A Perfect Sense (2011) English | Sinhala Article

Perfect Sense (2011) English by Vishu Rajapakshe

කොවිඩ් එන්න කලින් නරඹන්න ලැබුණු චිත්‍රපටයක් වුණත්, මේ වගේ වසංගතයක් නිසා ගෙදරට කොටු වෙලා ඉන්න කාලේ බලද්දී තමයි වඩාත්ම කදිම කියන්න පුළුවන්. නමුත් මේක කොවිඩ් වසංගතේට නම් සමානත්වයක් නෑ. 2011 තිරගත වුණු Perfect Sense 7.1/10ක IMDb අගයක් හා 58%ක ප්‍රතිශතයක Rotten Tomatoes අගයක් ලබා ගන්න සමත් වුණා. ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස ප්‍රංශ සුරූපිනී Eva Green, ජනප්‍රිය නළු Ewan McGregor, Connie Nielsen ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් දායක වී තිබෙනවා.මෙය Sci-Fic පැතිකඩක්‌ද සහිත, Romance – Drama ශානරයට අයත් වන චිත්‍රපටයක් කීවොත් නිවැරදියි. Perfect Sense හි නිර්මාතෘ වන්නේ David Mackenzie යි.

Perfect Sense සිනමා සිත්තම The Last Word නමිනුත් හදුන්වනවා. එයට හේතුව අවසානය තෙක් නැරඹුවහොත් පැහැදිලි වේවි. මූලිකවම මෙම චිත්‍රපටයේ තේමාව වන්නේ එක්තරා රෝගයක්. නිකම්ම රෝගයක් නෙමෙයි, පැතිරී යන වසංගත තත්වයක්. පැහැදිලිවම වෛරසයක්. නමුත් මේ වෛරසය අපි අහපු මහාමාරිය, ebola, ඉන්ෆ්ලුවෙන්සා වත්, අපි මේ දවස්වල මුහුණ දෙන කොවිඩ් වසංගතය වගේවත් නෙවෙයි.
මොකද මේ වෛරසය බලපෑම් කරන්නේ මනුෂ්‍යයෙක්ගේ ප්‍රතිශක්‌තිකරණ පද්දතියටවත්, ජීරණ පද්දතියටවත් නෙමෙයි, මනුෂ්‍යයෙක්ගේ සංවේදක ඉන්ද්‍රියන් වලට. ඒ කියන්නේ Sensory perception එකට affect වෙන වෛරස් එකක්. අපි සන්තෝස වෙන්න ඕනේ ඒ වගේ තත්වයක් එන පාටක් නැති එක ගැන.

සූසන් කියන්නේ වෛරස අධීක්ෂක කණ්ඩායමක්‌ සමග කටයුතු කරන තරුණ විද්‍යාඥ වරියක්. ඇය ඇතුළු කණ්ඩායම මේ වසංගත තත්වයට හේතු සොයන අතර තුර, අවන්හලක සේවය කරන කාර්යබහුල සූපවේදී මයිකල් සමග මිතුරු වනවා..
නිතර හමුවෙමින් කතා බහ කරමින් සිටි මේ දෙපළ ආදර සම්බන්දතාවයකින් තමයි නවතින්නේ.

මේ අතරේ වෛරසය පැතිර යමින් මිනිසුන් රෝගී වෙනවා දකින්න ලැබේවි. වෛරසය ආසදනය වූ පසු ප්‍රථමයෙන්ම පහළ වන ලක්ෂණය වනුයේ; අහේතුක, පාලනය කර ගත නොහැකි දුකක් ඇති වෙමින්, නොනවත්වා හඬා වැටීමයි. හරියට බරපතල විෂාදය තත්වයක්‌ වගේ.. නමුත් ඉහත පැවසුවා වගේ මේ වෛරසය බලපෑම් කරන්නේ සංවේදී ඉන්ද්‍රියන් වලට, එලෙස හඬා වැටුණු අය හට අතුරු ප්‍රතිපලයක් ලෙස සුළු මොහොතකින් ගඳ සුවඳ දැනීම නැති වී යනවා. ම්ම්ම් හුරුපුරුදු රෝග ලක්ෂණයක් නේද? නමුත් මේක ඒ වගේ තත්වයක් නෙමෙයි.. ඊටත් වඩා බයානකයි. දැන් පැහැදිලිවම තේරුම් යන්න ඇති වෛරසය මුලින්ම පහර දෙන්නේ අපේ නාසය කියන සංවේදී ඉන්ද්‍රියට.. අමුතුම කාරණේ ඇයි ඊට කලින් ලොකු දුකක් ඇති වෙන්නේ කියන එක..

මෙතැන් පටන් අවසානය තෙක්ම මේ අද්භූත වෛරසය ක්‍රියාකරන ආකාරය දැකගන්න ලැබේවි.. මට නරඹන්න හම්බවුණු වෙනස්ම විදියේ චිත්‍රපටයක් නිසා තවමත් ඒක මගේ මතකයේ තැන්පත් වෙලා තියෙනවා. ඉහත ආරම්භයේ වගේ විටෙන් විට ඇතිවෙන තත්ව හා වෙනස්ම සම්බන්දයක් තියෙනවා කියලා තේරුම් යාවි ගැඹුරින් කල්පනා කළොත්.ඒ බව සූසන්ගෙයි, මයිකල්ගෙයි ආදර කතාවත් වරින් වර උදාහරණ සපයාවී.

මේ මනුෂ්‍යත්වයේ අවසානයද? නැතිනම් ආරම්භයද?
අනිවරෙන් එක පාරක් හරි නරඹන්න.

විසූ රාජපක්ෂ (Cemré Clementine)

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *