“Aayirathil Oruvan – ஆயிரத்தில் ஒருவன்”(2010)
‘චෝළ සංචාරය දිගේ මනුෂ්‍යත්වය සොය යමු.’
“ආයිරාතිල් ඔරුවන්” චිත්‍රපටයේ Cult Classic ගතියට වැඩිමනක් ප්‍රියතාවයක් දක්වන වැඩිකම නිසාදෝ දමිළ සිනමාවෙි නිමැවුණු විස්මයාන්විත ෆැන්ටසි සිනමා ප්‍රවාහයකට හසු වීමෙි ඉඩ හසර වෙන්කරන්නට “ආයිරාතිල් ඔරුවන්” චිත්‍රපටයට හැකි වුනා. ක්‍රියාදාම ත්‍රාසජනක “අයිරාතිල් ඔරුවන්” යනු දෙමළ සිනමාවේ නිරර්ථක ලෝකය තුළ නවමුබවකින්, අලුත් බවකින් ලෝක සිනමාව වෙත ප්‍රවෙිශවන්නට දැරෑ නිර්භීත උත්සාහයකි. ඒකාකෘති විලංගුවලින් බැහැරව අධ්‍යක්ෂවරයා අපව නව ලෝකයකට ප්‍රවාහනය කරයි. දමිළ සිනමාවෙන් බිහි වු විශිෂ්ටතම ෆැන්ටසි කතන්දරයක් විදියට ආයිරාත්තිල් ඔරැවන්” හඳුන්වන්නෙ කිසිදු පැකිළිමකින් තොරවයි. අධිමාත්‍රාගත ත්‍රිත්ව පැයකට හසුකරන සිනමාපටය අවසානය දක්වා ප්‍රේක්ෂකයා අත්අඩංගුවට පත් වෙයි. විශ්මිත පසුතල, විසල් ලොවකට කැඳවාගෙන යන ශිෂ්ටාචාර මිනිසුන්, ජනාවාස සමඟින් ඇඩ්‍රිනලීන් හෝමෝන ශ්‍රාවය වැඩි කරන සටන් ජවනිකා චිත්‍රපටයේ අගය ඉහළ දමයි. පරිකල්පනය තුළ කිමිදෙන්නට ප්‍රේක්ෂකයාට බල කරයි. චිත්‍රපටය අතීතයටත්, අනතුරුව වර්තමානයටත් දෝලනය වන ශෛලියක් රැගත් චිත්‍රපටයකි.
ප්‍රධාන වු පුද්ගල ත්‍රිත්වයක් සමඟ අති විශාල කණ්ඩායමක් වියටිනාමයේ දුපත් අතැ වැළලි ගිය අතීත දකුණු ඉන්දියාවෙි බිහි වු චෝළ ශිෂ්ටාචාරයක් සොයා යන ගමනාන්තයක් පිළිබඳ සිනමාපටය හි වස්තු විෂය වී ඇත. මෙම ගවෙිෂණාත්මක සංචාරයේ ඇති දුෂ්කරබව, කටුකත්වය, නිරැදක කතර තරණය වඩාත් වෙහෙසකර බව පෙන්වන කහපැහැති ආලෝක ප්‍රභව, දැඩි කුසගින්න, තිබහ ඇති කරන කර්කෂ පරිසරය, මිරිඟු දර්ශන සිනමාපටයේ විශ්වසනීයත්වය වැඩි කරයි. Visually stunning ගතිය බහුල ය. රෑප සත්කාරයෙන් අනුන ය. ඇස රවටන මනරමි ගීත නිරූපණයන්, සිත් ඇදගන්නාසුළු දර්ශන සමඟ යළි යළිත් අසන්නට සහ නරඹන්නට සිත් දෙන ගීත රෑප රචනා නවමුතාවයෙන් යුක්ත ය.
“ටොමිබි රයිඩර්” වැනි හොලිවුඩි චිත්‍රපට සිහිගන්වන පුරාවිද්‍යාවෙි සැඟවුණු රහස් සොයායන මෙි දිවි පරදුවට තබා යන ගමනාන්තය සැබැවින්ම විස්මයාන්විතයි. පුද්ගල ත්‍රිත්වය ස්වකීය අරමුණු කරා යන ආකාරයත්, තීක්ෂණ නුවණ භාවිතය හරහා එම අභියෝගයන් ජයග්‍රහණය කරන සැටි සිනමාත්මකය නිරෑපණය අතින් විශිෂ්ට ය. යාග හෝම, බිලි පුජා ක්‍රම මඟින් රාජ්‍යත්වය සහ අධිපතිවාදය අතර දෝලනය වන ආකාරය නිරැපිත ය. මුළු කතාවම ගොඩනැඟී ඇත්තේ අතීත ශිෂ්ටාචාරයක පසුපස තම තමන්ගේ විවිධ අපේක්ෂාවන් හමුවේ හඹායන පුරාවිද්‍යාඥයන්, හමුදා නිලධාරීන්, ඉතිහාසඥයන්, දේශපාලනඥයන්ගේ චරිත වටාය.
අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන සියුම් පණිවිඩය නම්, ශිෂ්ටාචාරයෙන් වෙන්ව, දරිද්‍රතාවයෙන් හා දැනුමෙන් පෙළෙන පිරිසක් සාරධර්ම, සංස්කෘතිය හෝ මූලික මිනිස් කරුණාව නොමැති වත්මන් පරම්පරාවට වඩා බෙහෙවින් උසස් බව චිත්‍රපටය තුළින් ප්‍රකාශවනවා. සැබැවින්ම ගෝත්‍රික සහ මිලේච්ඡ ස්වභාවය වර්තමාන ගෝලීය දේශපාලනයේ අල්ලේ නැටවෙන මානවයාගේ නිරෑපණය කදිමට චිත්‍රපටය තුළින් කදිමට නිරෑපණය වනවා. අතීතයේ ස්ත්‍රීයට හිමි වු ස්ථානය කෙළසා දමන 21 සියවසේ මානවයාගේ කතන්දරය “ආයිරාත්තිල් ඔරැවන්” විදහා පාන්නේ දමිළ සිනමාවෙි ඇති බලසම්පන්නකම නිරෑපණය කරමින්. දුකින්,ලෙයින් හා ආලයෙන් පිරී, නොනවතින කතාන්තරයක් ලෙසින් මෙසේ දිග හැරෙන “Aayirathil Oruvan” සිනමාලංකාරය නමි දමිළ සිනමාවෙි එතෙක් මෙතෙක් බිහි වු විශිෂ්ටතම චිත්‍රපට ගොන්නට එකතු වන්නේ නිරායාසයෙන්මයි.
