Ardha Shathabdham (2021) Telugu | Sinhala Article

Ardha Shathabdham (2021) Telugu by Indeewari Herath

Ardha Shathabdham (2021) ප්රජාතන්ත්රවාදී ප්රචණ්ඩත්වය
රෝස මලක් නිසා විනාශ වුනු මිනිසුන්ගේ කතාව. එන්ඩ් එක නිකං එක පාරටම ඔලුවට කලු ගලක් අතෑරියා වගේ. Debut director කෙනෙකුගෙ වැඩක්. හැබැයි එහෙම ගතියක් වැඩිය දැනෙන්නෙ නෑ. ස්ක්රිප්ට් එකේ පොඩි අවුලක් තියෙනවා සහ ඉන්ටවල් බ්රේක් එක ආසන්නයට එනකන් බොහොම මන්දගාමී විදියට සිදුවීම් ගලාගෙන යන්නෙ. ඒ වගේම එක පාරටම සීන් වලට පනින ගතියකුත් තියනවා අනවශ්ය සිංදු, චරිත සහ සිදුවීම් නිසා ෆස්ට් හාෆ් එක තරමක් බෝරිං වුනා කියලා මම හිතන්නේ. හැබැයි මේ ෆිල්ම් එක සෑහෙන්න ඩීසන්ට් විදියට කරලා තියනවා.විශේෂයෙන්ම ෆස්ට් හාෆ් එක.
පළපුරුදු ඔස්තාද්ලා කියලා හඳුන්වන අධ්යක්ෂකවරු පවා රුපියල් පන්දාහක් දීලා කිස් එකක් ගන්නවා වගේ දෙකයි පනහෙ තුප්පහි සීන් වලටම වැටිලා ඉන්න කාලෙක නවක අධ්යක්ෂකවරයෙක් තමන්ගේ පළවෙනිම චිත්රපටිය මේ මට්ටමෙන් උපරිමයෙන්ම ඩීසන්ට් විදියට කරනවා කියන්නේ ඒක අග්රගණ්යයි අතිවිශිෂ්ඨයි, Hats off ???හැබැයි සෙකන්ඩ් හාෆ් එක සෑහෙන්න උද්වේගකරයි. සාර්ථක අවසානයක් තියනවා. Predictable නැහැ. කුලය නිසා මනුස්සයෙක් තුළ යම් මාන්නයක් ඇති වුනොත් ඒ මනුස්සයා මොන තරම් ප්රගතිශීලී කෙනෙක් වුනත් එක්කරා අවස්ථාවක අර කුල මාන්නය එලියට පනිනවාමයි කියන එක ලස්සනට පෙන්නලා තියනවා එන්ඩ් එකේදි. ගොඩක් අය මේකට අඩුවෙන් රේට් කරලා තියෙන්නේ. හේතුව විදියට script lags වගේ කතා කියලා තියෙනවා. නමුත් ඇත්තටම හේතුව මේක කුල ප්රශ්න පිළිබඳව හැදෙන ෆිල්ම්ස් වල සම්මත රාමුවෙන් පිට පැනපු චිත්රපටියක් වීම.
උදාහරණයක් විදියට ගත්තොත් මේකෙ ප්රධාන චරිතය වන ක්රිශ්නා කියන තරුණයා රෙදි වියන පවුලක ළමයෙක්. සම්මතයට අනුව බැලුවොත් ⁣ඔහු ඉහළ කුලයක කෙනෙක් නෙවෙයි. මේ ගමේත් කුල පීඩනය නැතිවා නෙවෙයි. නමුත් සාමාන්යයෙන් කුල ප්රශ්නෙ පදනම් කරලා හැදෙන ෆිල්ම්ස් වල මෙතෙක් කල් පෙන්නපු විදියට කොයි වෙලාවෙත් කුල පීඩනය කියලා ඒකෙන්ම ප්රෙශර් වෙවී ඉන්නෙ නැහැ මේ ෆිල්ම් එකේ.
මං හිතන්නේ ඒ වෙනස දරා ගන්න අමාරු වුනා ගොඩක් අයට. සිනමාව තුලින් සාමාන්යයෙන් ගොඩනගලා තියන පරිකල්පිත ලෝකයට අනුව මිනිස්සු හිතන්නේ ෆිල්ම් එකක ඉන්න අඩු කුලයකට අයිති තරුණයෙක් හැසිරෙන්න ඕන කොයි වෙලාවෙත් කුඩු මිරිස් කාපු රිලවෙක් වගේ, නැත්නම් නැට්ට ගිණිගත්ත බල්ලෙක් වගේ ?. එහෙම නොවී බැරි වෙලා හරි ඒ කුලපීඩිත තරුණයා හිනා වෙලා කතා කරලා යාළුවො එක්ක සෙට් වෙලා ටිකක් පොසිටිව් විදියට පෙන්නුවොත් ඒක ස්ක්රිප්ට් එකේ අවුලක් ??

කොහොමත් තෙලිඟු සිනමාව දැනට තියන පවුල් වාදයෙන් පීඩිත මඩ ගොහොරුවෙන් උඩට මතු වෙන්නෙ ඉතාම හෙමිහිට. මේ යනවට වඩා වේගෙන් සාමාන්ය මට්ටමේ සිනමාකරුවෙකුට, සාමාන්ය මට්ටමේ නිෂ්පාදකවරයෙකුට තෙලිඟු සිනමාව ඇතුලෙ ගමනක් යන්න බෑ. හැබැයි යන්නෙ හෙමින් ගමනක් වුනත් එක දෙයක් පැහැදිලියි, කිසිම අලුත් අදහසක් නැතුව, පරණ කුප්ප ටැක්ටිස් වලින් තාමත් ෆිල්ම්ස් හදන නාකි සෙට් එක ඉස්සරහා තියෙන්නේ බහින කලාව. මේ OTT ප්ලැට්ෆෝම්ස් නිසා විවෘත වුනු විශාල අවකාශය ඉතා ඉක්මනින්ම දක්ෂ, තරුණ නිර්මාණකරුවන් විසින් ආක්රමණය කරනවා. හාවාගෙයි ඉබ්බගෙයි රේස් එකෙන් අන්තිමේට දිනුවෙ ඉබ්බා කියලා අමතක කරන්න හොඳ නෑ ?

Initial releaseJune 11, 2021
Release date: 11 June 2021;

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *