Ajith Kumar Kllywood Actor | Sinhala Article

????? ?? ????? ?????

1971 වසරේ මැයි මස 1 වෙනිදා ඉන්දියාවේ සිකන්ද්රාබාද් හි උපත ලද මොහු නමින් Ajith Kumar. මේ වන විට වයස අවුරුදු 50 ක් පිරී ඇති මොහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්…. ප්රධාන වශයෙන් කොලිවුඩ් සිනමාව තුල එහෙමත් නැත්තන් දමිළ සිනමාව තුල තම රංගනයෙන් දායක වන මොහු මේ වන විට චිත්රපට 50 කට අධික සංඛ්යාවක තම රංගනයෙන් දායක වෙලා තියෙනවා ….
අජිත්ගේ සිනමා දිවිය ආරම්භ වෙන්නේ 1990 වසරේ තිරගත වන En Veedu En Kanavar දමිළ චිත්රපටයේ කුඩා චරිතයක් නිරූපණය කිරීමත් සමඟයි , ඉන් පසු Kadhal Kottai (1996) , Aval Varuvala (1998) සහ Kaadhal Mannan (1998) යන චිත්රපට වල ආදරවන්තයෙකුගේ චරිත නිරූපණය කරා. පසුව 1999 තිරගතවූ Amarkalam චිත්රපටයෙන් ඔහුගේ සිනමාදිවියේ පළමු ක්රියාදාම වීරයෙකුගේ චරිතය නිරූපණය කරනවා ..පසුව S. J. Surya විසින් අධ්යක්ෂනය කරන Vaalee (1999) චිත්රපටය තුලින් එකම චිත්රපටයක් තුළ වෙනස් විදිහෙ චරිත දෙකක් රඟපෑ ඔහුගේ පළමු චිත්රපටය Vaalee (1999 ) චිත්රපටය උනා…..පසුව Saravana Subbiah විසින් අධ්යක්ෂනය කරන 2001 වසරේ තිරගතවූ Citizen චිත්රපටයේ ඔහු රංගනයෙන් දායක වූ චරිත දෙකේ ඔහුගේ රංගනයෙන් නිසා දමිළ සිනමාව තුල විවේචනාත්මක පැසසුමට ලක් වෙන්න අජිත් සමත් උනා.පසුව K. S. Ravikumar විසින් අධ්යක්ෂනය කරන 2006 දී තිරගතවූ Varalaru දමිළ චිත්රපටය තුළ ඔහු චරිත තුනක් රඟ දක්වනවා ඒ පියාගේ සහ දරුවන් දෙදෙනාගේ චරිත, ඒ විතරක් නෙමේ එවකට එනම් 2006 වසරේ වැඩිම ආදායමක් උපයා ගන්න ද මෙම චිත්රපටය සමත් වෙනවා ..
මේ දේවල් වලින් පසුව 2007 වසරේ තිරගතවන Kireedam (2007) සහ Billa (2007) යන චිත්රපටය දෙකේ රංගනයත් සමඟම නැවත වාරයක් රසික හදවත් තුල පැසසුමට ලක් වෙන්න අජිත් සමත් වෙනවා.මේ දේවලුත් සමඟ 2011 වසරේ තිරගතවන Mankatha දමිළ චිත්රපටය මෙතෙක් වැඩිම ආදායම් උපයාගත් දමිළ චිත්රපට අතරට එක් වෙනවා.
ඉතිං මේ දේවල් වලට අමතරව අජිත් කියන්නෙ කාර් රේසර් කෙනෙක් මුම්භායි , දිල්ලි , චෙන්නායි වැනි නගර වල පිහිටි ධාවන පරිපත වල තරඟ කරන මොහු ජාත්යන්තර තලයේ “ෆෝමියුලා ශූරතාවලියේ” තරඟ කරන ඉන්දියානුවන් අතලොස්සෙන් එක් තරඟකරුවෙක් බවට අජිත් කුමාර් පත් වෙලා තියෙනවා .2003 Formula Asia BMW තරඟයෙද , 2010 වසරේදී ෆෝමියුලා ශූරතාවලියේ තවත් ඉන්දියානුවන් දෙදෙනෙකු වන අර්මාන් ඊබ්රාහිම් සහ පාර්තිවා සුරේෂ්වරන් සමඟ තරඟ වැදුනා..
මීට අමතරව ඉන්දීය කීර්තිමත් පුද්ගලයින්ගේ වාර්ෂික ඉපැයීම මත පදනම්ව මොහු ෆෝබ්ස් ඉන්දියා කීර්තිමත් 100 ලැයිස්තුවට තුන් වතාවක්ම ඇතුලත් වෙන්න සමත් වෙනවා….
අජිත්ගේ පෞද්ගලික ජීවිතේ ගැන ටිකක් බැලුවොත් ………
1990 වසරේ මැද භාගයේ වගේ ඉන්දියානු නිලි Heera Rajagopal සමඟ ප්රේම සම්භන්දතාවයක් පවත්වාගෙන යන නමුත් 1998 වසරේදී යම් හේතූන් නිසා එම සම්භන්දය නතර වෙනවා..පසුව 1999 වසරේ තිරගතවූ Amarkalam දමිළ චිත්රපටයේ ප්රධාන නිලිය වූ Shalini සමඟ ප්රේම සම්භන්දතාවයක් ආරම්භ කරන අතර රංගන ශිල්පී Ramesh Khanna අජිත්ට අවවාධ කරනවා නිලියක් සමඟ විවාහ නොවෙන ලෙස කෙසේ නමුත් ඒ දේවල් කනකට නොගත් අජිත් 1999 ජුනි මාසයේදී එවකට නිලියක් වන මම කලින් පැවසූ “ශාලිනී” ට යෝජනා කරනවා පසුව 2000 වසරේ අප්රේල් මාසයේදී චෙන්නායි වල ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. මෙලෙස ජීවිතේ ගෙවූ ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය වන “අනුෂ්කා” 2008 වසරේ ජනවාරි මස 3 වෙනිදා චෙන්නායි හීදී උපත ලබන අතර 2015 මාර්තු මස 2 දා ඔවුන් දෙදෙනාගේ කුඩා පුතු “ආඩ්වික්” උපත ලබනවා…….
මේ වන විට අජිත් ලබාගෙන ඇති සම්මාන කීපයක නම් මම පහතින් දාන්නම්….
  1. විජය සම්මාන 4 ක් ,
  2. සිනමා එක්ස්ප්රස් සම්මාන තුනක්,
  3. ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක්
  4. දකුණු සහ තමිල්නාඩු ප්රාන්ත චිත්රපට සම්මාන තුනක් ඔහු ලබාගත් සම්මාන අතරට ඇතුලත් වෙනවා……

අශේන් මධුරංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *