි. ඇය මේ ඇඳුම් නිර්මාණයේදි මූලිකවම ආභාශය අරගෙන තියෙන්නෙ ඇමෙරිකානු ස්වදේශික රතු ඉන්දියානුවන් වගේම ඕස්ට්රේලියාව, පැපුවා නිව්ගිනියාව ආශ්රිත ස්වදේශික ජනයාගේ ඇඳුම් පැලදුම් පිලිබඳ අධ්යයනය කිරීමෙනුයි. ආරම්භයේදි මේ කලාපවල ඇඳුම් පිලිබඳ හොඳ දැනීමක් තිබෙන ඇඳුම් නිර්මාණකරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන් ගේ සහයෙන් ස්වදේශික ඇඳුම් ආයිත්තම් වල විවිධාකාර කොටස් 1000 ක් පමණ අතින්ම නිර්මාණය කරලා තියෙනවා. ඉන්පසුව සජීවීකරණ ශිල්පීන් විසින් මේ සෑම එකක්ම ඒවායෙ details සියල්ලම සමග ඒවා සජීවීකරණයට ලක්කරලා පරිගණකාශ්රිතව Digital Assets විදියට ගබඩා කරගෙන තමයි පසුව නිර්මාණ කටයුතු වෙනුවෙන් භාවිතා කරලා තියෙන්නෙ. මේවා සියල්ලක්ම මුලදි අතින්ම නිර්මාණය කර තත්ත්වය පරික්ෂා කර තිබීම නිසා ඒවා මම කලින් කියපු උපකරණ ආයුධ වගේම ප්රායෝගික භාවිතයට සුදුසු ආකාරයේ costumes බව තහවුරු කරලා තමයි Animated කිරීම සිදුකරලා තියෙන්නෙ. මේ සියල්ලමත් නිර්මාණය කරලා තියෙන්නෙ නවසීලන්තයේ Weta Digital Workshop තුලදිම තමයි.
The Best Cinematography – The Many Looks Of Avatar | Student Resourcesඊලඟට මම කතාකරන්න යන්නෙ මේ සිනමාපටයේ හදවත විදියට උනත් සලකන්න පුලුවන් Visual, Special Effects ගැනයි. මේ සිනමාපටයට භාවිතාකල ඒ කාලවකවානුවේ දියුණුම තාක්ෂණය සහ එය නිර්මාණශීලී ආකාරයෙන් වගේම ඉහලම තත්ත්වයෙන් යුක්තව යොදාගැනීම නිසා Avatar කියන්නෙ ත්රිමාණ සජීවීකරණ තාක්ෂණයේ නවමු හැරවුම් ලක්ෂය සිදුකල සිනමාපටය කියලා හැඳින්වුවත් වැරැද්දක් නෑ. 1994 වගේ කාලයකදි Jurassic Park මගින් වසර මිලියන සිය ගණනාවකට පෙර වඳවූ ප්රාග් ඓතිහාසික ඩයිනසෝරයන් ප්රථම වතාවට සිනමා තිරය මත අපූරුවට ජීවමාන කර සිදුකර වෙනස හා සමාන වෙනසක්, බලපෑමක් Avatar මගින් සමස්ථ ලෝකයක්ම ත්රිමාණ සජීවීකරණ තාක්ෂණයෙන් තාත්විකත්වයේ මුදුන් පෙතටම රැගෙන ගොස් නිර්මාණය කරමින් ඇති කරනු ලැබුවා. ඒ නිසා Avatar සිනමාපටයේ භාවිතාකල සජීවීකරණ තාක්ෂණයන් ගැන කතා නොකර මේ සිනමාපටය ගැන කතාකරනවා කියන්නෙ කරන්න බැරි වැඩක්. ඒ නිසා අපි මේ ගැනත් සවිස්තරාත්මකව විස්තර කරන්නයි මේ උත්සාහ කරන්නෙ. එහෙනම් අපි කොටසින් කොටස බලමු.
මම ඉහත කිව්වා වගේම Avatar අධ්යක්ෂක James Cameron මේ සිනමාපටය නිර්මාණය කිරීමේ මූලිකම අරමුණ උනේ පවතින ත්රිමාණ සජීවීකරණ සහ දෘශ්ය ප්රයෝගයන්හි සීමාවන් තවතවත් පුලුල් කර තාක්ෂණික භාවිතාවෙන් ඒ යුගයට ඉදිරියෙන් පවතින නිර්මාණයක් කිරීමයි. ඔහු 1995 වගේ කාලයක පටන් සිතේ පැවතුන ඒ අපූරු අදහස යම් මොහොතක වෙනත් අයෙක්ටද සිතේ පහලවී නිර්මාණය කරයිදෝ කියන අවදානමත් ඇතුව උනත් කල් මරමින් සුදුසු මොහොත එනතෙක් දස වසරක් බලාසිටි නිසාවෙන් අවසානයේ ඒ වෙනුවෙන් අවශ්ය දියුණුම තාක්ෂණය සහ සම්පත් ලබාගැනීමට ඔහු කටයුතු කලා. ඒ නිසාම තමන් යොදාගත් තාක්ෂණය ගැන ඔහුම මේ විදියට පවසලා තියෙනවා,
“exclusively high-tech in terms of production of the film”
ඉතින් මේ කියපු කතාව මොනතරම් ඇත්තක් ද කියලා Avatar සිනමාපටය තිරගත වෙලා වසර 12 ක් පමණ ගතවෙන මේ කාලෙ වෙද්දිත් Avatar හා සමවන්නට හෝ හැකි සිනමා නිර්මාණ ඉතාම අතලොස්සක් පමණක් නිර්මාණය වී තිබීමෙන්ම අපූරුවට පෙනෙන්නට තිබෙනවා. ඉතින් අපි එහෙනම් මුලින්ම බලමු මේ වෙනුවෙන් භාවිතාකල Computer Graphics තාක්ෂණය මොනවගේ පුලුල් එකක්ද කියලා.
Digital Animation
Avatar': The Game Changer | Animation World NetworkAvatar සිනමාපටය ගත්තම ඒක සමස්ථයක් වශයෙන් 30%ක් අපට දකින්නට ලැබෙන්නෙ සැබෑම දර්ශන ලු. ඉතිරි 70% photorealistic images එහෙමත් නැත්නම් පරිගණකාශ්රිතව නිර්මාණය කල තත්යාසන්න දර්ශන. මේ Digital Animation නිර්මාණ කටයුතුවල මූලිකත්වය අරගෙන තිබුනේ Peter Jackson විසින් ආරම්භ කරන ලද Weta Digital ආයතනය උනත් එයට අමතරව තවත් මේ ක්ශේත්රයේ ප්රමුඛ පෙලේ නිර්මාණ ආයතන උන Framestore, Hybrid, ILM වැනි ආයතන ද මෙයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් Weta Digital හි ඉතා විශාල සේවක පිරිසක් මින් පෙර සිදු නොකල ආකාරයට මේ සිනමාපටයේ අපිට දකින්න ලැබෙන සෑම frame එකක්ම detail අතින් ගත්තම 100%ක් තාත්විකව ( මේක ගැන කොච්චර සැලකිලිමත් වෙලා තියෙනවද කිව්වොත් අපි මේකේ වනාන්තර කොටසක් ගත්තොත් ඒකේ තිබෙන සෑම ගහක්, ගලක් වගේම ගහක තිබෙන සෑම කොලයක්ම පවා එකින් එක වෙන වෙනම ත්රිමාණ සජීවීකරණයේ ඉහලම තාක්ෂණය යොදාගෙන Animate කරන්න මෙයාලා වගබලාගෙන තියෙනවා) මේ විදියට frame එකේ පේන ඉතාම කුඩාම කොටසක් පවා විශාල details ප්රමාණයක් ඇතුලත් කර නිර්මාණය කල නිසාවෙන් මෙයාලට මුල් frames 11 ක් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා render කර අවසන් කරගන්න වසරකට ආසන්න කාලයක් ගතවෙලා. ඒවගේම මේ කටයුතු වෙනුවෙන් දිනකට 10 TB ට ආසන්න දත්ත ප්රමාණයක් generate කරලා තියෙනවා. මුලදි කුඩාම කොටස් පවා වෙන වෙනම නිර්මාණය කිරීමට සිද්ධවීම නිසා සහ සෑම කෙනෙක්ටම මේක අලුත්ම අත්දැකීමක් වීම නිසා මේ වගේ තරමක විශාල කාලයක් ගත උනත් පසුව ක්රමක්රමයෙන් මේ ක්රියාවලිය වේගවත් කරගෙන මම කලින් කිව්වා වගේම දිනකට frames 200 මට්ටමකට ඇවිත් තියෙනවා. ඉතින් කොහොමහරි මේක මොනතරම් දැවැන්ත වැඩක් උනාද කිව්වොත් අනවශ්ය කොටස් ඉවත් කරලා සම්පූර්ණ සිනමාපටය වෙනුවෙන් භාවිතා කල දත්ත ප්රමාණය බැලුවම ඒක 1 PB එහෙමත් නැත්නම් පෙටාබයිට් 1 (1024 TB) ක් වෙලා තියෙනවා. කොහොමද නේ..??
Motion Capture
Avatar' Sequels Will Use Motion Capture Underwaterමේ සිනමාපටය වෙනුවෙන් මේතරම් කාලයක් බලාසිටීමට මූලිකම හේතුවක් වෙලා තියෙන්නෙ මෙන්න මේ motion capture තාක්ෂණයයි. 1995 වගේ කාලයකදි මේ තාක්ෂණයේ භාවිතය බොහෝ පහල මට්ටමක තිබුනත් 21 වන සියවස ආරම්භයේදි තිරගත උන තවත් ආශ්චර්යවත් සිනමාපටයක් උන Lord of the Rings හි Gollum චරිතය තත්යාසන්නව motion capture තාක්ෂණය මගින් නිර්මාණය කරඇති ආකාරය දකින cameron තමාට අවශ්ය මට්ටමේ දියුණුවක් motion capture තාක්ෂණය ලබාගෙන තිබෙන බව වටහාගන්නවා. එයින් පසුව තමන් ප්රතිනිර්මාණය කරන ලෝකයේ රංගනයේ යෙදෙන චරිතවල මූලික අංග චලනයන්ට අමතරව මුහුණුවල ඇතිවෙන සියුම් චලනයන් පවා ග්රහණය කරගත හැකි ආකාරයේ තාක්ෂණික උපාංග තම නිර්මාණය වෙනුවෙන් පාවිච්චි කිරීමට ඔහු කටයුතු කරනු ලබනවා. මේකෙදි ඒ වනතෙක් motion Capture තාක්ෂණයේ ඇතිවෙලා තිබුන බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගනිමින් මොවුන් රූගතකිරීම් සිදුකරනවා. සිනමාපටයේ රංගනයේ යෙදෙන ශිල්පීන් වෙනමම තනන ලද කුටි තුල ඔවුන්ගේ සියලුම චලනයන් ග්රහණය කරගතහැකි සංවේදක සහිත ඇඳුම් ඇඳ රූගතකිරීම් වෙනුවෙන් සහභාගී උනත් ඔවුන් අදාල අවස්ථාවල රංගනයේ යෙදෙන්නෙ මොනවගේ පරිසරයකද කියා අත්දැකීමක් ලබාගැනීමට ඔවුන්ව හවායි ආශ්රිත වනාන්තර වෙත රැගෙනගොස් පුහුණුවීම්ද සිදුකර තිබෙනවා. ඒවගේම මොවුන්ව වෙනම තනන ලද කුඩා ආකෘති හෙවත් miniature තුල සිට ( ඇතැම් අවස්ථාවල එල්ලී සිට ) රූගතකිරීම් සිදුකර ඇති අතර පසුව එම miniatures ඩිජිටල් තාක්ෂණය මගින් ගුවන් යානා, හෙලිකොප්ටර් සහ Pandora හි දකින්නට ලැබෙන පාවෙන ගල් කුලු බවට පරිවර්තනය ( replace) කිරීම සිදුකර තිබෙනවා. ඊට අමතරව Avatar වෙනුවෙන්ම මුලින්ම යොදාගනිපු Motion Capture වලම දියුණු තාක්ෂණයක් තමයි Performance capture කියන්නෙ. මේ තාක්ෂණයෙන් රංගන ශිල්පීන්ගේ අත් පා චලනයන්ට අමතරව ඔවුන්ගේ මුහුණුවල ඉතාම සියුම් චලනයන් පවා හිසේ පලදින හෙල්මටයක් මගින් අධිවේගීව ග්රහණය කරගන්නා අතර අධ්යක්ෂකවරයා වූ James Cameron ට තමා රූගත කරන කැමරාව තුලින්ම ඔහු ඉදිරියේ සිටින රංගන ශිල්පීන්ව ඔවුන්ගේ පරිගණකගත රූපයන්ගෙන්ම දැකබලාගන්නට ලැබෙනවා. ඒ කියන්නෙ මේකෙන් motion capture ඇඳුම් ඇඳන් සිටින රංගන ශිල්පීන්ව කැමරාව තුලින් ඔවුන්ගේ චලනයන් එක්කම Navi වරුන් ආකාරයෙන් දැකබලාගන්න (මේක real time process එකක් ) හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයක් භාවිතාකල නිසාම සාමාන්ය රූගතකිරීමක් කරන ආකාරයටම ඉතාම තාත්ත්වික facial expressions සමග තමන්ගේ සජීවීකරණය කරන ලද චරිත සැබෑ චරිත ආකාරයටම දැනෙන සේ ප්රේක්ෂකයාට සමීප කරන්න James Cameron ට හැකියාව ලැබුනා.
New Technology in AVATAR - Performance Capture, Fusion Camera System, and Simul-Cam - Avatar Blogමීට අමතරව මේ වෙනුවෙන් භාවිතා කරපු motion capture හිම තවත් දියුණු භාවිතාවන් දෙකක් තමයි Simul-Cam සහ Virtual camera කියන්නෙ. මේකෙදි වෙන්නෙ මම කලින් කියපු motion capture sensors වලින් ලබාගන්න දත්ත වලින් real time process වෙලා virtual characters විදියට පෙනෙද්දිම ඔවුන් අවට background එකත් ඒ characters සමගම එකතුකර දර්ශනය කිරීම. ඒ කියන්නෙ මේකෙදි අධ්යක්ෂකවරයට පුලුවන් තමන්ගේ චරිත Pandora හි visual world එක තුල හැසිරෙන ආකාරය ඒ මොහොතෙම බලාගෙන ඒ ඒ scenes රූගතකිරීම් කරන්න. මේක ඉතාම ඉහල කාර්යක්ශමතාවකින් සිදුවෙන්න ඕන දෙයක් නිසාම මේ වෙනුවෙන් ඉතාම ඉහල හැකියාවකින් යුක්ත බලසම්පන්න super computers පාවිච්චි කරන්න සිදුවෙලා තියෙනවා. මොකද සාමාන්ය පරිගණකවලින් මේ ත්රිමාන සජීවීකරණයන්ට අවශ්ය ගණනය කිරීම් ක්ශණිකව කරලා real time process එකක් විදියට දර්ශනය කිරීම කරන්න තියා හිතන්න වත් බැරි වැඩක්. ඉතින් මේ තාක්ෂණය නිසා තමන්ගේ චරිත visual world එකත් එක්ක සංකලනය වෙන්නෙ කොහොමද, ඒ චරිත රූගත කරන්න ඕන මොන camera angle වලින්ද කියලා ඒ අවස්ථාවෙදිම බලාගෙන ඒ අනුව ඉක්මනින්ම කැමරා කෝණ වෙනස් කරමින් චරිත අවශ්ය ආකාරයට හසුරුවමින් රූගතකිරීම් කරන්න බොහෝ පහසුවෙලා තියෙනවා.
තවදුරටත් මේ වෙනුවෙන් Stereoscopic 3D Fusion Camera System නම් දියුණු කැමරා පද්ධතියක් භාවිතාකරලා තියෙනවා. මේක මෙතක් නිර්මාණය කරන ලද දියුණුම කැමරා පද්ධතියක් විදියට සැලකෙනවා. මේක Cameron මුල් වතාවට පාවිච්චි කරලා තියෙන්නෙ නම් Avatar වෙනුවෙන් නෙමෙයි. ඒ 2003 වසරෙදි තිරගත උන Ghosts of the Abyss නම් සිනමාපටය සඳහායි. ඉතින් මේක විශේෂයෙන්ම පාවිච්චි කරලා තියෙන්නෙ සජීවී ක්රියාදාම ජවනිකා(Live action) සහ පරිගණකාශ්රිතව සකසන ලද දර්ශණ හොඳින් සංකලනය කරමින් රූගත කරගැනීමටයි. ඒ වෙනුවෙන් අවශ්ය දියුණු තාක්ෂණික පහසුකම් මේ කැමරා පද්ධතිය සතුව තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විස්තරයක් තමයි Avatar සිනමාපටය නිර්මාණය කිරීමේදි යොදාගනිපු දියුණු තාක්ෂණයන් ගැන කියන්න තියෙන්නෙ. අපි එහෙනම් ඊලඟට යමු මේ සිනමාපටයේ තවත් සුවිශේෂී අංගයක් වෙන සංගීත නිර්මාණය ගැන කතාකරන්න.
Horner in 2010
James Horner

මෙහි සංගීත නිර්මාණය බාරව කටයුතු කලේ Titanic සිනමාපටයේද සංගීත නිර්මාණය භාරව කටයුතු කර ඒ වෙනුවෙන් ඔස්කාර් සම්මාන ද්විද්වයක් ද ලබාගෙන සිටි දක්ෂ Composer කෙනෙක් උන James Horner. ඉතින් තාක්ෂණිකව නිර්මාණය වෙන මේ visual world එක සහ එහි චරිතවලට සහ සිදුවීම් වලට කලාත්මක රසයක් ලබාදෙන්න, ඒ අවස්ථාවන් වඩාත් තිව්ෘර ව ප්රේක්ෂකයාට දනවන්නට අවශ්ය කරන වැදගත්ම අංගයක් වෙන සංගීතය නිර්මාණය කිරීමේ, original score එක නිර්මාණය කිරීමේ භාරදූර වගකීම Horner බාරගත්තා විතරක් නෙමෙයි ඉතාම සාර්ථකව ඒක ඉටුකරනු ලැබුවා. මේ වෙනුවෙන් පෙරදී තමන් සිදු නොකල දේවල පවා අත්හදා බලන්නට ඔහුට සිදු උනා. ඇතැම් අවස්ථාවන් වලදි ඔහුට අවශ්ය හඬ ලබාගැනීම වෙනුවෙන්ම අලුත් සංගීත භාණ්ඩ පවා මුල සිටම නිර්මාණය කරන්න James Horner කටයුතු කරලා තියෙනවා. ඔහු වතාවක් LA Times සමග සිදුකල interview එකකදි ඒ ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා.

 

“There were a lot of vocal sounds I took from various places. These were odd vocal sounds that I would manipulate digitally and there were interesting flutes, for instance, from South America and Finland that I wanted to be more abstract. I also have instruments invented from scratch. They were programmed. There were a lot of instruments that sound like flutes of different sorts, but they were combined with gamelan-sounding instruments … It’s a very pretty fusion of different worlds that gives the place itself a quality that is magical. Using it for percussion, rather than drums or other things, gives a sort of magical glow to everything. And as I said there were a lot of instruments that I invented and worked on with my programs. I was very particular.”
ඉතින් මේ කියපු දෙයින්ම හිතාගන්න පුලුවන් නේ මොහු මේ වෙනුවෙන් මොනවගේ මහන්සියක් අරගෙන තමන් බාරගනිපු වැඩේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරලද කියලා. ඉතින් ඒ මහන්සිය නිසාම Avatar හි සංගීතය පැත්තෙනුත් ඒකට හොඳ වටිනාකමක් ලැබුනා කියලා අනිවාර්යෙන්ම කියන්න පුලුවන්.
එහෙනම් මේ තමයි Avatar නිර්මාණය පිලිබදව සවිස්තරාත්මක සටහනේ අවසානය, කොහොම නමුත් 1995 වගේ කාලයක හිතේ පැලපදියම් උන අදහසක් ඊට වසර 14 ක ඇවෑමෙන් 2009 වසරෙදි ලෝකයේම ප්රේක්ෂකයා වෙත පිරිනමන තාක් කල් අධ්යක්ෂවරයා උන James Cameron ඉතාම ඉවසිලිවන්ත දිගු ගමනක් පැමිණ තිබුනා. ඔහුට අවශ්ය උනේ තමන්ගේ හිතේ තිබුන සිහිනය ඒ ආකාරයෙන්ම ලෝකය හමුවේ තැබීම පමණයි. ඒ වෙනුවෙන් වසර ගණනාවක්ම ඉවසා අවසානයේ එය මුදුන්පත් කරගෙන ලෝකයේම සිනමා තාක්ෂණයේ හැරවුම් ලක්ෂයක් බදු විස්මයජනක සිනමා නිර්මාණයක් ලෝකයා හමුවේ තබද්දි ඒ හා සමාන්තරවම හොලිවුඩයේ Box office වාර්තාවන් උඩුයටිකුරු කර වාර්තා රාශියක්ද තමාගේ නම ඉදිරියේ ලියාගන්නට Avatar සිනමාපටයද සමත් උනා. එවකට ඉහලම තාක්ෂණය මේ වෙනුවෙන් භාවිතා උන නිසාම එම කාලය වනවිට ඉහලම නිෂ්පාදන පිරිවැයක් දරන ලද සිනමාපටය වූයේද මෙයයි. ඒ ඩොලර් මිලියන 237 ක පිරිවැයක් දරමින්. කොහොම නමුත් මේ දැවැන්ත පිරිවැය නිසාම මුලදි R rated වර්ගීකරණය යටතේ නිර්මාණය කර බෙදාහරින්නට සිතා සිටි Cameron ට පිටපත තරමක් වෙනස් කර PG-13 යටතේ නිර්මාණය කරන්නට සිදුව තිබුනා. ඒ R rated උවහොත් පැහැදිලි වශයෙන්ම සිනමාපටය නරඹන පිරිස සීමාවී වියදමට සාපේක්ශව ලැබෙන ලාභය අඩු අගයක් වීමේ අවදානමට මූණදෙන්නට 20th Century Fox Studio ව අකමැති වීම නිසයි. කොහොම නමුත් කිසිවෙක් අනුමාන නොකල ආකාරයට Avatar දිනෙන් දින Box office ලැයිස්තුවේ ඉහල නගිමින් අවසානයේ ලොව පුරා ආදායමින් ඩොලර් බිලියන දෙකකට ඉහල ආදායමක් ලබාගන්නා ලද පලමු සිනමාපටය මෙන්ම ලොව ඉහලම ආදායම ලැබූ සිනමා පටය බවටත් පත්වන්නෙ එයට පෙර එම කිරුල පැලඳ සිටි James Cameron ගේම Titanic හි දැවැන්ත ආදායමද පසුකර යමිනුයි. ඉතින් තමාගේ මහන්සියට, කැපවීමට සහ ඉවසීමට අවශ්ය ප්රතිලාභ ලබාගැනීමටත් James Cameron අමතක කරන්නෙ නෑ. ඔහුද මෙහි රචනය, අධ්යක්ෂණය සහ නිෂ්පාදනය වෙනුවෙන් ඩොලර් මිලියන 350 කට අධික මුදලක් ලබාගන්නවා. සාමාන්ය අධ්යක්ෂකවරයෙකුගේ ගාස්තුව එක්ක බලද්දි මේක ඉතාම විශාල මුදලක් උනත් James Cameron කියන මනුස්සයා නොහිටින්න Avatar කියලා සිනමාපටයක් කවදාවත් මේ වගේ නිර්මාණය වෙයි කියලා හිතන්නවත් බැරි නිසාවෙන් මේ සා විශාල මුදලක් ලබාගැනීමේ කිසිම වැරැද්දක් නැ කියලා කියන්න පුලුවන්. කොහොම නමුත් මේ Motion Capture | Creative Technologyආකාරයට සිනමා වංශකතාවෙ නොමැකෙන ස්ථානයක් තමන්ගේ නමට වෙන්කරගන්නා Avatar සිනමාපටය 2019 වසරෙදි Avengers Endgame මගින් ඉහලම ආදායම ලැබූ සිනමාපටයට හිමි කිරුල උදුරාගන්නා තෙක් පුරා වසර දහයක්ම එම කිරුල තම නමටම වෙන්කරගෙන සිටින්නට සමත්වෙනවා. ඇතැම්විට ඉදිරියෙදි නිර්මාණය වෙන Avatar 2 සිනමාපටයත් සමග මේ ගණන් හිලවු වෙනස් වෙන්නත් බැරිකමක් නැහැ. මොකද James Cameron කියන්නෙ කවදාවත් තමන්ගේ නිර්මාණ එකතැන පල්කරන අධ්යක්ෂකවරයෙක් නොවෙන නිසා. ඉතින් අපි බලන් ඉදිමු මොකක් වෙයිද කියලා. එහෙනම් මේ දීර්ඝ සටහන අවසානයෙදි කියන්න තියෙන්නෙ ඔයාට හීනයක් තියෙනවා නම්, ඒක ඉෂ්ඨ කරගන්න ඒකට උපරිම සාධාරණයක් කරන්න උවමනාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් සුදුසු කාලය එනකන් බලා ඉන්න, ඉවසන්න පසුබට වෙන්න එපා. සුදුසු කාලය එනකන්, තමන්ට අවශ්ය සම්පත් ටික සම්පූර්ණ වෙනකන් ඉදලා සුදුසුම කාලය ආවම තමන්ගේ උපරිමය ඒ වෙනුවෙන් ලබාදීලා වටිනාම දෙයක් ලෝකයට දෙන්න උත්සාහ කරන්න. ඒ කැපවීම, ඉවසීම වෙනුවෙන් ලැබියයුතු ප්රතිලාබ ඔයාට උවමනා උනත් නොවුනත් අනිවාර්යෙන්ම ලැබේවි… එහෙනම් නැවතත් මේ වගේ වටිනා කියන විස්තරයක් අරගෙන එනකන් සමුගන්නවා.. එහෙනම් සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!

AVATAR (2009) – Making Of and Behind The Scenes

Avatar Theme Song (Avatar Soundtrack)

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *