Annaatthe (2021) Tamil By Sandeepa Lakshan
මේ වෙන කොට ගොඩක් අය බලල ඇති.එහෙම නැත්නම් බලන්න අරන් ගූ ගොඩක්. ඊය කියල අයින් කරල ඇති.මාත් සැහෙන්න පෝස්ට් දැක්ක මේක ගැන. හැබැයි ඔය ඔක්කොම ඔලුවෙන් අයින් කරල හිත හදන් ෆිල්ම් එක බලන්න ගත්තෙ.ප්රධාන නලුව ගැන අමුතුවෙන් කියන්න ඕන නැනෙ. ඉන්දියාය වගේම ලෝකෙම හොල්ලපු දැවැන්තයෙක්.මේ වෙනකොට නැගීඑන ගොඩක් නලුවො අනුකරනය කරන්න උත්සහ කරන චරිතයක්. රැජිනිකාන්ත් කියන්නෙ වෙනම level එක්ක කෙනෙක්. අපේ උන් තාත්වික සිරා සිද්දි හොයනවන ඒක පොරගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද 70-80-90 දශකවල රැජිනි කියන්නෙ ටසිරි වෙන පොරක්. ඒ කොල්ල කාලෙ ආව චිත්රපට. ඒකාලේ ඕන්නම් ඉන්දියාවෙ සයිට් වල ඇති ෆිල්ම් එකක් එනව කීවම රැජිනිගෙ. කොහොමද තත්වෙ කියලා?
ඒත් දැන් හැමෝම දන්නව වගේ එයාට 70ත් පැන්න. අපේ වචනෙන් කීවොත් සීයෙක්?හරියට සිරා පොටෝ වල තෙමිච්ච කපුටෙක් වගේ?අපහස කරනව නෙමේ ඉතින්. ඒක තමා ඇත්ත. කොහොම නමුත් රැජිනිගෙ ෆිල්ම් බලද්දි මයින්ඩ් එක හදා ගන්න ඕන ඒ level එකට. පොඩි idea එකක් දෙන්නම්. පොර 5000ක් පොර ඉස්සරහට ආවත් ගහනවා. ඒ ගැහිලි ඇක්ශන් ගැහිලි නෙමේ. අත තියනව විතරයි. සතුරා විසික් වෙලා ගිහින් බිත්ති ගලවන් වැටෙනවා. අන්න එහෙමයි… ඒවගෙ ෆිල්ම් වල තාත්වික සීන් හොයනව නම් උබල ඊට වඩා ගොන්?
කොහොම හරි සරලව ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්. බලල නැත්නම් ඉතින් කියවන්න කලින් බලන්න. මට ෆිල්ම් එක සෑහෙන්න සෙට්. පට්ටම ස්ටෝරියක්. අයිය නන්ගි.ඒක සමහර විට මටත් නන්ගියෙක් ඉන්න නිසාද මන්ද. ඒ ආදරේ පට්ටම පට්ට. තමන්ගෙ නංගිට හෝ හුලගක හරි වරදක් උනොත් අයියෙක් හැසිරෙන විදිය. අම්ම තාත්ත නැතිව ඇහැක් වගේ නන්ගි වෙනුවෙන් අයිය ජීවත් උන විදිය. ඒ දෙබස් සෑහෙන්න ෆීල්. මේක මේ ඇක්ශන් බලාපොරොත්තුවෙන් මන් බලපු එකක් නෙමේ. ඉතින් ඒ අයිය නන්ගි වෙනුවෙන් කරන කැපවීම පට්ට.
අනිත් හේතුන් දෙක තමා ප්රදාන නිලියන් දෙපල?Keerthy සහ nayanathara දෙපල?ඔන්න ඔය හේතුවත් චිත්රපටිය බලන්න හේතුසාදකයක් උනා. තව චිත්රපටයේ ස්ටෝරියත් වරදක් කියන්න තරන් බෑ.මොකද මේ චිත්රපටය අවුරුදු 71ක් වයස පොරක්ද මේ ඉන්නෙ කියන එක නොපෙන්වන තැනට පත් කරල තියනවා. සමස්තයක් විදියට මට නම් ෆිල්ම් එක 6.5/10 සෙට්❤එක එක මිනිස්සුන්ගෙ කැමැත්ත අනුව ඒක වෙනස් වෙනවා. කොහොම නමුත් එද මෙදා තුර රැජිනි කියන්නෙ වෙනස් පොරක් තමා. නිකමට හිතුවොත් ලංකාවෙ අපෙ අවුරුදු 71 පොරක් චිත්රපටයක රගපෑවොත් රගපාන චරිතය මොනවගේ වේවිද. නිකන් ඔලුවට අරන් බලන්න.තව ටික්කෙන් මිස් වෙනවා jagapathi babu සහ prakash දෙන්නව. චිත්රපටයට හොද සාර්තකත්වයක් ලබා දුන්න?