Terminator Gossip by Prageeth Shan
මෙහෙමයි වෙලා තියෙන්නෙ. Arnold මුලින්ම මාර කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ ෆිල්ම් එකේ වීර චරිතෙ වෙන Kyle Reese ගේ චරිතෙ රඟපාන්න. කොහොමත් ඒකාලේ Arnold Schwarzenegger කිව්වම මතක් වෙන්නෙ ඉතින් වීර චරිතම තමයි නෙ. හැබැයි මේ ෆිල්ම් එකේදි මිනිහා කොහොමටවත් ඒ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියලා තේරුම් ගනිපු James Cameron මෙයාට Terminator චරිතෙ දීලා තියෙනවා, ඉතින් සුපුරුදු පරිදි තමන්ට වීරයා වෙන්න බැරි වීම ගැන කණස්සල්ලෙන් ඉදපු ආර්නි ට Cameron, මේක වීරයා ගැන කතාකරන ෆිලුමක් නෙමේ මේකෙ තියෙන්නෙ Terminator ගැන කියලා පැහැදිලි කරලා දීලා හිත හදලා තියෙනවා.
“This movie is not about the hero. It’s about The Terminator.”
ඉතින් ඊටපස්සෙ තමයි ආර්නි බොක්කෙන්ම Terminator වෙන වැඩේට බැහැලා තියෙන්නෙ. ඒ අනුව Robo කෙනෙක් වගේ ඇවිදින්න, හැසිරෙන්න වගේම ඕනම තුවක්කුවක් ඒ දිහා බලන්නෙ නැතුව Automatically ගලවන්න, එකලස් කරන්න, Reload කරන්න පුරුදු වෙලා තියෙනවා මාසයක් පුරාවටම. ඒවගේම අමුතු අමුතු ඇක්ශන් වලින් Gun එක Reload කරන්නත් මෙයා පුරුදු වෙලා. Terminator 2: Judgment Day (1991) එකේ තියෙන Winchester shotgun එක ඇඟිල්ල වටේ කරකවලා reload කරන එකත් සෑහෙන Practice වෙලා වගේම ඒක සාමාන්‍ය Winchester shotgun එකකින් කරන්න බැරි නිසා ඒකටම කියල වෙනම Gun එකක් පවා හදාගෙන තියෙනවා. මේ සීන් එක කොච්චර practice උනාද කිව්වොත් අදාල කොටස රූගත කිරීම් පටන්ගනිද්දි shotgun එක Reload කරලම ආර්නි ගෙ ඇඟිලි වල හම පවා ගැලවිලා තිබිලා තියෙන්නෙ. ඉතින් ඔන්න ඔහොම පට්ට කට්ටක් කාලා කරපු චරිතෙ නිසා අද වෙද්දි උනත් Terminator කියද්දි නිකන්ම ආර්නි ව මැවිලා පේන ගාණට ඒ චරිතෙ අපේ හිත ඇතුලේ තැන්පත් උනා…
මේ තියෙන්නෙ ඔය shotgun reload එක පුරුදු වෙන හැටි ගැන පොඩි කොටසක්