3 idiots (2009) Hindi | Sinhala Article

3 idiots (2009) Hindi by Prageeth Shan

කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති ෆිල්ම් ලිස්ට් එකේ තියෙන එකම හින්දි ෆිල්ම් එක තමයි මේක..❤️❤️ තුන් මෝල්ලු එහෙමත්නැ ත්නම් 3 idiots ?❤️

මේක මුලින්ම බලපු කාලේ මේක පොතක් පාදක කරගෙන නිර්මාණය කරපු ෆිල්ම් එකක් කියලා දැනගෙන හිටියෙම නෑ. රැන්චොලා හොරෙන් මගුල් ගෙවල් වලින් කන හැටි, බීලා ඇවිත් මහචාර්‍ය තුමාගෙ තැපැල් පෙට්ටියට චූ දාලා දුවන හැටි, චතූර් ගේ බඩ පැලෙනකන් හිනා වෙන්න පුලුවන් Welcome speech එක වගේ සීන් එක්ක ආතල් එකේ බලලා දැම්මා ??
පස්සෙ ආයෙම බලද්දි තමයි මේකේ තියෙන ආතල් සීන් අස්සෙ කියන ඇත්තම කතාව ගැන ඔලුවට වැටුනෙ..❤️? අපි ඉගෙනගන්න කියලා ගිහින් අන්තිමට ඇත්තටම ඉගෙනගෙන තියෙන්නෙ මොනවද කියලා තේරෙන්න ගන්නෙ ඒ අදාල කාලෙට ආවම තමයි.. එතකොට තමයි තේරෙන්නෙ මේ හිනාවෙවී බලපු ෆිල්ම් එක ඒ හිනාවල් අස්සෙන් මොනතරම් බරපතළ දේවල් කියලා තියෙනවා ද කියලා..??
ඔය කාලෙදි තමයි Chetan Bhagat ගෙ Five Point Someone කියන පොත මේ 3 idiots ෆිල්ම් එකට පාදක වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නෙ. ඉතින් පොතයි ෆිල්ම් එකයි එකම වගේ කියලා හිතුවට පොතේ සමහරවිට මීට වඩා තවත් හොඳට දේවල් විස්තර කරලා ඇති කියලා හිතාගෙන පොතත් සල්ලි වලට අරගෙන බැලුවම තමයි තේරුනේ…
පොතේ චරිත, කතා පසුබිම, සමහර සිද්ධි කීපයක් සමාන උනාට මේ දෙක කතා දෙකක් බව.. හැබැයි ෆිල්ම් එකටත් වඩා ගොඩක් යථාර්ථවාදී විදියෙ කතාවක් පොතේ තියෙනවා. ඉතින් මේ දෙකම එක වගේ ඇති කියලා හිතන් හිටියනම් ඒක එහෙම නෑ. ඒනිසා පිටු හාර පන්සීයක පොතක් කියවන එක අවුලක් නැත්නම් අනිවාර්යයෙන් ඒකත් කියවලා බලන්න ❤️❤️❤️
කොහොම උනත් පොතේ තියෙන මූලික හරය අරගෙන ඒක ඊටත් වඩා ආකර්ශණීය විදියට සිනමාපටයකට ගැලපෙන විදියෙ කතාවක් බවට හරවලා සිනමා රසිකයින්ට ලබාදෙන්න මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා උන Rajkumar Hirani මහත්තයා සමත්වෙලා තිබුනා..?? පොත බලන්නෙ පොත් බලන්න කැමති අය උනාට ඒක ෆිල්ම් එකක් කරද්දි පැය තුනකට ආසන්න ෆිල්ම් එකක් බලන මිනිස්සුන්ට කම්මැලි නැතිවෙන්න හදන්න ඕන. ඒ වගේම ඒකට මිනිස්සු ආස වෙන විදියට, තවත් මිනිස්සුන්ට ඒක බලන්න කියන මට්ටමට හදලා හොඳ ආදායමක් ගන්න එකත් අධ්‍යක්ෂවරයා ගෙ හැකියාවෙන් කරන්න ඕන වැඩක්. ඉතින් ඒ අතින් නම් මේ ෆිල්ම් එක ගොඩක් සාර්ථකයි ❤️❤️ ඒ වගේම මම බලපු ෆිල්ම් අතරෙ තිබුන most satisfied ending එකක් විදියට මේකේ ending එක නම්කරන්න කැමති ❤️??
ඊලඟට මේකෙන් දෙන පණිවුඩෙත් මසුරන් වටිනවා. මේකේ කියන කතා විශේෂයෙන්ම කැම්පස් ගිය අයට එහෙම ගොඩක්ම අදාලයි. අපි අපේ ආසාවල් හිතෙන් යටපත් කරලා අම්මලා, තාත්තලා, නෑදෑයො සතුටු කරන්න, සමාජෙ ඉහල පිලිගැනීමක් ගන්න කියලා ලොකු ලොකු මිනිස්සු වෙන්න දඟලද්දි අපිට අපේ හිතේ සතුට, නිදහස කොච්චර ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවද..?? ඊටපස්සෙ කොහොමහරි කටපාඩම් කරගෙන හරි විභාග ටික යන්තම් ගොඩදාලා ලොකු ජොබ් එකක් කරන කෙනෙක් උනා කියමුකො. හැබැයි ඉතින් ඊටපස්සෙ අවුරුදු තිහ හතලිහක් ගිහින් රස්සාවෙන් අයින් වෙනකන්ම කරන්නෙ තමන් ආස කරන දේ නෙමෙයි නම් අර ලැබෙන මහා සල්ලි කන්දරාවෙන් වැඩක් තියෙනවා ද…?? සමහරවිට කෙනෙක් කියන්න පුලුවන් සල්ලි නැත්නම් ඇති වැඩක් තියෙනවා ද කියලා. ඔව් එක පැත්තකින් බැලුවම ඒක ඇත්ත. හැබැයි තමන් අකමැති රස්සාවක් කරලා හොයන ලක්ශෙකට වඩා තමන් මුලු හදවතින්ම කැමති විදියෙ, පට්ටම ආසාවකින් කරන රස්සාවකින් හොයන පොඩි ගාණත් එක්ක ලැබෙන මානසික සතුට කොච්චර වටිනවද.. සමහරවිට අපි සල්ලි ගොඩක් හම්බකරන්න ගිහින් අවුරුදු ගාණක් එක තැන පල්වෙද්දි තමන්ගෙ ආසාව, හිතේ කැමැත්ත හොයාගෙන ගිය මිනිස්සු දවසින් දවස සාර්ථක වෙලා මොනතරම් දුරක් යාවිද කියලා කාටවත් හිතාගන්න බෑ..❤️❤️
හිතන්න මේ අවුරුදු පතා එලියට එන ඉංජිනේරුවො, දොස්තරලා අස්සෙ මොනතරම් කලාකාරයො හැංගිලා ඇත්ද.. අලුත් දේවල් හොයාගන්න පුලුවන් විදියෙ විද්‍යාඥයින් වෙන්න හැකියාව තියෙන කී දෙනක් Client ලගෙ උවමනාවක් සපුරන්න Project අස්සෙ හිරවෙලා ඇතිද…?? එහෙම විවිධ අංශවලින් දක්ශතා පෙන්නන අය කලාතුරකින් එලියට ආවත් එහෙම එලියට එන්නෙ නැතුව තමන්ගෙ හීන හිත අස්සෙම තියන් ඉන්න කී දෙනෙක් ඇතිද.. ඉතින් ඒ නිසා මම නම් කියන්නෙ තමන්ගෙ අවශ්‍යතා අනුව අපි සල්ලි හොයන්න ඕන. නමුත් ඒක අපි 100% ක් තෘප්තිමත් වෙන රස්සාවක් නෙමෙයිනම් කවදහරි අපි කැමති දේ කරනවා කියලා ඉලක්කයක් හරි තියාගන්න. මම සමාජෙ මේ මට්ටමට ඇවිත් හරි මම කැමති දේ වෙනුවෙන් නිදහස හොයන් යනවා කියලා හිතාගන්න..❤️❤️
ඉතින් මේ 3 idiots වලින් කතාකරන එක ප්‍රශ්නයක් විතරයි. ඊට අමතරව විශ්වවිද්‍යාල වල තියෙන කටපාඩම් සංස්කෘතිය ගැනත් මේකේ සෑහෙන දේවල් පෙන්නලා දෙනවා. ඉතින් ඒ ගැන කියන්න ගියොත් මේ කෙටි සටහන තවත් දිග වෙන නිසා මම මෙතනින් නවත්තනවා.. එහෙනම් අවසානයට කියන්න තියෙන්නෙ ඔයාලා මේ ෆිල්ම් එක බලලා නිකන් හිනාවෙලා අමතක කරලා දැම්මනම් ආයෙම ඒක බලන්න. ඊටපස්සෙ ඒ ගැන හොඳට හිතන්න. තමන් කවදහරි ලොකු මිනිහෙක් වීමේ උවමනාවෙන්ම වැඩකරලා චතූර් වගේ හිස් මිනිහෙක් වෙනවද නැති නම් රැන්චො වගේ තමන්ගෙ ආසාව, හැකියාව කැමැත්ත පස්සෙ ගිහින් මේ ලෝකේ එයාට සම කරන්න පුලුවන් කවුරුවත් නැති විදියෙ Unique මනුස්සයෙක් වෙනවද කියලා..❤️❤️
එහෙනම් තවත් මේ වගේ අපූරු සටහනකින් හමුවෙනකන් සමුගන්නම්. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!
Release date: December 25, 2009 (India)
Director: Rajkumar Hirani
Adapted from: Five Point Someone
Download
Subtitle Download

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *