Amélie:The fabulous destiny of amelie poulain (2001) French

Amélie:The fabulous destiny of amelie poulain(2001)


IMDb-8.3
R.T-88%
Romance-comedy

——————————————————————–

දැක්ක ගමන් Gamers ලට නම් මතක් උනා නේ කාව හරි? ඔව් ඔව් මේ තමා Fitgirl.
හැබැයි Fitgirl කියන්නෙ Amelie(Audrie Tautou)ට තමා.Fitgirl repacks වලට මෙයාගෙ සම්බන්ධය නම් මම දන් නෑ. හැබැයි ඔය හේතුවම තමා මාව මේ Film එක බලන්ඩ යොමු කෙරෙව්වෙ. මේක මම සුපිරියක්. මේක මාර ලස්සනයි,බැලුවට පාඩු නෑ. ආස හිතෙන කතාවක් කියලනම් කියන්ඩ පුළුවන්. Comedy කිව්වට ලොකුවට හිනා වෙන්ඩත් නෑ හැබැයි, Director ලස්සනට film එක අපිට සමීප කරනව ඇහැ එළියට ගන්න බැරිවෙන්ඩ. ගොඩක් ලස්සන නිර්මාණයක් ♥️

 

——————————————————————–

මේ නිර්මාණය කොච්චර සාර්ථකද කියනවනම් ලෝකයේ තිරගත වෙච්ච French films වලින් සාර්ථකම නිර්මාණය තමා මේක. සීමාසහිත තිරගත කිරීමක් විදියට තිබිලත් මේ film එක ඩො.මි.174.2ක ආදායමක් ලබාගෙන තියනවා. වියදම් වෙලා තියෙන්නෙ යන්තම් ඩො.මි 10 වගේ. හිතාගන්ඩකො success එක.Oscar nominations 5ක්,Golden globe 1ක්,BAFTA 2ක්,ceaser 2ක් වගේ සම්මාන රාශියක් මේක දිනා ගත්ත.

——————————————————————–

කතාව මෙහෙමයි. ඇමෙලී උපදින්නෙ අමුතුම පවුලක. තාත්ත ඩොකෙක්. හැබැයි ගොඩක් සමාජශීලී නෑ. අම්මා Teacher කෙනෙක්, එයත් ඒ වගෙම තමා.තාත්තගෙ මෝඩකම හින්ද මෙයාට ස්කෝලෙ යන්ඩ පුළුවන්කම තිබියදිත් ඒක අහිමි වෙනව. අම්ම තමා ගෙදර තියන් මෙයාට උගන්නන්නේ. ඉතිනි ඇමෙලිටත් සමාජශීලි ගතිය නැති වෙනව. මේ අතරම අම්මා නැති වෙනව. තාත්ත තවත් ගෙදරම කොටු වෙන අතරම මෙයාටත් එහෙමම වෙනව. හැබැයි අවුරුදු 18 වෙද්දි මෙයා වේටර් රස්සාවකට යනව. ඒ අතරම කෙල්ලෙක් විදියට මෙයා කරන්ඩ ඕන, ගන්ඩ පුළුවන් අත්දැකීම් ගොඩක් අත්විදිනව. හැබැයි මෙයෑ තනියම තමා ඉන්නෙ. එයා කැමති ඒකට. මන් කලින් කිව්වෙ නෑ, මෙයෑට ලස්සන Imagination එකක් තියනව. Film එක බැලුවනම් තමා තේරෙන්නෙ.

එක දවසක මෙයෑට හම්බෙනව වෙන කෙනෙකුට අයිති දෙයක්,ඒ දෙයත් එක්කම මෙයා තීරණයක් ගන්නව. ඒ තීරණය හින්දම මෙයාගෙ ජීවිතේ ලස්සන පැත්තකට හැරෙනව. ඉතින් මොකක්ද හම්බෙන්නෙ, ගන්න තීරණය මොකක්ද, ජීවිතේ ලස්සන වෙන්නෙ කොහොමද බලන්ඩ නම් මේක බලන්ඩම වෙනව……… අන්තිමට ඇමෙලිට එයාගෙ ආදරයත් හම්බෙනව?

——————————————————————–

අනිව බලන්ඩ ලස්සන කතාවක්.♠️

Jean-Pierre
Release dateApril 25, 2001 (France)
Story byGuillaume Laurant; Jean-Pierre Jeunet

යසිත් භාග්‍ය

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *