An Angel at My Table (1990) English | Sinhala Article

An Angel at My Table (1990) by Ramitha Vimukthi

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානය ජයග්‍රහණය කළ Jane Camipon, එකල නවක සිනමාකාරිනියක් වශයෙන් ප්‍රථම වරට ජාත්‍යන්තර ඇගයීමක් සහ අවධානයක්‌ ලබා ගන්නේ මෙම චිත්‍රපටයෙන්. මෙයට පාධක වන්නේ නවසීලන්තයේ ප්‍රකට ලේඛිකාවක් සහ කිවිඳියක් වූ ජැනට් ෆ්‍රේම්ගේ ජීවිත කතාවයි. ෆ්‍රේම් විසින් තම චරිතාපදානයන් වශයෙන් රචනා කළ To The Island, An Angel at My Table සහ The Envoy from Mirror City යන කෘතීන් මෙයට පාධකවී ඇත. හෝරා දෙකහාමාරක් පුරාවට දිග හැරෙන මෙම චිත්‍රපටය, ෆ්‍රේම්ගේ ජීවිත කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරනවා. ඇයගේ ළමා අවදිය, නව යොවුන් විය සහ පසුව අවතීර්ණ වන ලේඛන ජීවිතය. මෙහි ජැනට් ෆ්‍රේම්ගේ චරිතය රඟ දක්වන කෙරී ෆොක්ස් නම් රංගන ශිල්පිනියගේ පළමු චිත්‍රපට රංගනයද මෙයයි.

ජැනට්ගේ පවුල ප්‍රධාන වශයෙන් ජීවත් වූයේ නවසිලන්තයේ South Island හි පිහිටි Oamaru නම් ගම්මානයේ. ළමුන් පස්දෙනෙකුගෙන් සමන්විත වූ එම පවුලේ තුන්වැන්නා ඇයයි. ජැනට්ගේ කුඩා අවදියේ සහ නව යොවුන් වියේදී, ඛේදවාචකයන් තුනකට මුහුණ දීමට සිදුවනවා. මින් පළමු සහ දෙවෙනි ඛේදවාචකයන් ලෙස සැලකෙන්නේ ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු අවස්ථාවන් දෙකකදී දියේ ගිලී මිය යාමයි. ජැනට් යනු කුඩා කළ පටන්ම ඉතා ලැජ්ජාශීලී ගති පැවතුම් ඇති කාන්තාවක්. ඇය තරුණ වියට අවතීර්ණ වන්නේ ගුරුවරියක් වශයෙන් පුහුණු වීමටයි. නමුත් ඇය එහිදී දැඩි මානසික කඩා වැටීමකට පත්වනවා. ජැනට්ගේ මානසික සෞඛ්‍ය තත්වය කෙමෙන් බිඳ වැටෙනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් ඇය අවසන් වන්නේ මානසික රෝහලකයි. ඇය schizophrenia යන මානසික තත්වයෙන් පෙලෙන වග වෛද්‍ය වාර්තා නිගමනය කරනවා. මෙවැනි අභියෝග මැද ජැනට් ෆ්‍රේම් නවසීලන්තයේ ප්‍රකට ලේඛිකාවක් ලෙස ඉදිරියට පැමිණෙන ආකාරය මෙම චිත්‍රපටයෙන් අධ්‍යනය වනවා.

Jane Campion ගේ අධ්‍යක්ෂණයෙන් සහ Laura Jones ගේ තිර රචනයෙන් සමන්විත වන මෙම චිත්‍රපටය, මූලිකව කෙටි ටෙලි කතා මාලාවක් ලෙස නිර්මාණය වූවත් අවසානයේ හෝරා දෙකහාමාරක් පුරා දිවෙන feature චිත්‍රපටයක් ලෙස තිරගත වනවා. An Angel at My Table හරහා විෂාදය වැනි මානසික තත්වයන් පිලිබඳ හොඳ විග්‍රහයක් ලබා දෙනවා. නමුත් මෙහි ප්‍රභල ලෙස පෙන්නුම් කර තිබුනේ childhood trauma සහ අර්බුදකාරී පවුල් පසුබිම්, පුද්ගලයෙකුගේ වත්මන් තත්වයට මොනයම් ආකාරයකට බලපානවාද යන කාරණයයි. ජැනට් ෆ්‍රේම් ඇගේ යෞවන කාලය පුරාවටම මෙම අතීත සිදුවීම් හමුවේ මානසිකව විඳවනවා. එම අතීත තුවාලයන් සහ ඇගේ නව යොවුන් අවදිය ඇගේ බහුතරයක් සාහිත්‍ය කෘතීන් වලට පාධක වන ආකාරය මෙහි පෙන්නුම් කර තිබෙනවා.

මෙහි ජැනට් ෆ්‍රේම්ට පණ පොවන Kerry Fox, මූලිකව මෙම චරිතයට ප්‍රභලව අවතීර්ණ නොවුනත් සමස්තයක් වශයෙන් එයට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබෙනවා. මෙම චිත්‍රපටයේ දර්ශනයන් තුල ඇති අඳුරු පසුබිම් තුලින්, ජැනට් ෆ්‍රේම් තුල කැටිව තිබෙන ව්‍යාකූල බව සංකේත කර තිබෙනවා. මෙහි සිනමාකරණය සිදු කළ Stuart Dryburgh ඉතා විශිෂ්ට ලෙස එම චරිතයේ ඇති ව්‍යාකූල ස්වභාවය තම කැමරාවට හසු කර ගෙන තිබෙනවා. An Angel at My Table සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍රවී තිබෙනවා. ඉන් ප්‍රධාන සම්මාන ද්විත්වයක් වන්නේ වෙනීස් චිත්‍රපට උළෙලේ Grand Special Jury Prize සහ Independent Spirit Awards හි Best Foreign Language Film යන සම්මානයන්ය.

ජැනට් ෆ්‍රේම්ගේ කෘති වෙනුවෙන් ඉහල ප්‍රේක්ෂකාගාරයක් විවර කිරීමට සමත් වූ චිත්‍රපටයක් මෙය. ඔබ‍ට තිබෙනවා නම් Netflix ඔස්සේ මෙය නරඹන්නට පුළුවන්.

An Angel at My Table scored 7.5 out of 10 on IMDb.

An Angel at My Table scored 95 percent on Rotten Tomatoes.

An Angel at My Table scored 79 percent on Metacritic.
80% liked this film Google users
Release date: September 20, 1990 (Australia)
Director: Jane Campion
Story by: Janet Frame
Screenplay: Laura Jones
Music by: Don McGlashan

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *