1917 (2019) English by Sandeepa Lakshan
පලමුවන ලෝක යුද්දය. හිතා ගන්න පුලුවන්ද මොන තරන් ජීවිත නැති උන මොන තරන් කුරිරු දෙයක්ද කියල. මේ ෆිල්ම් එක බලන්න බලන්න මට ෆීල් උන එකම දේ මිනිස්සු මොන තරන් කැපවීම් මොන තරන් ලේ හැලීම් කරල තියනවද මේ ලෝකෙ එක එක යුග වල.මේ කාලෙ මේ තියන කොරෝනාවත් එක්ක පාරවල් වල මින්ස්සු මැරෙනො මල මිනි හැම තැනම, ජිවිත වල තියෙන්නෙ ලොකු බයක්.අන්න ඒ වගේ බයකින් මිනිස්සු ජීවත් උන යුග ගනනාවක් පහු කරන් තමා අපි ඇවිත් තියෙන්නෙ.
මේ කතාවෙ කියවෙන්නෙ පලවෙනි ලෝක යුද්දයෙ එක පාර්ශවයක් උන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙන්නෙක් ගැන.මන් මෙහෙම කියන්නම්. නිවාඩුවක් අරන් තමන්ගෙ ගෙදර මිනිස්සු බලන්න ජීවිතේ නිදහස විදින්න යන්න යුද්ද කාලෙ කොල්ලො කෙල්ලො මොන තරන් ආසද. ඒත් නියෝග පිලි පදින එක ඒ කිසිම දේකටත් වඩා යටයි. අම්ම තාත්ත මැරිල කීවත් යන්න දෙන් නෑ කීවොත් ඉන්න ඕන. කොහොමද තියන නීති වල සැර. ඔය යුද්ද වලදි මොන තරන් පීඩනයක් තියනවද කියල අපේ රටේ ඉන්න මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
බෝම්බ පිපිරීම්,සාමන්‍ය මිනිස්සු සමූල ගාතනය වෙච්ච, ආමි කොල්ලො කෙල්ලො බුරුතු පිටින් මැරිල ඒ දෙමාපියන්ගෙ විලාප ඔය හැම දේම හරි කෙනෙක්නම් තාම හිතේ රැව්දෙන්න ඕන. මොකද ඒ උන දේවල් ඒ තරන් ප්‍රබලයි. කෙසේ නමුත් ඔන්න එක් සොල්දාදුවෙකුට තමන්ගෙ හොදම සගයවත් තෝරන් ඉක්මනටම එයාලගෙ ලොකු නිලදාරියෙක් හම්බෙන්න යන්න අවස්තාවක් එනව. ඉතින් ඒ සොල්දාදුව තමන්ගෙ හොදම සගයව ඒකට තෝර ගන්නව.එතනට ගියාට පස්සෙයි දන්නෙ තමන්ගෙ අයිය සේවය කරන සේනාව ඉන්න තැනට සතුරු හමුදාව මගහැරල ගිහින් ලියුමක් දෙන්නයි තියෙන්නෙ කියල.මේක ලේසි ගමනක් නෙමේ. හරියටම පහු වෙනිද උදේ එයාලගෙ පහරදීමක් නවත්තන්න කියල තමා ලියුමෙ තියෙන්නෙ.ඒ දේ වෙන්න කලින් නොගියොත් තමාගෙ අයිය සමග සොල්දාදුවන් 1600කගෙ ජීවිත විනාසයි.
තේරෙනවද ඒ ක්‍රියාන්විතයේ තියන බැරෑරුම් කම. මේ ෆිල්ම් එකේ මන් දකින හිතට පට්ටට දැනෙන කොටස් කිහිපයක් තියනවා. එකක් අර තෝරගත්තු යාලුව අතරමගදි අහනව “ඇයි මේ වගේ භයානක, මරනය අතින් ගත් ගමනකට මාව තෝරගත්තෙ, වෙන කවුරුත් ඉදියෙම නැද්ද” කියල. එතකොට අනිත් යාලුව කියනවා “මන් හිතුවෙ මට නිවාඩු දෙන්න කැමති වෙලා, ඒල නිසා හොදම යාලුවටත් ඒ දේ ලබා දෙන්න හම්බෙයි කියල හිතල”……. තව අතරවාරෙක මේ සොල්දාදුවන්ගෙ හිත් වල තියන මානුශීය පැත්ත පෙන්වන්න ගොඩක් උත්සහ දරනව, ඒත් ඒ හැම අවස්තාවකම කියන දේ තමා මොන තරන් මානුශීය වෙන්න උත්සාහ කරත් අනෙකුන් එසේ නොවන බව. තවත් විශේශ දෙයක් තම මිතුරාට වූ පොරොන්දුව ඉටු කිරීමට ජීවිතය පවා කැපකිරීමට කැමති යහලුවෙක්. සහෝදර ප්‍රේමය… ඔය හැම දෙයක්ම mix උන ඉතාමත් අගනා පැය දෙකක්.
තවත් විශේශිතම කරුනක් තමා චිත්‍රපටය පුරාවට රූපරාමු බෙදීම් දකින්න වෙන් නෑ. මේක නිකන් අපි පැය 16 වගෙ කාලයක් එක දිගට ජීවත් උනා වගේ.ඒ කියන්නෙ කිසිම තැනක action & cut කියල concept එකක් නෑ. ඒක ඔයාට හොයන්න හම්බෙන්නෙත් නෑ. මේක නිකන් යතාර්තයක් වගේ.එක හුස්මට බලන් ඉන්න තියෙන්නෙ යුද්දයක තියන ඛේදනීය ස්වභාවය. මේක අර්ධ සත්‍ය සිදුවීමක් කියලත් අහන්න ලැබුනා.කෙසේ නමුත් imdb rate එක 8.3ක් වගේ ඉහල අගයක් ලැබ්ල තියනවා.බලල නැත්නම් අනිවාරෙන් බලන්න.වේදනාව පිරුනු අපූර්ව සිනමා නිර්මානයක්?❤