Arijit Singh Indian Simger by Priyadarshana Basnayaka
බොලිවුඩය තුළ ඔහුව හඳුන්වන්නේ ‘ චිත්‍රපට පසුබිම් ගායනයේ රජු ‘ (King of Playback Singing) ලෙසයි. තවත් පිරිසක් ඔහුව අර්ථ ගන්වන්නේ ‘ රෝමාන්තිකයේ රජු ‘ (King of Romance) ලෙසටය. තවත් සමහරු ඔහුව හඳුන්වන්නේ ‘ ඉන්දියාවේ හැඟීම’ (Emotion of India) ලෙසය. ❤️❤️❤️
මෙලෙසින් විරුදාවලි රැසකින් පටබැඳි ඔහු නමින් Arijit Singh ය. අද වනවිට ඉන්දියාවේ නොම්මර එකේ ගායකයා ඔහුය ???. ඉන්දියානුවන් සමාජ මාධ්‍ය තුළ කියන එක්තරා කතාවක් මා දැක ඇත. එය මෙසේය, ???
‘ Don’t drink & Drive in Indian streets and Don’t break up & Listen to Arjith’s songs ‘
ඉහත ප්‍රකාශයෙන් හඟවන්නේ Arijit ගේ ගායනය තුළ ඇති ප්‍රබල බවයි. අපේ වචනයෙන් කියනවා නම් Arijit ගේ ගායනයන් මාර විදිහට මිනිස්සුන්ට ‘feel’ වෙනවා. ඔබ මේ වනවිට පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොමැති අයෙකු වන්නට පුළුවන් නමුත් Arijit ගේ ගීතයක් ඇසුවොත් ඔබට ඔබවම ආදරවන්තයෙකු ලෙස දැනෙනු ඇත. ඒ තරමට මනුෂ්‍ය හැගීම් වලට කාවදින ලෙස හැගීම්බරව ගීත ගායනා කිරීමේ හැකියාව Arijit සතුය. අන්න ඒ නිසාම ‘King of Romance’ යන අන්වර්ථ නාමයෙන් ඔහුව හඳුන්වනු ලබනවා. ???
1987 අප්‍රේල් 25 වැනි දින ඉන්දියාවේ බටහිර බෙංගාලයේ Jiaganj, Murshidabad හීදි උපත ලබන Arijit Singh ගේ පියා සීක් ජාතිකයෙක් වන අතර මව බෙංගාලි ජාතිකයෙකි. Arijit ගේ මව, මිත්තනිය සහ මාමා ඉන්දියානු සුභාවිත සංගීතයට ඉතා ලැදි වූ පිරිසකි. ඒ අනුව සිය පවුල් පසුබිමෙන් ලැබුණු උත්තේජනය හරහා Arijit Singh ක්‍රම ක්‍රමයෙන් සංගීතයට නැඹුරු වී තිබෙනවා. බටහිර බෙංගාලයේ කල්‍යාණි විශ්ව විද්‍යාලය යටතේ ඇති Sripat Singh කලා පාසලට එක්වූ Arijit ඉන්දියානු සුභාවිත සංගීතය (Indian Classic Music) පිලිබද මනා හැදෑරීමක් සහ පුහුණුවක් ලබාගත්තා.
Arijit ගේ සංගීත ගුරුවරයා වූ Rajendra Prasad Hazari ගේ ඉල්ලීමකට අනුව ඔහු Fame Gurukul (2005) රියැලිටි ගායන තරගාවලියට එක්වෙනවා. එම ගායන තරගාවලියේදී Arijit සිය ගායන හැකියාව මනා ලෙස ඉන්දීය ප්‍රේක්ෂකයා හට ඉදිරිපත් කලා. නමුත් එවකට 18 හැවිරිදි වියෙහි පසුවූ Arijit Singh හට එම තරගාවලියේ සයවැන්නා ලෙස තරගාවලියෙන් ඉවත් වන්න සිදුවුනා. ඉන් පසුව ඔහු 10 ke ’10 Le Gaye Dil ‘ නම් වූ ගායන තරගාවලියකට ඉදිරිපත් වී එය ජයග්‍රහණය කලා. කෙසේ හෝ සංගීතඥයෙකු වීමේ සිහිනය පෙරදැරි කරගෙන 2006 වසරේදී මුම්බායට පැමිණෙන Arijit කාමරයක් කුලියට ගෙන එහි වෙසෙමින් 10 Le Gaye Dil ගායන තරගාවලියෙන් ඔහුට ලැබුණු ත්‍යාග මුදල උපයෝගී කරගෙන ඔහුගේම ගීත පටිගත කිරීමේ මැදිරියක් (Recording Studio) ආරම්භ කලා.
ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් සංගීත සංයෝජකයෙක් (Music Composer) ලෙස බොලිවුඩයේ දක්ෂ සංගීතඥයන් දැන හඳුනාගෙන ඔවුන් සමග වැඩ කිරීමෙ අවස්ථාව Arijit ට හිමිවුනා. ගායකයෙක් ලෙස Arijit දායකත්වය සැපයූ ප්‍රථම බොලිවුඩ් සිනමාපටය වන්නේ ‘Murder 2’ (2011) චිත්‍රපටයයි. එම චිත්‍රපටය වෙනුවෙන් ඔහු ගැයූ “Phir Mohabbat” ගීතය Arijit Singh ගේ සුවිශේෂී සංගීත දිවියේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට ගීතය වේ. Arijit ගේ සංගීත දිවියේ සුවිශේෂීම සංධිස්ථානය වූයේ Aashiqui 2 (2013) චිත්‍රපටයයි. එහිදී ඔහු Aashiqui 2 චිත්‍රපටය වෙනුවෙන් ගැයූ ‘Tum hi ho’ ගීතය ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වුනා. එම ගීතය වෙනුවෙන් ඔහු FilmFare, Iifa, Screen, Zee Cine ඇතුළුව විශාල සම්මාන රැසක් දිනාගනු ලැබුවා
අද වනවිට Arijit Singh විසින් බොලිවුඩ් චිත්‍රපට ගීත 350 කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. හින්දි සිනමාවටම පමණක් සීමා නොවූ Arijit Singh සිය උපන් භාෂාව වන බෙංගාලි භාෂාවෙන්ද ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර ඇත. Arijit විසින් බෙංගාලි චිත්‍රපට ගීත 100 කට වැඩි සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. මීට අමතරව ඉන්දියාවේ ඇති අනෙකුත් චිත්‍රපට කර්මාන්ත වන තෙළිඟු, දමිළ මලයාලම්, කන්නඩ සිනමාව සඳහාත් ඔහු සිය දායකත්වය සපයා ඇත. එමෙන්ම පකිස්තාන චිත්‍රපට සඳහාත් Arijit Singh ගීත ගායනා කර තිබෙනවා. Arijit ගැයූ Channa Mereya, Tum hi Ho, Phir Bhi Tumko Chahunga, Aayat, Ae Dil Hai Mushkil, Gerua, Samjhawan, Zaalima, Raabta, Laal Ishq වැනි හින්දි චිත්‍රපට ගීත මුළු ලොව පුරාම අතිශයින්ම ජනප්‍රිය වුනා.
චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස Arijit සිනමා සම්මාන 100 කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත. එ් අතරට ජාතික සිනමා සම්මානයක් සහ FilmFare සම්මාන 6 ක්ද ඇතුළත් වී තිබීම කැපී පෙනෙනවා. 2010 දශකය තුළ ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටතම ගායකයා ලෙස Arijit Singh ව හඳුන්වනු ලබනවා. එමෙන්ම අග්‍රගණ්‍ය සංගීතඥ ඒ. ආර් රහමන්ට අනුව S. P. Balasubrahmanyam ගෙන් පසුව ඉන්දියාවෙන් බිහිවුණු වඩාත් පරිපූර්ණම සංගීතඥයා වන්නේ Arijit Singh ය. ???
ඔනෑම ශෛලියක ගීතයක් ඔනෑම පරාසයකින් ගායනා කිරීමට ඇති හැකියාව සහ සජීවී ගායනයට ඇති සුවිශේෂී හැකියාව නිසාම Arijit Singh හට ඉන්දියානු සංගීතය තුළ ඉහලම තැනක් හිමිව ඇත. විශිෂ්ට ගායකයෙක් වගේම ඉතාම නිරහංකාර, සරල සහ නිහතමානී චරිතයක් ලෙස Arijit Singh ප්‍රේක්ෂක ජනාදරයට පත්ව ඇත. බටහිර බෙංගාලයේ කුඩා ගමකින් පැමිණ නොයෙකුත් බාධක, කැපිලි කෙටිලි, ප්‍රතික්ෂේප කිරීම් වලට මුහුණ දුන් Arijit Singh අද වනවිට ඉන්දියාවේ අංක එකේ ගායකයා මෙන්ම ලොව හොදම ගායකයෙක් බවට පත්ව හමාරය. බොලිවුඩය ඇතුළුව අග්‍රගණ්‍ය ඉන්දීය සංගීත ඉතිහාසය තුළ Arijit Singh වෙනුවෙන් ඉහළම ස්ථානයක් වෙන්වෙනු ඇත. ???❤️❤️❤️