And The Oscar Goes to (2019) Malayalam by Dilini Rathnayake
“සිහින_මවන්නැති_අහස_උසට_තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර”
“සිහින”,එහෙමත් නැත්නම් හීන,මේ ලෝකේ ජීවත්වෙන ඕනම මනුස්සයෙක්ව සතුටින් තියන්න පුලුවන් එක දෙයක් තමා හීන කියන්නේ..!
මුලු ජීවිතේ පුරාම එක එක විදියේ හීන පස්සේ හඹා යන අපි සමහර හීනවලට ලං වුනාම ඒ හීනවල බර වැඩියෙන් දැනෙන්න ගන්නවා. කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න හීන මවනකොට තව කෙනෙක් ගායකයෙක්, නලුවෙක් වෙන්න හීන දකිනවා. එහෙම බර හීනයක් පස්සෙ හඹා ගිය තවත් එක තරුණයෙක් තමා #ඉසෑක්_ඊබ්‍රහිම් කියන්නේ..!
අසීමාන්තික බැමි, සීමා මැදදී සමහර වෙලාවට හීනවලට වැට බඳින්නත් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවට ඒ හැම සීමාවක්ම බිඳ දාලා හීන දිගේ ඉගිළීලා යන්න හිතන කෙනෙක් තමා ඉසෑක් කියන්නේ..!
#සිරවෙලා_නැවතිලා_නැතිනම්_සීමාවක
#නිදහසේ_ඉගිලිලා_යමු_එක_රෑනක
????? ???????
☆☆☆☆☆☆☆☆☆
ඔහු, චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙන්න හීන මවපු තරුණයෙක්. හීන මවන්න ලේසි උනාට ඒ හීන හැබෑ කරගන්නවා කියන එක ඒතරමටම ලේසිද..?
ෆිල්ම් එකක් කියන්නේ හරියට මනස සුවපත් කරන ඔසුවක් වගේ. හිතේ තියෙන හැම දුකක් කරදරයක්ම මොහොතකට හරි අමතක කරවන්න එක ෆිල්ම් එකකට පුලුවන්. ඒකට වෙන උදාහරණ ඕන නෑ.. ඔයාලා අපි අතරෙම කීදෙනෙක් ඇතිද මේ අමාරූ කාලේ දවස් 14 කට ගෙදරට කොටු වුනාම පිස්සො වගේ ෆිල්ම්ස්ම බලපු.
හෙට ජීවත් වෙයිද කියලා දන්නේ නැතුව ගෙවෙන ඒ හැම අවිනිශ්චිත තත්පරයක්ම, මොහොතකට අමතක කරලා දාලා පැයක් දෙකක් වගේ කාලයකටහරි වෙනම ලෝකයකට ගිහින් මනස සැහැල්ලු කරගන්න බලන්නේ ඒකනේ..!!!
ඒත්, ඒ හැම නිර්මාණයක් පිටිපස්සෙම අපි නොදන්න කදුලු කතන්දර ඕන තරම් ඇති.. ? නිදි වර්ජිතව ගෙවෙන දවස්, කුසට අහරක් නැතුව ගෙවෙන දවස් ඒ අතරේ අනන්තවත් ඇති.. ඒ හැම කැප කිරීමකම අවසන් ප්‍රතිඵලය තමා හරි ලස්සනට අපේ ඇස් ඉස්සරහා මායාවක් වගේ දිග ඇරෙන්නේ..!
“??? ?? ?????????????”
ඒ ඉසාක් ඊබ්‍රහම්ගේ කුලුඳුල් සිනමා සිත්තමයි. “කණාමැදිරියන්ගේ අහස” නමින් තමා එයා ඒක නම් කරලා තියෙන්නේ.. එයාගේ ගමේ ජීවත් වෙන #මොයිදුක්කාගේ ජීවිත කතාව ඇසුරින් තමා ඒ සංවේදී තිරපිටපත ලියවෙන්නේ.
ඉසාක් මුහුණපාන අගහිගකම්, අසරණකම් එමටයි. ඒ වුනත් ඒ මැද්දෙන් බිහිවුන එයාගේ සිනමා සිත්තම, #වසරේ_හොඳම_චිත්‍රපටය ලෙසට #ජාතික_සම්මාන ලබමින් වසරේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා වන #ඔස්කාර්_සම්මානය සඳහා තරඟ කිරීමට නිල වශයෙන් ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙනවා..!?
මේ #ඉසාක් ඔස්කාර් බලා ගිය ගමන නොවේ..!!! සුවහසක් ඉසාක්ලා හීන හඹා ගිය ගමනේ ඔබ මා නොදුටු අඳුරු පැතිකඩයි..!
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
මේ තමා මලයාලම් සිනමාව. සමහර වෙලාවට දෙබස් දාහකින් කියන්න බැරි රිදුමක් එක ඉරියව්වකින් දෙනවා රිදෙන්නම.
“#සෑම_දෙයම_නිමවිය_හැක_නිමේෂයක
#එහෙම_උනෝතින්_මොනව_හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම..”
