143 Short Film A Film By Kosala & Friends
හීන නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒවාට පියාඹන්න තටු දෙන එක තමයි අමාරුම දේ. මටත් කාලයක ඉඳන් ලොකු හීනයක් තිබුණා. ඒ මගේම කියලා Film එකක් හදන්න. අවුරුදු දෙකහමාරකට විතර පස්සේ මගේ ඒ හීනෙට නිදහසේ පියාඹන්න තටු දෙන්න මට දැන් හැකියාව ලැබෙනවා.
Short Film එකක් කරන ආශාව පහුගිය අවුරුදු කිහිපය පුරාවට විටින් විට ආවා ගියා වුණාට Technically සෑහෙන ප්‍රාථමික මට්ටමේ Script එකක් මුලින්ම ලියන්නේ 2016 දි විතර. ඒ කාලේ, Short Film එකක් කියන්නේ මොකක්ද? එහෙම වැඩ YouTube එකේ බලන්න තියෙනවද? ඒ මොනවද කියලා Search කරද්දි උඩින්ම ආපු නමක් තමයි Hilusha Hewagama. ඒ වෙද්දි එයා YouTube එකට දාලා තිබුණ නිර්මාණයක් දෙකක් බලලා මේ ගැන මූලික අදහසක් අරගෙන මමත් හරි හරියට ලිව්වා ඔලුව ඇඹරිලා යන, Script එකක් නොවන Script එකක්. 2017 දි විතර Smart Phone එකකින් වැඩේ කරමුය කියලා හිතාගෙන හිටියට මොකද අද වෙනකල් එහෙම කිසි දෙයක් කළේ නැහැ.
ඔය විදිහට කාලය ගෙවිලා යද්දී 2012, 2013 කාලෙදි විතර fb එක හරහාම හඳුණ ගන්න Ilango Ram අයියව මට මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙනවා 2019 දි. එයා තමයි මට මුලින්ම කියන්නේ “කෝසල, Short Film එකක් ලියන්න” කියලා. ඒ ගැම්මට 2019 දෙසැම්බර් දිහා මම එක එක Plot ඔලුවේ තියාගෙන Short Film එකක් ලියන්න පටන් ගන්නවා. මට ඕනේ කරනවා බලන කෙනාට කුතුහලය ඇවිස්සෙන විදිහේ ත්‍රිල් එකක් දෙන වැඩක් ලියන්න. ඒ විදිහට තමයි “143” කියන Script එක ලියැවෙන්නේ.
දවසින් දවස අපි වයසට යන්නේ නිකන්ම නෙමෙයි. වයසට යන්න යන්න අත්දැකීම් අපි වටේ රොද බඳිනවා, පොදි ගැහෙනවා. හිතන පතන විදිහ, දේවල් දිහා බලන විදිහේ ඉඳන් සියලුම දේ වෙනස් වෙනවා සහ ඒ දේවල් වෙනස් වෙන්න ඕනේ. නැත්නම් මේ ජීවිතෙන් වැඩක් නැහැ. ඉතින් මම 2016 දි ලියපු Script එකයි 2019දි ලියන Script එකයි අතරේ අවුරුදු 3ක විතර අත්දැකීම්වල පුළුල් වෙනසක් තියෙනවා. අද වෙද්දි ඒ දේවල් තව තවත් පුළුල් වෙලා. ඒ නිසාම පහුගිය කාලය පුරාවට 2019 දි ලියපු Script එක Edit කරලා කරලා පොලිෂ් කරලා ගන්න මට හැකියාව ලැබුණා. ඒකට මූලිකම හේතුව වුණේ වැඩේ දවසින් දවස පස්සට ගිය එක. අවසානයේදී මම “143” Script එක Film එකක් බවට පත් කරන්න යනවා. මගේ Film Maker කෙනෙක් වීමේ සිහිනය හැබෑ වෙනවා. ඒ හීනෙට පණ දුන්න සෑහෙන පිරිසක් මගේ වටේ ඉන්නවා. ටිකක් දිගට ලියන්න වෙනවා වුණත් ඒ හැම කෙනෙක් ගැනම මම මේ Announcement Post එකේ ලියනවා.
මේ Film එක ලංකාවේ එකම වැඩේ හෝ හොඳම වැඩේ නෙමෙයි කියලා මම දන්නවා. නමුත් මේ Film එක මම කරන මුල්ම වැඩේ! ඒ නිසා මට මේක සුවිශේෂයි. ඒ හැඟීම Film එකක් හදපු හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් ඇති. ඒ නිසාම මගේ හීනයට තටු අරන් පියාඹන්න පණ දෙන පිරිස ගැන මම යමක් ලිවිය යුතුමයි.
Chathur කියන්නේ හරිම අහම්බෙන් මම දැන හඳුණ ගන්න, මේ වැඩේ පුරාවට මාත් එක්ක මුල ඉඳන්ම එකට ඉන්න අති දක්ෂයෙක්. කොල්ලගේ Cinematography සහ Editing අගයන්න වචන හොයා ගන්න බැරි තරම්. තවම ලොකු වයසක් නැති මේ පොඩි එකා ස්වයං අධ්‍යනයක යෙදිලා ඉගෙන ගත්ත දේවල්වලින් පාන පෙළහර අති විශිෂ්ටයි. ඉතින් අපේ “143 Project එකේ” DOP සහ Editor වැඩේ කරන්නේ චතුර්! ප්‍රධාන නළුවගේ භූමිකාව නිරූපණය කරන්නේ Film Makers ලා විදිහට අලුතින් කරළියට එන හැම කොල්ලෙක්ගෙම වගේ වැඩවලට උපරිම සහයෝගය ලබාදෙන, දක්ෂ නවක රංගන ශිල්පියෙක් වන Kusal. මේ වැඩේ ගැන මම කියපු දවස්වල ඉඳන් අද වෙනකල් මාත් එක්ක ඉඳපු, වැඩේ අතාරින්නේ නැතුව කොහොම හරි කරමු යි කියලා පෙරැත්ත කරපු කුසල්! ඒ වගේම මාව ගී පද රචකයෙක් බවට පත් කරපු, අති දක්ෂ තරුණ සංගීතවේදියා, Stefan තමයි අපේ වැඩේ Music බාරව ඉන්නේ. දැනට වැඩේ අස්සේ ඉන්න Cast එක Crew එක තමයි ඔය! තුන් දෙනයි! තව ටික දවසකින් තුන් දෙනා දහ දොළොස් දෙනෙක් බවට පත්වෙනවා.
මම මුලින්ම කිව්වා වගේ කොච්චර හීන තිබුණත් වැඩක් නැහැනේ ඒවා හැබෑ වෙන්නේ නැත්නම්, ඒවාට තටු අරන් පියාඹන්න පණ දෙන්න බැරි නම්. මගේ හීනෙට පණ දෙන්න, Producers ලා විදිහට නැතුව මිත්‍රයන් විදිහට, ආදරණීයයන් විදිහට මගේ කරට අත දා ගත්ත අය තමයි Saman අයියා, Aruna මල්ලී, Ramitha මල්ලී, Sukhitha අයියා, Shanaka අයියා, Ayesha අක්කා, Saman Kumara අයියා සහ Chanuka මිත්‍රයා! එහෙට මෙහෙට වැනෙන Budget එක ඇස්තමේන්තු කරපු ඉලක්කම ළඟට අරගෙන එන්න මට උදව් කරපු තවත් විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ Digibrush පවුලේ මගේ හිත මිත්‍රයෝ පිරිස. Aquil, Janidu, Harindi , Rusiri, Harsha සහ Rifadha ! මගේ හීනය හැබෑ වෙන්නේ ඔයාලා හැමෝම නිසා. මගේ මුළු හදවතින්ම මම ඔයාලා හැම කෙනෙක්ටම ස්තුතිය, ආදරය පිරි නමනවා. මම පොරොන්දු වෙනවා “අපි” හොඳ වැඩක් කරනවා කියලා.
මාත් එක්ක ජීවිතය බෙදා හදා ගන්න මගේ හෙවනැල්ල වගේ මගේ ළඟින් ඉන්න මගේ වෙන්ඩ බිරින්දෑ Na Du Ni, ඔයා වගේම මගේ අම්මා, තාත්තා, නංගි, මගේ මිත්‍රයා Shalik ඇතුළු එකී මෙකී නොකී තව බොහෝ දෙනෙක් මගේ පිටි පස්සෙ ඉඳන් මට ජවය දෙනවා. ඒ හැම කෙනෙක්ටම ආයෙ ආයෙත් මම මගේ ආදරය පිරිනමනවා. Short Film එකක් කරනවා කියලා නිවේදනය කරපු මොහොතේ ඉඳන් Comment එකකින්, Heart එකකින් මාව දිරි ගන්වපු, Inbox ඇවිත් වැඩේ හොඳට කරන්න කියලා මගේ පිටට තට්ටු කරපු, හැමදාම ආදරය බෙදන මගේ මිතුරු ලැයිස්තුවේ ආදරණීයයන් හැම කෙනෙක්වම මේ මොහොතේ මතක් කරනවා. ඔයාලගේ සහයෝගය මට දැවැන්ත ශක්තියක්!
අද මම නිල වශයෙන් අපේ “143” Short Film එක මේ විදිහට Announce කරනවා. වැඩේ Film එකක් විදිහට එළියට එන්න ටික කාලයක් යාවි. හොඳ වැඩක් එළියට දාන්න උපරිම උත්සාහ කරනවා.
Announcement එකට අදාළව අපූරු Poster එකක් නිර්මාණය කරපු Nipun මල්ලිවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි. Script එක කියවලා ඒ ගැන මුල්ම Comment එක දීපු Praveen සහෝදරයා උඹටත්, Devinda මල්ලී උඹටත්, Kavinu මල්ලි උඹටත්, මගේ මල්ලිටත් ස්තුතියි කියනවා. මගේ අණ්ඩර දෙමළ සහ අක්‍රමවත් English වලින් මම Film එකේ Plot එක පැහැදිලි කරද්දි ඉලංගෝ අයියගේ Apartment එකේ ඉඳන් ඒක අහගෙන හිටපු Aathan සහෝදරයා, ස්තුතියි. Sanjula, Jegan, Rio ඇතුළු මා වටා ඉන්න දැවැන්ත පිරිසට ආදරය පිරිනමන ගමන් මගේ හීනය හැබෑ වෙන්න යනවා කියන සතුටත් එක්ක මම මේ සටහන අවසාන කරන්නේ, “143” Movie එක ළඟ ළඟම එනවා කියන පණිවුඩය මේ විදිහට ආයෙත් වතාවක් දැනුම් දීලයි.
143
கோஸல மற்றும் நண்பர்களிடமிருந்து ஒரு திரைப்படம்.
கனவு காண்பது இலகு.
ஆனால் அக்கனவுகளுக்கு இறக்கைகள் முளைக்கச் செய்வது இலகுவானதல்ல. எனக்கும் ஓர் நீண்டகால கனவிருந்தது. நானாக ஒரு திரைப்படத்தை படைக்க வேண்டுமென்ற கனவு.
இன்று..
இரண்டரை வருடங்களுக்குப் பின், அக்கனவுக்கு இறக்கை முளைக்கச் செய்ய என்னால் முடிந்திருக்கிறது. குறும்படமொன்றை உருவாக்குவதற்கான ஆசை, கடந்த சில வருடங்களில் அவ்வப்போது வந்து போனாலும் கூட, இதற்காக, தொழில்நுட்ப ரீதியில் மிகவும் அடிப்படையானதொரு கதை, 2016ல் தான் எழுதப்பட்டது. குறுந்திரைப்படம் என்றால் என்ன? அவற்றை யூடியூப்பில் பார்க்கலாமா? என்றெல்லாம் தேடிக்கொண்டிருந்த அக்காலத்தில்தான் Hilusha Hewagama என் கண்ணில் பட்டார். அவரின் ஓரிரு படைப்புகளால் உந்தப்பட்டு நானும் ஓரளவு சாதாரணமான கதையொன்றை எழுதினேன். 2017 அளவில் ஸ்மார்ட் ஃபோன் மூலமாக அதைப் பூர்த்தி செய்யலாம் என்று திட்டமிட்டிருந்தாலும், ஏனோ இன்று வரை அது கைக்கூடவில்லை.
அவ்வாறே காலமும் கடந்து செல்ல, 2012, 2013 கால கட்டத்தில் எனக்கு முகநூலில் அறிமுகமாகியிருந்த இளங்கோ ராம் அண்ணனை சந்திக்கும் வாய்ப்பு 2019ல் எனக்கு கிடைக்கிறது. “கோஸல, குறும்படம் ஒன்று எழுது” என அவர்தான் முதன்முதலில் எனக்கு சொல்கிறார். அந்த வழிகாட்டலினால் 2019 டிசம்பர் அளவில் எழுதத் தொடங்கினேன். படம் பார்ப்பவரை வியப்புக்குள்ளாக்கும் த்ரில் படமொன்றை உருவாக்குவதே எனது நோக்கமாக இருந்தது. அவ்வாறுதான் 143ற்கான கதைக்களம் தயாரானது.
நாளொன்று கடந்து போகும்போதும் கூடுவது என்னமோ எமது வயது மட்டுமல்ல. அனுபவமும் கூடுகிறது; நாம் சிந்திக்கும் விதம் நாம் ஒரு விடயத்தை அனுகும் விதமும் மாறுபடுகிறது. அவ்வாறு மாறுவதுதான் யதார்த்தம். அவ்வாறுதான் நான் 2016 ல் எழுதிய கதைக்கும் 2019ல் எழுதிய கதைக்கும் இடையில் மூன்று வருட அனுபவங்களின் வித்தியாசம் தாக்கம் செலுத்தியுள்ளது. இன்றைய தேதிக்கு அவை மேலும் பரந்த மாற்றங்களை கண்டிருக்கின்றன. அம் மாற்றங்களானவை 2019ல் நான் எழுதிய கதையை இன்று வரை பல்வேறு தருணங்களில் ஒப்பமிடச் செய்தன.
இறுதியில் எனது 143 கதை திரைப்படமாகப்போகிறது. எனது திரைப்படக் கனவு நனவாகிறது. இந்தக் கனவுக்கு உயிரூட்டிய பலர் என்னைச் சுற்றி இருக்கின்றனர். நான் எதிர்பாராவிதமாக சந்தித்த சதுர், Cinematography மற்றும் Editing துறையில் அதிதிறமைசாலி. இவ்வேலையின் ஆரம்பம் தொட்டு அவர் என்னுடன் உள்ளார். அவர்தான் எமது 143ன் DOP மற்றும் Editing வேலைகளைச் செய்கிறார்.
குசல் இப்படத்தின் கதாநாயகனாக நடிக்கிறார். இப்படத்தைப் பற்றி நான் கூறிய நாளிலிருந்து எப்படியாவது இதைச் செய்ய வேண்டும் எனக்கூறி எனக்கு தெம்பூட்டியவர் அவர்தான். என்னை பாடலாசிரியராக்கிய Stephenதான் இப்படத்திற்கு இசையமைத்துள்ளார். இப்போதைக்கு இந்த வேலைகளுக்கு cast, crew அனைத்துமே இந்த மூவரும்தான். எதிர்காலத்தில் இது பலபேரின் பங்களிப்பைப் பெறும்.
தயாரிப்பாளர்களாக அன்றி நண்பர்களாக இந்த படத்தின் பொருளாதார விடயங்களுக்கு கைகொடுத்த Saman அண்ணன், Aruna, Ramitha , Sukhitha அண்ணன், Shanaka அண்ணன், Ayesha அக்கா, Saman Kumara அண்ணன் மற்றும் நண்பர் Chanukaவுடன் எமது Digibrush குடும்பத்தின் Aquil, Janidu, Harindi, Rusiri, Harsha மற்றும் Rifadha.
எனது கனவு நனவாவது உங்கள் அனைவரினாலும்தான். உங்கள் அனைவருக்கும் எனது இதயம் கனிந்த நன்றிகள். நாம் ஒரு சிறந்த வேலையை செய்வோமென நான் உறுதியளிக்கிறேன்
என் எதிர்கால மனைவி Na Du Ni , அம்மா, அப்பா, தங்கை, எனது நண்பன் Shalik மற்றும் நான் பெயர்கூறிய கூறாத பலரும் எனக்கு பக்க பலமாக உள்ளனர்.
அவர்கள் அனைவருக்கும் மீண்டும் மீண்டும் எனது நன்றிகள் தெரிவித்துக் கொள்கிறேன். குறுந்திரைப்படம் ஒன்று செய்யப்போகிறேன் என்று தெரிந்தது முதல் கொமண்ட் மூலமாகவோ ஹார்ட்டின் மூலமாகவோ உள்பெட்டி மெசேஜ்கள் மூலமாகவோ எனக்கு ஆதரவளித்த அனைத்து நட்புள்ளங்களையும் இங்கு நான் நினைவு கூர்கிறேன். உங்கள் ஆதரவு எனக்கு பெரும் பலமாகும்.
எமது 143 குறும்படத்தை இவ்வாறு நான் அறிவிக்கின்றேன். இதை ஒரு நல்ல படைப்பாக வெளிக்கொணர எம்மால் முடிந்த அதிகபட்ச முயற்சிகளை மேற்கொள்வோம். அறிவித்தலுக்கான போஸ்டரை நிர்மாணித்த நிபுண் சகோதரனையும், படக்கதையைப் படித்து முதன்முதலில் கொமண்ட் கொடுத்த ப்ரவீன் சகோதரர் மற்றும் தேவிந்த, கவினு மற்றும் எனது தம்பியையும் நிச்சயம் ஞாபகப்படுத்த வேண்டும்.
இளங்கோ அண்ணனின் அபார்ட்மெண்டில், தட்டுத்தடுமாறி தமிழிலும் ஆங்கிலத்திலும் நான் கூறிய இக் கதையைக் கேட்ட ஆதவன் சகோதரருக்கும் நன்றி. சஞ்சுலா, ஜெகன், ரியோ உள்ளிட்ட என்னைச் சூழவுள்ள அனைவருக்கும் நன்றி கூறிக்கொண்டு, என் கனவு நனவாகும் மகிழ்ச்சியில், “143” திரைப்படம் வெகு விரைவில் உங்கள் பார்வைக்கு வரவிருக்கிறது என்ற செய்தியை மறுபடியும் இவ்வாறு பதிகிறேன்.
Giving one’s dreams wings so that they can fly is no simple task. I’ve always had this lifelong dream to direct my own movie, but due to a variety of reasons, those plans have been put on hold. Finally, after many years, I’m happy to share with you all that my movie is in the process of becoming a reality. I can now give my dream free rein to soar.
This urge and desire to make a short film have periodically popped up and disappeared like an infinite loop for the past few years. I technically wrote my first short film in 2016, Although the script was fairly basic and rudimental.
At that time, Hilusha Hewagama was among the top few names that appeared when searching for short movies on YouTube. Not only did the designs he had uploaded to YouTube greatly inspire me, I was also encouraged to obtain a fundamental understanding before putting my nose to the grindstone to create my own script. Despite having thought about using a smartphone for work in 2017, I wasn’t able to do it until today.
My brother Ilango Ram, whom I met through Facebook in 2012-13 , is one of most influencial people who motivated me to make my own short movie. We met in 2019 in real life and he encourage me so much to write as well as always used to tell me “Kosala, you should write a short movie”. Because of that motivation and a helping hand in December 2019, I made a fresh start with various plots in mind and decided that I wanted to write a script that would excite the audience and pique their curiosity. I eventually ended up writing this script most recently, so was 143 created.
We are aware that as we age, we will continue to learn, grow, and acquire new knowledge about life; we are not simply growing older every day. We age as we gain experience. Everything changes, including the way we think and how we perceive the world. Without change, this life is pointless. That describes my script as well. The script I created in 2016 and the one I started in 2019 have undergone significant development and differ a lot. This development spans around three years of in-depth experience. It has grown much more since then. Since 2019, I’ve had plenty of time to reflect on it and scratch my head as much as I wanted, but now I believe that it’s time to turn this dream of mine into something tangible. Although this is not the world’s best film, yet the fact that this is my first film makes the experience all the more precious.
I should surely mention the folks who have helped me on my journey. Chatur is a person who entered my life haphazardly, yet he has been by my side ever since I began my trek. Through the use of his masterfully created short films, he has demonstrated his immense talent in cinematography and editing. This little one has done more exceptional work through independent study than anyone else that I can recall at his age. He is therefore the 143 project’s DOP and editor. The lead actor in the film is Kusal Subasingha, who came into the limelight for his work as an actor but also for his support for all the up-and-coming fellow directors. He is a dear friend who never stops encouraging me to persevere with this undertaking. Stefan, a young musician with tremendous talent and a great friend who inspired me to write lyrics, is in charge of our music.
No matter how many dreams you have, they will all die like dreams if they lack the wings to soar, as I aforementioned. The people who brought my dream to life were my loving brothers Saman, Aruna, Ramitha, Sukhitha, Shanaka, Chanuka, Saman Kumara, and my dear sister Ayesha, not only as producers but also as friends and family!
Other noteworthy individuals have also contributed to my ability to meet the budget’s expected goal, which fluctuated from time to time. Those are my closest companions in the Digibrush clan. Aquil, Janidu, Harindi, Rusiri, Rifadha, and Harsha. Thanks to the lot of you, my dream is becoming a reality. With all of my love and gratitude, I thank you all. I promise that “we” will do a good job!
My mother, father, sister, brother, friend Shalik, my fiance Na Du Ni, who goes through life beside me, like my shadow, and many more brought me strength upon this journey. I will never stop expressing my love and gratitude to each and every one of them. I also like to think back on all the loved ones on my Facebook friend list who have supported me with comments, notes, and pats on the back for a job well done when I first stated that I would be shooting a short film. Your support is a huge strength for me, thank you!
Nipun Malli, who created a wonderful poster related to the announcement, should also be remembered at this moment. Thank you for listening to me and encouraging me to make this, my brothers Praveen and Devinda, who read the script and provided the first remark on it, and Aathan, who listened to the film’s plot despite my poor English description. Last but not least, I am sending love to the huge group of people around me at all times, especially, Sanjula, Jegan, and Rio.
So, that s the officially announce to our “143” short film, it has been one hell of a journey. It will probably take some time for this creation to come out as a film and I’ll try my best to put out a good work.I will end this post with the happiness that my dream will come true while sending my love and gratitude to all of you around me. Thank you!
Special Thanks – Arshad Cader