Athiran (2019) Malayalam by Himashi Indrachapa
Psychological Thriller
නිත්‍යා කියන්නේ ඕටිසම් තත්වයෙන් පෙළෙන ගැහැණු ළමයෙක්. දවසක් නිත්‍යාගේ නැන්දා ලක්ෂ්මි ගෙදර එනකොට නිත්‍යා නිවෙස තුළ හතර දෙනෙක්ව මරලා දාලා මුකුත් නොවුණ ගානට වාඩිවෙලා ඉන්නවා. ඉතින් මේ නිසා ලක්ෂ්මි විසින් නිත්‍යාව මානසික වෛද්‍යවරයෙකුට භාර දෙනවා ඇගේ සියලුම දේපළ ද සමඟ. ඉතින් මේ සිදුවීමෙන් අවුරුදු පහකට පසු එම්.කේ නායිර් නම් මානසික වෛද්‍යවරයෙක් නිත්‍යා සිටින මානසික රෝහල පරික්ෂා කිරිමට පැමිණෙනවා. ඉතින් මෙතැන් පටන් නායිර් මේ අභිරහස් වල සුලමුල හෙළි කරගන්න ආකාරය ගැන තමයි කතාව දිවෙන්නේ.
අපි හැමෝම ආදරය කරන මලර් ටීචර් සායි තමයි නිත්‍යාට පණ පොවන්නේ. ඒ වගේම නායිර් තමයි ඇස්වලිනුත් රඟපාන අපේ ෆෆා ෆහාද් ෆාසිල්. ගොඩක් කතාබහට ලක් නොවුණාට මේ දෙන්නගේ කෙමෙස්ට්‍රි එක ඇත්තටම හරිම ලස්සනයි.
හැට සහ හැත්තෑව දශකය මුල් කරගනිමින් තමයි මේ කතාව ගොඬනැඟි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලේ යුරෝපීය ක්‍රමයට ගොඩක් නෑකම් කියපු ඇඳුම් විලාසිතා මේ චිත්‍රපටියේ බලාගන්න පුළුවන්.
පී.එෆ්.මැතිව්ස් විසින් තිර රචනය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂක විවේක් විසින් අධ්‍යක්ෂණය කර 2019 වසරේ අප්‍රේල් 12වන දින ” Athiran ” තිරයට නැඟිනි.මෙහි කතා සංකල්පය ද විවේක්ගේ වන අතර Century Investments වෙනුවෙන් රාජු මැතිව් විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදි.
පී.එස්.ජයිහාරි හා ජිබ්රන් විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කරන ලද මෙහි මනරම් ගීත ත්‍රිත්වයක් ඇතුළත්ය.ඇත්තටම සංගීතය තුළින් කේරළයේ සුන්දරත්වය තවත් ඉස්මතු කර පෙන්වීමට සමත් වී ඇත.
එමෙන්ම චිත්‍රපටයේ Cinematography පැත්ත ගැන විශේෂයෙන් කතා කළ යුතුය. ගීතවල දර්ශන වඩාත් ආකර්ෂණීය ලෙස ඉස්මතු කර පෙන්වීමට එය උත්සුක වී ඇත.ඇතැම් පියවි ඇසට නොපෙනෙ සුන්දර දර්ශන පවා ඉතා සුන්දර ලෙස තිරයට නැඟීමට අනු මූදාදත්ගේ සිනමාපොටෝගැෆිකරණය සමත් වී ඇත.
ප්‍රධාන වශයෙන්ම මානසික ව්යාධියන්ගෙන් පෙළෙන මිනිස්සුන්ගේ හැඟිම් පිළිබඳ දිවෙන “Athiran” සඳහා බ්‍රෑඩ් ඇන්ඩර්සන්ගේ ” Stonehearst Asylum ” චිත්‍රපටය හා ලියනාඩෝ ඩිකැප්රියෝ රංගනයෙන දායක වන මාර්ටීන් ස්කෝර්සීස්ගේ ” Shutter Island ” චිත්‍රපටය පාදක වී ඇති බව පැවසේ.
කතාව අතින් යම් යම් අඩුපාඩු ඇතත් ඇත්තටම “Athiran” ඉතා රසවත් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයකි.6.7/10 ක් වැනි මධ්‍යස්ථ IMDB අගයක් ලබාගත්ත ද මට අනුව නම් මේ සඳහා 7.5/10ක්වත් ලැබිය යුතුය.
ඉතින් විනාඩි 136ක් පුරාවට මානසික රෝහලක පොඩි සංචාරයක් කරන ගමන් නිත්යාගේත් නායිර්ගේත් ආදරය විඳින්න ඔබටත් ආරාධනා කරනවා.