Arishadvarga (2020) Kannada | Sinhala Article

Arishadvarga (2020) Kannada

මනසක නිරවුල් බාවය හෝ අවසානයේ මෝක්ශය ලැබීමට බාධා කරන දේවල් ඇසුවොත් (හිංදු ආගමට) අනුව දේවල් 6කි.
අධික කාමතෘෂ්ණාව
තරහව
ලෝභය, තණ්හාව
ඇලීම
අහංකාරය
ඊර්ෂ්යාව
එතකොට මොකද්ද මේවට මේ සිනමාපටයත් එක්ක තියෙන සම්බන්ධෙ. මේ ගති ලක්ශන වලින් පිරි මිනිසුන්ගේ කතාවක් තමා Arishadvarga කියන්නෙ.
Arishadvarga on Moviebuff.comඑක් එක් චරිතයට මනා ගැඹුරක් ලබා දී ඇත. ලස්සනට, දක්ශ ලෙස ලියන ලද චරිත නිසා ඒවායේන් plot එක ගලායාමට වඩා chcharacter study එකක් බවට පත්ව ඇත.
එයම පොඩ්ඩක් මෙම සිනමාපටයට වූ බාධාවක් ලෙස දකිමි. ඒ වගේම නොගැලපෙන ලෙස පාවිච්චි කරල තිබ්බ ගීත කීපයක්. අන්න ඒක කතාව ඉදිරිපත් කිරීමට වෙච්ච ලොකුම අඩුපාඩුවක්.
මක් නිසාද thriller ශානරෙන් නිර්මාණයක බලාපොරොත්තු වෙන edge of the seat කියන එකනෙ. අන්න එක ලැබෙන අවස්තා ගණන බොහොම අවම මට්ටමක පැවතිණි.
එය drama/thriller එකක වුවද යම් මට්ටමකට ලබා දිය හැක. ඒ සදහා සිදුවීමක උච්චතම අවස්ථවට යා යුතුය.
අන්න ඒ ලක්ශනය මෙම සිනමාපටයේ අඩුවෙන් පාවිච්චි කර තිබෙන බව කිව යුතුයි. හැබැයි ඒකෙන් කතාවේ චරිත අප හා ජීවත් වන සාමාන්ය චරිත ලෙස හැගෙන යථාර්ථයට ආසන්න සිනමාපටයක් ලැබී ඇත. යථාර්ථවාදීත්වයට මුල් තැන දීමත් චරිත පිලිබදව සෑහෙන details ප්රමාණයක් එක්ක සිනමාපටය ඉදිරිපත් කරන නිසත් වෙනස් අත්දැකීමක් ලැබෙවනවා. කතාව predict කිරීමට නොහැකි වීම ලොකුම plus point එක.
අධ්යක්ෂක Arvind Kamath පලමු නිර්මාණයෙන් සෑහෙන දෙයක් ලබා දී ඇත. Mainstream හා Indiefilm අතර ලක්ශන පෙන්වන සිනමාපටයක්.
කතාව ගැන කියන්න තියෙන්නෙ murder mystery එකක්.
චරිත කීපයක්;
තමාට වඩා සෑහෙන වයසකින් වැඩි කසාදයක් කර ගත් සිනමාපට සංස්කාරකවරියක්.
සංස්කාරවරියගෙ චරිතය ගත්තොත් සංකීර්ණ චරිතයක්. ලස්සනට ඉදිරිපත් කරන ලද චරිතයක්.
හදිසියේ මියයන සැමියා. හෘදආබාධයක් හා වෙඩි වැදී. 2ම එකම මොහොතක වගේ.
ඒක වෙන්නෙ කොහොමද කවුද මරන්නෙ ඒවා දැන ගන්න නරඹලම.
කවදා හෝ ජනප්රිය නිලියක් වීමටත් ගෙදර අයගෙන් කසාදයක් කර ගැනිමට එන මංගල යෝජනා වලින් ගැලවීමට සිතන නිලියක්.
සමහර වෙලාවට ඉතින් කොච්චර එකග නැති උනත් දෙමාපියන් දෙයක් කියන්දේටත් පොඩ්ඩක් ඇහුන්කන් දීලා බලන්න ඕනෙ.
නලුකම හා gigolo කම අතර දෝලනය වන චරිතයක්. වැඩි මුදලක් හෙවීමට, ස්ප්රයිස් වලට කැමති නිසාම අමාරුවේ වැටුන එකෙක්.
අහ් මීට අමතරව ඉන්නවා පට්ට පොලිස් නිලධාරියෙක් . ඉදිනෙදා සිනමාපට වල දකින අපරාධ විසදමින් යන හෝ මොකෙක්ට හරි දඩුවම් දීලා අත පිහදාගන්න පොලිස් නිලධාරියෙකුගෙන් එහාට ගිය මිනිහගෙම න්යාය පත්රයකට වැඩ කරන එකෙක්. ඒ නිසාම ඒ චරිතය සංකීර්ණයි. ගැබුරුයි. වැඩි කතාවක් බහක් නැතිව ප්ලෑන් එකකට වැඩ කරන මනුස්සයෙක්.
හොරා. සල්ලි හොයා ගන්න ඕනම තැනකට පනින, වැදගත් නම් උස්සනවා යන න්යායයේ ඉන්නෙ එකෙක්.
කරුමෙ කියන්නෙම උස්සලා ඒ නිමේශයෙන් මාට්ටු වීමට යාමයි.
පොලීසියට, කැමරාවකට, අයිතිකාරයන්ට….
මේ එක් එක්කෙනා මිනීමැරුම සම්බන්ධව තමාගේ පැත්තෙන් කතාව කියනවා. කවුද හරි? කාගෙ කතාවද ඇත්ත. එකිනෙකට සම්බන්ධද සිදුවීම්?
කවුද අපරාධකාරයා?. කවුද මිනීමරුවා.? දැනගන්න නම් බලන්නම වෙනවා.
හිටිගමන් අපගේ අනුකම්පාව ලබා ගන්නා චරිතය වෙනස් වෙද්දී
මේකෙ බහුතරය සුදු හෝ කලු චරිත ලෙස වර්ග කරන්න බෑ. ඔවුන් තනිකර්ම අලු චරිත.
ඔවුනගේ චරිත, ජීවිත එකට ගැටෙන ආකාරය නරඹන්න.

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *