Appathava Aattaya Pottutanga (2021) By Indeewari Herath
මේ ඔක්තෝම්බර් මාසේ එක දිගටම වගේ බොහොම අපූරු විවිධාකාර දමිළ චිත්‍රපටි රාශියක් රිලීස් වුන මාසයක්. එහෙම ආපු චිත්‍රපටි අතරින් Appathava Aattaya Pottutanga කියන්නේ හොඳම එකක් කියලා කියන්න පුලුවන්. ස්පොයිල් කරන්න හොඳ නැති නිසා චිත්‍රපටියේ කතාව එක වාක්‍යයකට සාරාංශ කරන්නම්;
යාළුවො පස් දෙනෙක් ඉන්නවා. එයින් යාළුවො හතර දෙයක් එකතු වෙලා පස්වෙනි යාළුවට කෙල්ලෙක් එක්ක පැනලා යන්න උදව් කරනවා!
අයියෝ මේක ද චිත්‍රපටිය? මෙහෙම ඒවා නම් අපි මොනතරමක් බලලා තියනවද කියලා හිතුනා නේද? මොනතරමක් බලලා තිබුනත් මම බොහොම වගකීමෙන් කියනවා මේ වගේ 100% fun & emotional ෆිල්ම් එකක් නම් මීට කලින් බලලා නෑ කියලා 



ඇත්තටම මේ චිත්‍රපටියට තෝරාගෙන තියන ‘වැඩිහිටි වයසේ ගැටලු’ කියන කන්සෙප්ට් එකත් දමිළ සිනමාව තුළ පට්ට ගහලා කොට්ට මහපු කන්සෙප්ට් එකක්. චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් තියනවා. නමුත් අර ඊයෙ කතා කරපු සහෝදර ප්‍රේමය පොඩ්ඩක් මොඩිෆයි කරලා අද ඉන්න නිර්මාණ කරුවන් විසින් භාවිතා කරනවා වගේ මේ චිත්‍රපටියෙ කන්සෙප්ට් එකත් ටිකක් මොඩිෆයි කරලා තමයි තියෙන්නේ වර්තමානය වෙද්දි. ඒ කොහොමද කිව්වොත්, අර වැඩිහිටි වයසට තියන සුපුරුදු ප්‍රශ්න වලට අමතරව වැඩිහිටියන් දෙදෙනෙක් අතර ඇති වෙන්න පුලුවන් ප්‍රේමය පිළිබඳව සමාජය තුළ තියන පුහු මතවාද වලට පහර ගැසීමකුත් දකින්න පුලුුවන්.
මෑත අතීතයේ ආපු චිත්‍රපටි අතරින් ‘පවර් පා’ සහ ප්‍රකාශ් රාජ් ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වුනු 60 Vayadu Maaniram චිත්‍රපටි දෙක ටිකක් වෙනස්.
නමුත් මේ Appathava Aattaya Pottutanga කියන්නේ ඒ දෙකටම වඩා සම්පූර්ණයෙන් වෙනස් වැඩක්. වෙනස් කියන්න එක හේතුවක් තමයි මේක සෑහෙන්න හාස්‍යය ජනකයි, ඒ තරමටම හැඟීම්බරයි. අනිත් හේතුව තමයි මේකෙ ප්‍රධාන චරිත කරන ඔක්කොම වගේ ඇත්තටම වැඩිහිටි වයසෙ ඉන්න අය, නමුත් ඔවුන්ගේ රංගනය තාම තරුණයි.
Appathava Aattaya Pottutanga සඳහා රංගනයෙන් දායක වෙන්නෙ චන්ද්‍රා හසන්, ඩිල්ලි ගනේෂ් ඇතුළු නළු නිළියන් පිරිසක්. ආය කියන්න දෙයක්. රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, නියමයි 



මේ චිත්‍රපටිය තුළ සිදුවීම් ගලාගෙන යෑම අති විශිෂ්ඨයි. එක තත්පරයක් වත් මිස් කරගන්නෙ නැතුව එක දිගටම බලාගෙන ඉන්න හිතෙනවා.එතකොට හාස්‍යය පැත්තෙනුත් හොඳටම හොඳයි. මද සිනහව නෙවෙයි හොඳට කට ඇරලා හයියෙන් හිනාවෙන්න පුලුවන් සිදුවීම් සෑහෙන්න තියනවා. හැබැයි ඉස්සරහට යන්න යන්න කතාව සෑහෙන්න ඉමෝෂනල්. චූටි චූටි දේවල් වලටත් ඇස් වල කඳුලු පිරෙන අය ටිෂූ පෙට්ටියකුත් අරගෙනම ෆිල්ම් එක බලන්න වාඩි වෙන්න. ඊළඟට සංගීතය, ඒකත් චිත්‍රපටියෙ සිදුවීම් එක්ක නියමෙටම පෑහිලා යනවා. සසිකුමාර් ගේ Naadodigal (2009) චිත්‍රපටියෙ බොහොම ජනප්‍රිය ගීතයක් වන ‘Sambo Siva Sambo’ සිංදුවෙත් පොඩි කෑල්ලක් අරගෙන තියනවා එක අවස්ථාවකට BGM එක විදියට. තව එතකොට අතරින් පතර රජිණිකාන්ත්ගෙ පන්ච් ඩයලොග් කෑලි එහෙමත් ඇහෙයි. ගණන් ගන්න එපා මේකෙ ඉන්න යාළුවො හැමෝම රජිණිගෙ ඩයිහාඩ් රසිකයො.
කොයිතරම් වයස ගියත් කොල්ලො කොල්ලොම තමයි කියලා කතාවක් තියනවනෙ අන්න ඒ කතාව මේ චිත්‍රපටියෙ ඉන්න කොල්ලො පස් දෙනාට හොඳටම ගැලපෙනවා. Age is just a number !! ඒක නිසා මිස් කරගන්නෙ නැතුව අනිවාර්යයෙන්ම Appathava Aattaya Pottutanga බලන්න 
