Aruvi (2017) Tamil | Sinhala Article

Aruvi (2017) Tamil Malintha Imalka Vithanage

Spoiler Alert!

Aruvi යනු මා නරඹපු තවත් සුවිශේෂී දමිළ චිත්රපටයක්. මෙහි ඇතුලත් වන ප්රධාන තේමාවක්‌ HIV සහ ගැහැණිය. නමුත් මෙහි අධ්යක්ෂක සහ තිර රචක Arun Prabhu Purushothaman මෙම තේමාවන් ගැඹුරින් අධ්යනය කිරීමත් සමගම වෙනත් නොහිතපු පැතිකඩවල් කිහිපයකට ගමන් කිරීමට සමත් වනවා. මෙය මෙම අධ්යක්ෂකවරයාගේ පළමු සිනමා නිර්මාණය වීමත් විශේෂ කාරණයක් වනවා. එපමණක් නොව, මෙහි ප්රධාන චරිතය පණ පොවන අදිතී බාලන් ඇතුළුව සහාය රංගන ශිල්පීන් මෙන්ම චිත්රපටයේ තාක්ෂණික ශිල්පීන්ද නවකයින්. නවක ශිල්පීන් රැසකගේ එකමුතුවෙන් ඉදිරිපත් කළ මෙම විශිෂ්ට නිර්මාණය, එම නවක චිත්රපට කණ්ඩායමම ලබපු දැවැන්ත ජයග්රහණයක්‌. ප්රභල රංගනයන්ට අමතරව, විශිෂ්ට තිර රචනයද ප්රධාන වශයෙන් කැපී පෙනුණ අවස්ථාවක්‌ මෙය.
චිත්රපටය ආරම්භ වන්නේ ආරුවී සහ එමිලි නම් වූ සංක්රාන්තිලිංගික කාන්තාවක්, පොලිස් ප්රශ්න කිරීම් වලට භාජයනය වන දර්ශනයක් ඔස්සේ. මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්රස්ත කල්ලියකට සම්බන්දය යන සැකය හමුවේ. ආරුවීගේ සිදුවීම රටේ ජාතික ප්රවෘති තුල විකාශනයකිරීමට තරම් අවදානයක් හිමිවී ඇත. ඇගේ පවුලේ උදවිය, මිත්රයින් සහ මේතාක් අප නොහඳුනන, ආරුවීගේගේ ජීවිතයට සම්බන්ද උදවියද මෙම පොලිස් ස්ථානයට පැමිණ ඇත. සිදුවූයේ කුමක්ද සම්බන්දව ප්රශ්නාර්ථ රැසක්, මෙම මුල් දර්ශන පෙළ තුලින් ප්රේක්ෂකයා ඉදිරියේ තබමින් ආරුවීගේ කතාව ආරම්භ වනවා. අරුවී යනු බැලූ බැල්මට ආදරණීය දෙමාපියන් දෙදෙනෙක් අතර හැදුනු වැඩුණු තරුණියක් සහ දියණියක්. දුවලා බොහෝ සෙයින් සමීප වන්නේ පියවරුන්ට යනුවෙන් හැඳින්වෙන පොදු මතවාදය ඔබ අසා තිබෙනවාද?. එම මතවාදය ආරුවීටද වලංගු වනවා. ඇය බොහෝ සෙයින් ආදරය කරන්නේ ඇගේ පියාටයි.
ඇය ‘තාත්තාගේ දුව’ ලෙස හැඳින්වීම වරදක් නැත. මෙතරම් ආදරණීය (බැලූ බැල්මට) තැනක හැදුනු වැඩුණු තරුණියක්, මෙලෙස පොලිස් අත්අඩංගුවේ නතර වූයේ කෙසේද?. එය බැරෑරුම් කාරණයක්.
ආරුවීටද ඇයගේ වයසේ සිටින බොහෝ තරුණියන් දකින හීන සහ ආශාවන් තිබෙනවා. ඇයද මූලිකව මෙම පීතෘ මූලික සමාජයේ තරුණියක් සිටිය යුතු ආකාරයට ජීවත් වූ මටසිලිටු යුවතියක්. නමුත් එක් සිදුවීමක් ඇගේ ජීවිතයම කණපිට පෙරලනවා. ඇය නොසිතූ ලෙස AIDS ආසාදිතයෙකු බවට පත් වනවා. ආරුවීගේ පවුල සහ ඇය බොහෝ සෙයින් ආදරය කළ ඇගේ පියාද මෙම තත්වය දැන ගත් විගස, එම පවුලෙන් මැයව පිටමන් කරනවා. එම දෙමාපියන්ගේ මතය අනුව ආරුවී එම පවුලේ නම්බුව විනාශ කර ඇත. පවුලක සිටින ඕනෑම දරුවෙකුට තම දෙමාපියන්ගේ සහයෝගය අත්යවශ්යම මොහොතක්‌, ඔවුන්ට කුමක් හෝ කරදරයක් සහ අසාදාරණයක් සිදුවූ විට. නමුත් ආරුවීට සිදු වන්නේ ඇයට තම පවුලේ උදවිය අත්යවශ්යම මොහොතේ ඔවුන් ඇයව මග හැරීමයි.

මෙය අපේ සමාජයේ සැලකිය යුතු බහුතරයකට අත්විඳීමට සිදුවන තිත්ත සමාජ යථාර්තයක්‌. මෙතැන් පටන් ආරුවීට සිටින්නේ ඇය පමණයි. ආරුවී NGO ආයතනයක රැකියාවක නිරත වීමේදී එමිලි නම් සංක්රාන්ති ලිංගික කාන්තාවක් සමග සමීප වනවා. ඇයගේ සහයට සිටින එකදු මිතුරිය ඇයයි. මෙම කාල සීමාව තුල ආරුවීට ගැහැණියක් වශයෙන් අත්විඳීමට ලැබෙන බරපතල සිදුවීම් ත්රිත්වයකට මුහුණ දීමට සිදු වනවා. ඇය පුරුෂයින් තිදෙනෙකු අතින් දූෂණය වනවා. ඇයට සිදුවූ අසාදාරණය වෙනුවෙන් යුක්තිය ප්රර්ථනා කිරීමට සුදානම් වන්නේ Solvathellam Sathyam නම් සමාජ ගැටළු කතාබහ කරන රූපවාහිනී වැඩසටහනක් හරහා. නමුත් එය මුළුමනින්ම බොරු මවාපෑමක්ය. ආරුවීට අත්වූ ඉරණම විසඳෙන්නේ කොතනින්ද යන කාරණය දැන ගැනීමට නම් ඔබ මෙය නැරඹිය යුතුයි.
AIDS ආසාදිත වූ පුද්ගලයින්ට පොදුවේ සමාජයේ සිදුවන අකටයුත්තන් පිලිබඳ අපට නිතරම අසන්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම තත්වයෙන් පෙලෙන පුද්ගලයින් සම්බන්දව ඇති මිත්යාවන්ද සමාජය තුල සුලබව අසන්නට ලැබෙන කාරණයක්. මෙහි ප්රධාන අකටයුත්තක් ලෙස නම් කළ හැක්කේ AIDS අසාදිතයින්ට මානුෂිය වශයෙන් සිදු කරන නොසැලකීම්. ඔවුන්ද අප මෙන්ම සාමාන්ය හැඟීම් දැනීම් ඇති මනුෂ්ය කොට්ඨාෂයක් ලෙස සැලකීමට අප අපොහොසත් වී තිබෙනවා. මෙහි අපට හමුවන ආරුවී සහ එමිලීගේ චරිතයන් තුලින්ද පෙන්නුම් කරන්නේ මෙම කාරණයයි. ඔවුන් දෙදෙනා මෙම තත්වයෙන් පීඩා වින්දත්, ආරුවී සහ එමිලී දෙදෙනාටම අහිංසක හීන සහ බලාපොරොත්තු තිබෙනවා. නමුත් පසුගාමී සාමාජ සංස්කෘතියක එම හීනයන් ජීවත් කරවීම විශාල අභියෝගයක්‌.

එම කාරණයත් සමගම එවැනි සමාජයක්‌ කාන්තාවකගෙන් බලාපොරොත්තු වන මටසිලිටු ප්රතිරූපය සැබවින්ම පදනමක් නැති සංකල්පයක් බව මෙම චිත්රපටය පෙන්නුම් කළා. එවැනි මටසිලිටු අනන්යතාවයක් හරහා ගැහැණියකට පසුගාමී සමාජ ක්රමයක් තුල නැගී සිටීමට අපහසු කාරණයක් වනවා. මෙහි කතා බහට ලක්වන අනිකුත් වැදගත් මාතෘකාව වන්නේ ජඩ මාධ්යයි. මෙය මෙම චිත්රපටය තුල මා කිසි සේත්ම බලාපොරොත්තු නොවූ තේමාවක්. විශේෂයෙන්ම අපට පොදුවේ රූපවාහිනියේ දැකගත හැකි සමාජ ගැටළු කතාබහ කරන වැඩසටහන් බහුතරයක, මතුපිටින් නොපෙනෙන ගඳ ගහන යථාර්තය Aruvi හරහා පෙන්නුම් කළා. මානුෂීය හැඟීම්ද වෙළඳ භාණ්ඩයක් වන වත්මන් ලෝකයේ, ජනතාවාදී යැයි පෙන්නුම් කරන මාධ්ය තුලද බොහෝ සෙයින් වෙනසක් නොමැත. මෙම චිත්රපටය නරඹා ඔබ මේ ආකාරයේ රූපවාහිනී වැඩසටහනක්‌ නරඹද්දී, ‘මේ දකින්නේ සත්යක්ද’ යන ප්රශ්නාර්ථය ඔබට බොහෝ දුරට පැණ නැගෙයි.

ආරුවීගේ චරිතය රඟ දැක්වූ අදිතී බාලන්ගේ පළමු චිත්රපට රංගනය මෙය බව දැනගත් විගස, මා සැබවින්ම විශ්මයට පත්වුනා. ඊට හේතුව ඇගේ රංගනය තුල කිසිදු ආධුනික බවක් කළේ නැත. AIDS ආසාදිත තරුණියක් වශයෙන් ඇති අසරණකම සේම, තමන්ට සිදුවූ අසාදාරණය වෙනුවෙන් යුක්තිය පතන දැඩි අධිෂ්ඨානශීලී ගැහැණියක් දක්වා ගමන් කරන මෙම චරිතයේ සෑම සියුම් පැතිකඩක්ම අදිතී බාලන්ගේ රංගනය හරහා ඉස්මතු වුනා. ආරුවීගේ මිතුරියගේ චරිතය රඟ දැක්වූ Anjali Varadhan ද කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. Shelley Calist ගේ විශිෂ්ට සිනමාකරණය සහ Bindhumalini Vedanth Bharadwaj ගේ සංගීත අධ්යක්ෂණයද ඉතා ඉහල මට්ටමක තිබුනා.
දමිළ සිනමාව මග නොහැර නැරඹිය යුතු චිත්රපටයක් ලෙස Aruvi නම් කළ හැකිය.

Aruvi – Official Trailer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *