Alia Bhatt Indian Actress By Charith Moragoda
නෙපොටිසම් එහෙමත් නැත්නම් ඥාතිසංග්‍රහය ගැන බොලිවුඩය උසුලන්නේ කුප්‍රකට නමක්. නළු නිළියන්ගේ, අධ්‍යක්ෂක වරුන්ගේ, නිශ්පාදකවරුන්ගේ, පමණක් නෙමේ පසුබිම් ගායකයා ගායිකාව සිට කාර්මික ශිල්පියා දක්වා මේ හැම පරාසයකම ක්ශේස්ත්‍රයට දායක වූවන් තමන්ගේ දරු දැරියන් ඇටෙන් පොත්තෙන් එළියට එන්නටත් පෙර සිටම නළුවන් හෝ නිළියන් ලෙසින් කළ එලි බැස්සවීම මේ වන විට බොලිවුඩයේ විලාසිතාවක් වෙලා.. ඇත්‍තටම එය විලාසිතාවකටත් එහා ගිය වසංගතයක් වෙලා කිව්වොත් නිවැරදියි.
මේ බොලිවුඩ් වසංගතේ අස්සේ බොලිවුඩයට වසන්තය ගෙනාපු දක්ශ “තරු දැරියක්” ගැනයි මේ සටහන.
ඈ නමින් ආලියා භට්… ❤️❤️❤️❤️
අතු පතර විහිදී ගිය දැවැන්ත සිනමා පවුලක තවත් එක් පුරුකක් නොවී ඒ දැවැන්ත වෘක්ශයට අලංකාරයක් එක්කල ඒ තුරුහිස පිපිණු මලක් කිව්වොත් ඊට වඩා හොඳ උදාහරණයක් ඈ වෙනුවෙන් නැති තරම්.
ඇය සිනමාවට පිවිසෙන්නෙ ළමා නිළියක් ලෙසින්.ඒ ආක්ශේ කුමාර්, ප්‍රීති සින්ටා සහ අශිතෝශ් රාණා රංගනයෙන් දායක වූ තනූජා චන්ද්‍රා අධ්‍යක්ෂණය කළ Sangarsh චිත්‍රපටය තුලින්. ඈ එහි ප්‍රීති සින්ටා ගේ ළමා කාලය නිරූපණය කළා. ඒ ඇයට වයස අවුරුදු හයක් තරම් කාලයේ.
ඉන් අනතුරුව නෙපොටිසම් කිං ලෙසින් විරුදාවලි ලත් කරන් ජෝහාර් ගේ අධ්‍යක්ෂණයකින් තමයි ඇය බොලිවුඩයේ දෙවන ගමන අරඹන්නේ. ඒ The Student Of The Year චිත්‍රපටය හරහා.
තමන් රංගනයෙන් දායක වූ දෙවන චිත්‍රපටයෙන්ම ප්‍රේක්ශකයා මවිත කිරීමට සමත් වන ඈ කරන් ජෝහාර් නිසා ඈට ඈඳුනු “චොකලට් ගර්ල්” අන්වර්තයද ගලවා විසි කරන්නේ දක්ශ චරිතාංග නිළියකගේ ආගමනය සනිටුහන් කරමින්.ඒ ඉමිතියාස් අලී අධ්‍යක්ෂණය කළ Highway චිත්‍රපටය වෙනුවෙන් ඈ වසරේ හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයා විචාරක සම්මානය පවා දිනා ගන්නවා.
බොලිවුඩයට අනන්‍ය වූ සියළුම සාම්ප්‍රදායන් අතික්‍රමනය කරමින් ඈ මේ සුළු කාලය තුල සිය දක්ශතා පෙන්වා අවසන්.
බටහිර සම්ප්‍රදායේ The Student Of The Year, Shaandaar, Kapoor and sons, වැනි නිර්මාණ හරහාද, තාත්වික යතාරූපි සිනමාව Highway, Udtha Panjab, Gully Boy වැනි නිර්මාණ ඔස්සේද, මැදමාවතේ සිනමාව Two State , Dear Zinadi, Raazi වැනි නිර්මාණ තුලින්ද ජයගත් නමුත් ඈ බොලිවූඩ් සම්ප්‍රදායේ එන ශෛලීගත නාට්‍යානුරූපී චරිත හරහා නම් දැක ගත හැකි වූයේ එක්වරක් පමණයි. ඒ කලන්ක් තුලින්.
කෙසේ නමුත් සංජේ ලීලා බන්සාලිගේ “Gangubhai” නැරඹීමෙන් අනතුරුව මමත් ඇගේ රසිකයෙක් වෙලා.
කවුරුන් කුමක් කීවත් ඥාතිසංග්‍රහයට ණය නැති ආලියා එක් රාමුවකට කොටු නොවූ චරිත නිරූපණයෙන් සහ Comfert Zone ආකෘතියෙන් බැහැරව අවි සූදානම් කරන්නේ නුදුරේදීම කිරුළ වෙනුවෙන් තිරයේ සටන් වදින්නටද..? දීපිකා මේ ඔබේ අවධාණය පිණිසයි..!!