96 (2018) Tamil | Sinhala Article

96 (2018) Tamil 

ඒ පුංචිම හෝ මොහොත ඔවුන් ගතකරේ,
මඟහැරුනු අවුරුදු 22 ක කාලයක සිදුවුනු දේවල් ⁣කතාකරකර අඳුර සහ හුදෙකලාව රජකෙරූ අලුයම් යාමයේ චෙන්නාය් වීදිවල ඇවිදපු එක. බිඳී ගිය සුන්දර පාසැල් ප්‍රේමයක සාමාජිකත්වය ලත් ඔවුනොවුන් ලැබුනු පුංචිම වෙලාව හෝ කැප කරේ ආගිය තොරතුරු නැවත මතක් කිරීමක් කරගන්න.

රාම් :-
“ඊට පස්සෙ ඔයා සාරියක් ඇඳල හිටියෙ ඔයා කසාද බදින දවසෙදි. ඒක තද දම්පාට සාරියක්. ඔයා හරි. ඔයා හිතුව වගේම මම එදා ඔයාගෙ කසාදෙට ආව ඡානු. ඈත කොණකට වෙලා සෙනඟ අස්සෙන් මම ඔයා දිහා බලන් හිටිය. ඒත් තැල්ල බදින්න හදද්දි නම් මට ඒක බලන් ඉන්න බැරි වුනා. ඔයා දන්නවද ජානූ මම හෝල් එකෙන් එලියට ඇවිල්ල බෙර සද්දෙ ඇහෙන්නෙ නැති වෙනකන්ම දිව්ව ජානූ ! “

එදත් ඔයා මගෙන් ටිකෙන් ටික ඈත් වෙලා යද්දී කරකියාගන්න දෙයක් නැතිව අසරණ වෙලා බලාගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ ජානූ,
අද මම සංචාරක ඡායාරූපශිල්පියෙක් විදියට සොබාදහමත් එක්ක කාලය ගතකරන්නෙ වුනත් ඒක මට ලොකු අස්වැසිල්ලක් වුනා ඔයාගෙයි මගෙයි මතකයයන් මොහොතකට හරි අමතක කරන්න. ඉතින් මං පුලුවන් උපරිමයයෙන්ම ඒකට උත්සාහ කරනවා !

මීට,
ආදරණීය,
රාම් ♥️

අනුජ විජේසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *