Alankrita Shrivastava Indian Film Director by Ramitha Vimukthi
Alankrita පිළිබඳව කතාබහ කිරීමට සිතුවේ පසුගිය සතියේ අපේ Upul Dissanayake සහෝදරයා ඉදිරිපත් කරපු කාරණයක් නිසා. ඉන්දියානු සිනමාවේ ඇතිවූ ස්ත්‍රීවාදී චිත්‍රපට සම්බන්දව ඇතිවූ හරවත් සහ රසවත් මතවාදයන් රැසක් එම සටහන යටතේ හුවමාරු වුනා. එහිදී බොහෝ දෙනෙකුගේ නිගමනය වූයේ ඉන්දියානු සිනමා කෘතීන් තුල බොහෝ සෙයින් ඇතුලත් වූයේ කාන්තාව සවිබල ගැන්වීමේ තේමාවන් මිසක, බහුතරයක් ස්ත්‍රීවාදී තේමාවන් නොවන වගයි. ඉන්දියානු සිනමාවේ බොහෝ ස්ත්‍රීවාදී සිනමා කෘතීන් ලෙස හඳුන්වන නිර්මාණයන් තුල, බොහෝ සෙයින් පාධක වූයේ කාන්තා හිංසනය යන මාතෘකාවයි. එම හිංසනයෙන් පීඩා විඳ එයින් ශක්තිමත්ව ජයග්‍රහණයක් අවසානයේ අත්පත් කර ගන්නා කාන්තාවක්, මෙම සිනමා කෘතීන් තුල ඇතුලත් වනවා. නමුත් සැබවින්ම මෙය ස්ත්‍රීවාදයද?. Feminism යන යෙදුම විකිපීඩියා තුල විග්‍රහ කර ඇත්තේ මෙලෙසයි : “it is a range of social movements, political movements, and ideologies that aim to define and establish the political, economic, personal and social equality of the sexes.” මේ අර්ථ දැක්වීමට අවධානය යොමු කරොත්, සැබවින්ම කාන්තා හිංසනය වැනි කාරණයක් තුලින් මුළුමනින්ම ස්ත්‍රීවාදී කියවීමක් ලබා ගැනීමට කිසි සේත්ම නොහැක. ඉන්දියානු සිනමාව තුල බොහෝ අවස්ථාවන් වල අවාසනාවට සිරවී ඇත්තේ කාන්තා හිංසනය යන රාමුව තුලයි.
නමුත් Alankrita Shrivastava යනු වර්තමානයේ සිටින අධ්‍යක්ෂකවරුන් අතරින්, තම සිනමා නිර්මාණ තුල සාර්ථක ස්ත්‍රීවාදී කියවීම් ඉදිරිපත් කළ අධ්‍යක්ෂකවරියක්. විශේෂයෙන්ම ස්ත්‍රීවාදය යන යෙදුමේ ඇති සමාජ දේශපාලනික විග්‍රහයන් ඇයගේ නිර්මාණකරණය තුල ඇතුලත්වී තිබෙනවා. Alankrita සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සහාය අධ්‍යක්ෂකවරියක් වශයෙන්. ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රකාශ් ජාගේ සිනමා නිර්මාණයන්ට ඇය සහාය අධ්‍යක්ෂණයෙන් දායකවී තිබෙනවා. ඉන් කිහිපයක් වන්නේ Gangaajal, Apaharan සහ Raajneeti. ඇගේ පළමු චිත්‍රපට නිර්මාණය වන්නේ 2011 දී තිරගත වූ Turning 30. මෙය සිනමා විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් අතර එතරම් සාර්ථක නිර්මාණයක් නොව.
Alankrita ගේ හැරවුම් ලක්‍ෂය සිදු වන්නේ 2017 දී තිරගත වූ Lipstick Under My Burkha චිත්‍රපටය හරහා. මෙම චිත්‍රපටයට ඉන්දියාවේ රැඟුම් පාලක මණ්ඩලයත් සමග විශාල සටනකට මුහුණ දීමට සිදු වනවා. 2016 දී Tokyo චිත්‍රපට උළෙලේ තිරගත වූ මෙය, එහි ඇති ආන්දෝලනාත්මක තේමාවන් හමුවේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය මෙය තහනම් කිරීමට තීරණය කරනවා. එයට හේතූන් වශයෙන් රැඟුම් පාලක මණ්ඩලය හේතු දැක්වූයේ මෙලෙසයි : ” The story is lady oriented, their fantasy above. There are continuous sexual scenes, abusive words, audio pornography and a bit sensitive touch about one particular section of society”. මේ ආකාරයේ අතිශය ලිංගික කුහක සහ ස්ත්‍රී විරෝධී ප්‍රකාශයක් රැඟුම් පාලක මණ්ඩලය ඉදිරිපත් කරේ. කෙසේ හෝ ඔවුන් සමග සිදු කළ විශාල සටනකින් අනතුරුව, මෙය 2017 ජූලි මාසයේ තිරගත වනවා. මෙම ආන්දෝලනාත්මක සිදුවීමත් සමග ඉන්දීය සමාජයේ කාන්තාවක් වීම නිසා මුහුණ දීමට සිදුවන ලිංගික කුහකත්වයන් සම්බන්දයෙන් විශාල කථිකාවක් ගොඩ නැගුනා. විශේෂයෙන්ම කාන්තාව සහ ලිංගිකත්වය සම්බන්දව. ඉන්දීය සිනමාවේ වාණිජ දාරාව තුල පිරිමින්ගේ ලිංගික ෆැන්ටසියන් පිලිබඳ සිනමාපට පෙලක් වාරණයකින් තොරව, වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ නිකුත් වී තිබෙනවා. නමුත් ඔවුන්ට එවැනි තේමාවන් සම්බන්දව කාන්තාවගේ කෝණය දැකීමට විරෝධයක් දක්වා තිබෙනවා. මෙයට Alankrita ද ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි :
” What happened with censor board was a wake up call for me because I realized that women are not as free to express themselves and tell their stories as I thought were. And I do feel there is a lot of hypocrisy and double standards in society and particularly with how the censor board acted because I feel there is enough sexual content in Indian cinema. It’s just that it’s always catering to male fulfillment and the only reason I felt that they had objections to the film is because it was not catering to the male gaze. It was making patriarchy uncomfortable and it was just pointing out to those simple things that if you think that your Babhi, your Chachi or your Buwa or your sister or your daughter, that typical way of identifying women. She is very happy and you think that’s all she is upto and thats all she wants, then that’s not true.” (Video Source : https://youtu.be/wXjoQcsSUUs)
Lipstick Under My Burkha චිත්‍රපටය පාධක වන්නේ විවිද වයස් තුල සිටින කාන්තාවන් සිව් දෙනෙකු, අතිශයින් පසුගාමී සහ පුරුෂ මූලික සමාජයක සිදු කරන අරගලයන් සම්බන්දවය. Alankrita ගේ අදහසට අනුව ඉන්දියානු සිනමාව තුල ගැහැණිය බොහෝ විට අධ්‍යනය වන්නේ පුරුෂ කෝණයකින් නැතිනම් male gaze තුලින් මිස, ස්ත්‍රීයගේ/female gaze කෝණයෙන් නොවන බව. මෙහිදී කාන්තාවකගේ සිතුම් පැතුම් සම්බන්දව යථාර්තවාදී දැක්මක් පෙන්නුම් කිරීමට බොහෝ පුරුෂ නිර්මාණකරුවන් අසමත්වී තිබෙනවා යන මතය ඇය විශ්වාස කරනවා. Alankrita ගේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු වාණිජ සිනමාව ගත් කළ බොහෝ කාන්තාවන් සම්බන්දව සිදු කළ චිත්‍රපටයන් තුල (Pink, Padman, Toilet Ek Prem Katha සහ Dangal ) පවා ප්‍රධාන කේන්ද්‍රය තිබුනේ පිරිමියාගේ ඉදිරිපත් කරන කෝණය තුලයි. එතැනදී female gaze එකක් තිබුනේ නැත. Lipstick Under My Burkha චිත්‍රපටය හරහා ස්ත්‍රීය සම්බන්ද ඉදිරිපත් කරන දෘෂ්ටි කෝණ හතරක් ඉදිරිපත් කරනවා. විශ්ව විද්‍යාල කාන්තාවක්, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තනන තරුණියක්, සැමියාට සොරෙන් වෘතියක නියැලෙන තිදරු මවක් සහ ලිංගික තෘප්තියක් ලබන අවුරුදු 55 ක කාන්තාවක්. මෙතැනදී අප මෙම සෑම කෝණයක්ම දකින්නේ ගැහැණියකගේ ඇසින්. එම සෑම කෝණයක් තුලම ස්ත්‍රීවාදී මුලධර්මයන්හි අධ්‍යනය වන සමාජ දේශපාලනික පැතිකඩවල් පෙන්නුම් කරනවා.
Lipstick Under My Burkha චිත්‍රපටයේ අපට හමුවන ඌශාගේ චරිතය හරහා, එවැනි වයස් සීමාවක ලිංගික තෘප්තියක් ලබන කාන්තාවකගේ දැක්මක් ඉන්දියානු සිනමාව තුල ප්‍රභලව පෙන්නුම් කරපු මුල්ම අවස්ථාවක්. Dolly Kitty Aur Woh හි ඩොලී සහ Bombay Begums හි රාණි හරහා, මැදි වයස් අර්බුදයන් තුල සිටින කාන්තාවන් දෙදෙනෙක් පිලිබඳ ප්‍රභල විග්‍රහයක් ඉදිරිපත් කරා. ඒ සමගම ලිප්ස්ටික්හි Leela/ Rehana, Dolly Kitty Aur Woh හි කිටී සහ Bombay Begums හි අයේෂාගේ චරිතයන් හරහා, පසුගාමී සමාජ රටාවක ජීවත් වන නූතන ස්වාදීන මතවාදයන් දරණ යුවතියන්ගේ අරගලයන් පෙන්නුම් කළා. ඉහත සඳහන් කළ සෑම චරිතයන්ගේ ඇතුලාන්තයට ගමන් කිරීමට Alankrita සමත් වුනා.
මාගේ මතය අනුව Alankrita Shrivastava යනු ඉන්දියානු සිනමාව තුල ප්‍රභල ස්ත්‍රීවාදී දැක්මක් ඉදිරිපත් කළ නිර්මාණකරුවන් අතලොස්සෙන් එක්කෙනෙකි. තවමත් ඇයගේ නිර්මාණ නැරඹීමට අවස්ථාවක් නොලැබුනා නම් Lipstick Under My Burkha සහ Dolly Kitty Aur Woh Chamakte Sitare, යනු ඔබට ඉහලින්ම නිර්දේශ කළ හැකි නිර්මාණ. ඒ සමගම Bombay Begums විශිෂ්ට නිර්මාණයක් නොවුනත්, සමස්තයක් වශයෙන් හොඳ නිර්මාණයක්. Made In Heaven කතා මාලාවේ කොටස් කිහිපයක්‌ද, Alankrita අධ්‍යක්ෂණය කළා.
සංවාදයට :
1. Alankrita ගේ නිර්මාණයන් තුල ඇති ස්ත්‍රීවාදී කෝණයන් පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?. (හැකි නම් ඇගේ කැමතිම නිර්මාණයන් පිලිබඳවද අදහසක් දක්වන්න )
2. මින් ඉදිරියට ඔබ ඇය තුලින් මොනයම් ආකාරයක නිර්මාණයක් දැක ගැනීමට කැමතිද?.