Astitva (2000) Hindi | Sinhala Article

Astitva (2000) Hindi by Mmp Ranaweera,

අසම්මත කතාවක දිග පළල ….

තමන්ගේ බිරිද වෙන පිරිමින් සොයා යනවනම් අද සමාජය මෙන්ම පෙර සමාජයත් මුළින්ම දොශාරෝපනයට ලක් කරන්නේ ගැහැණියවයි. පස්සේ ඕන් නඩුවකින් ඔප්පු උනාම ඕනනම් විතරක් මිනිහගේ වැරදි කියනවා.. මේ කතාවත් අන්න ඒ අසාධාරණයට ලක් වූ ගහැනියක් ගැන..නමුත් ඇය මේ චෝදනාව ලබන්නේ වසර 25කට පෙර සිදු වූ සිදුවීමකටයි.

▪️කතාව කෙටියෙන් කියන්නම්

ආදිති සහ ශ්‍රීකාන්ත් කියන්නේ සතුටින් ජීවත්වන විවාහක යුවලක් ශ්‍රීකාන්ත් රැකියාව නිසාවෙන් ඉතා කාර්‍යබහුල ජීවිතයක් ගෙවන සැමියෙක් වන අතර ආදිතී ගෘහනියක්. ඔහු සාමාන්යෙන් නිවසෙ රැදෙන කාල අල්ප සැමියෙක්. ජීවිතය මේ අයුරින් ගෙවීයනවා.. නමුත් ආදිතී ඉන්නේ පාලුවෙන් බව දැන ගන්නා ශ්‍රීකාන්ත් එයට විකල්පයක් ලෙස ඇගේ ප්‍රියතම විනෝදාංශය වන සංගිතය නිවසේ සිට ඉගෙන ගැනීම පිණිස අවසරය ලබා දෙනවා.. ඒ වෙනුවෙන් සංගීතඥයෙක් සහ සංගීත ගුරුවරයෙක් වන මල්හාර් නිවසට ගෙන්වා ඉගෙනීමට ආදිතී තීරණය කරනව..

හැම දෙයක්ම්ම සාමාන්‍ය ලෙස ගලා ගියද ආදිතී යම් රහසක් සගවාගෙනයි මේ වන තෙක්ම ජීවත් වන්නේ..මේ බව ඇගේ සැමියා හැර කිසිවෙකු නොදන්නා අතර ඇයට සංගීත ගුරුවරයා හා ගෙවන කාලය සිතට අස්වැසිල්ලක් වන්නේ මේ නිසයි..මේ කාලයේදීම මේ යුවලට පුතෙකු බිහිවන අතර පසුව ආදිතී සංගීත ඉගෙන ගැනීම අවසන් කර නවා

වසර 25කට පසුව…

ආදිතීට දැන් වයසයි.. අවුරුදු 25ක් වයසැති විවාහ විමට සිටින පිරිමි දරුවෙකුද සිටින ආදිතීට නොසිතූ ලෙස ලිපියක් ලැබෙනවා.. එය ඇගේ සංගීත ගුරුවරයාගෙන් ඇයට ලැබුණු ලිපියක් වන අතර එහි සදහන් වන්නේ ඔහු මියගොස් වසර දෙකකට පසුව ඔහුගේ විශාල වතුයායක් සහ නිවසක් සමගම බූදලයක්ද ඔහුගේ අවසන් කැමැත්ත ලෙස ආදිතීට ලියා තබා ඇති බව සදහන් ලිපියකි..

මේ සමග ඇගේ සැමියා ඇය ගැන සැක කරන්නට පටන් ගන්නවා..චිත්‍රපටිය පටන්ගන්නේ මේ සැකය ඔස්සේ ඔහු තම බිරිදගේ අතීතය සොයා යන ආත්මාර්තකාමී ජීවිතය ගැනයි… ආදිතී සහ සංගීතගුරුවරයා අතර මේ වූ ආම්බන්ධය කුමක්ද? ආදිතී සගවා සිටින සැමියාගේ රහස කුමක්ද.. මේ රහස් එළිවූ පසුව ඇගේ පුතා කුමක් සිදු කරාවිද? පුතාගේ පෙම්වතිය ආදිතීට උදව් කරන අතර එයට හේතුව කුමක්ද.. මේ සියල්ලටම පිළිතුරු Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කළ සම්මානනීය චිත්‍රපටියක් වූ Astitva චිත්‍රපටියේ අවසානයේදී ලබේවි..

මෙහි ප්‍රධාන චරිතය වන ආදිතීගේ චරිතය ජීවමාන කරන්නේ ටාබු විසින් ඇය මේ වෙනුවෙන් සම්මාන ගනනකින් පිදුම් ලබන අතර, මෙය ඇය රඟපෑ චිත්‍රපට අතුරින් ඉතා වැදගත් ස්තානයක් හිමි වන චිත්‍රපටියක්..සෙසු නළු නිළියන් ලෙස, Sachin Khedekar ශ්‍රීකාන්ත් ලෙසත්, මල්හාර් කමත් ලෙස මෝනිෂ් බාල්ද, පුතාගේ පෙම්වතිය ලෙස Namrata Shirodkar ද රංගනයෙන් දායක වනවා..

පුළුවන්නම් හොයාගෙන බලන්න ඇත්තටම වටින චිත්‍රපටියක්..

Release date: October 6, 2000 (India)
Director: Mahesh Manjrekar
Produced by: Rahul Sughand

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *