Badlapur (2015) Hindi Article

Badlapur (2015) Hindi Article

“රියලිටියේ වීරයන් හෝ ප්රතිවීරයො නොමැත… “
Imdb අගය 7.4 ක් වැනි වැඩි අගයක් ලබාගත් මෙම සිනමා පටය පැමිනි මුල් දින වලම නරඹා නොසිටීමට හේතු වූයේ Varun Dhavan කෙරෙහි මා තුල තිබු පෞද්ගලික අකමැත්ත නිසාවෙනි. නමුත් මෑත කාලීන #Scared_Games යන කතාමාලාව තුලින් මොලයට කිදා බැසගත් Nawazuddin Siddiqui නම් වූ විශිෂ්ඨ ඝනයේ කැමරාව ඉදිරියේ රංගනය ඉදිරිපත් නොකරමින් ජීවත්වන නලුවා ( මගෙ ලෝකේ වීරයා ?) මෙම සිනමාපටයේ ප්රතිවීරයාගේ චරිතය හොබවන බව දැනගත් සැනින් මෙය මගේ ප්රමුඛතා ලැයිස්තුවේ මුලටම වැටීය.
මුල් භාගය සාමන්යය පලිගැනීමේ කතාංගයක් රැගෙන ගලා ගිය හේතුවෙන් මෙහි අධ්යක්ශක වරයා පිලිබදව සොයා බැලීමට තීරනය කෙරීය. ඔහු නමින් Sriram ragavan වන අතර සිනමාපට ඉතා සුලු ප්රමානයක් නිර්මාණය කර ඇති නමුත් ඒ සියල්ල ඉන්දියාව තුල වෙනසක් කිරීමට සමත් වූ, ජාත්යන්තර තලයට ඉස්මතු වූ සිනමාපටයි. උදාහරනයක් ලෙස #Andhadhun (2018) පෙන්වාදිය හැක. නමුත් මෙහි මුල් භාගයේ ඔහුගේ අනෙක් සිනමාපට වල මෙන් විශ්මයක් නොවීමට හේතුව සෙවීමේ අරමුනින් අත්නොහැර ඉතිරියද නැරඹීමට සිත් ඇතිකරගත්තේය. එයට හේතු වූ අනෙක් කාරනය නම් Nawazuddin ගේ රංගනය සහ විශේශ වූ කැමරා කෝන මගින් සිදුකල යම් යම් ප්රයෝග මෙහි අඩංගු කර තිබීමයි. ඒ අතරින් මා ප්රිය වූ එක් ප්රයෝගයක් වූයේ එක් දර්ශනයක කාලය ගත වූ බව පෙන්වීමට එක් වරම එම දර්ශනයේ කැමරාකෝන වෙනස් නොකරම Jump කිරීම. බොහො සිත් ඇදගන්න සුලු අන්දමින් එම ක්රමවේදය යොදාගෙන තිබිනි.
දෙවන භාගය ඇරඹිනි. තනිකරම විශ්මයකි. එවිට මට වැටහුනේ මුල් භාගය එලෙසින් ගලා ගියේ දෙවන භාගයේ ඇතිවෙන චරිත ලක්ශන වෙනස් කිරීම් වලට සහ කතාංගය උඩු යටිකුරු කිරීමට අවශ්ය සිදුවීම් ගොඩනැගීමට මුලාරම්භයක් වන නිසා බව. හින්දි සිනමාව තුල අප සාමාන්යයෙන් දකින ෆැන්ටසිය මුලිනුපුටා දමා වෙනත් රහක් මුසු කල රියලිටියේම සිදුවන නමුත් අපි ඇසු පිරි නැති පැතිකඩයන් එලෙසින්ම නිර්මාණය කිරීමට අධ්යක්ශක වරයා දරා ඇති උත්සහය අගය කලයුතු වනවා…
මෙහි එන සුලු චරිත වලට උවද සම්මානනීය නලු නිලියන් යොදාගෙන තිබීම සතුටට කරුනක් විය. ඒ අතර Raadhika aapthe විශේශ කල හැදින්විය හැක. ඇය රංගනයෙන් යෙදුනු දර්ශන කිහිපයක් උවද ඒ තුලින් ඇයට ලබා දී ඇති දෙබස් කිසිවක් උපයෝගි නොකරගෙන විවාහක පවුල් ජීවිතයට විශ්වාසය මතින් සිදුවන බලපෑම ඇයගේ රංගන ප්රතිභාවෙන් පෙන්වීය. එය එක් උදාහරනයක් පමනි.
Nawazuddin නැතහොත් කතාව තුල ලායක්ගේ චරිත ගොඩනැගීම, බිදදැමීම, කලු කිරීම සහ අවසානයේදි සුදු චරිතයක් බවට පත්කිරීම නම් පිටපත් රචකයාගේ දස්කමකි. ( මෙහි පිටපත රචනය කරන්නෙද ඉහත සදහන් කල අධ්යක්ශවරයාමය. )
Badlapur (2015) - IMDbරචකයාට අවැසී වූ එම චරිතය ඕනවටත් වැඩියෙන් Nawazuddin ලබා දුන් බව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්ය නොහැක්කකි. එනම් ඔහු ඉන්දියාවෙ ප්රතිභාපූර්ණ රංගන ශිල්පීන් අතර ඉහලම තලයේ වැජබෙන්නෙකි.
එවන් රංගන ශිල්පීන් පොදියක් මැදට Varun dhavan රිංගවීම පිලිබදව මගෙ මතයට අනුව කිසිදු පැහැදීමක් නැත. අධ්යක්ශකවරයාගේ දක්ශකම මතම එල්ලි ගොස් චරිතයට සාධාරනයක් කල නමුත් ඉන් එහාට දෙයක් බලාපොරොත්තු නොවීය. මම ඒ පිලිබදව තවත් කතා කිරීමට නොකැමැත්තෙමි. මක් නිසාදයත් එය මගෙ පෞද්ගලික මතයක් නිසායි…
මෙහි කතාව දෙසට යොමුවුවහොත් මංකොල්ලයක් අතර තුර තම බිරිද සහ දරුවා මරා සිරගතවූ ඝාතකයෙකුගේ පසුබිම සහ ඔහු පසුපස පලිගැනීමේ චේතනාවෙන් හබා යන තරුණ ස්වාමිපුර්ශයෙක් වටා ගෙතී යන්නකි. මෙහි එන වීර චරිතය ට වඩා ප්රතිවීර චරිතය වූ ලායක්ගේ ඉස්මතුවීමක් සිදුවෙන අතර අවසාන වන විට චරිත එකිනෙක සමාන වීමක් සහ මාරු වීමක් පිලිබිබු වෙයි. තවද එම ගලා යන කතාවට දායක වන අනෙක් චරිත තුලින් මුලු සමාජයේම නිරුවත විදහාපෑමට කර ඇති උත්සහය සාර්තක වී ඇත. ඒ අතර තුර නීතිය ක්රියාත්මක කරනන්නන්, සමාජ සේවා ආයතන, පවුල් ජීවීත වල ඇතුලාන්තය සහ සැබෑ ආදරය සංකල්ප කැපීපෙනෙයි.
ඉහත සදහන් කල සැබෑ ආදරය නැතහොත් රියලිටියේ ආදරය මට දිස්වූයේ ලායක් ගේ (ප්රතිවීර චරිතයේ) සහ ජිම්ලිගේ ආදර කතාවෙනි. එහි කිසිදු අව්යජ ස්වරුපයක් නොවීය. එනම් ජිම්ලි වෘතියෙන් ඝනිකාවකි, ලායක් යනු අපරාධකාරයෙකි. එම චරිතයන් අතරින් ප්රේමවෘතාන්තයක් ගොඩනැගීම අසීරු කාර්යක් වගේම එය Uncommon Love Story ක් බව ප්රකාශ කල හැක. කාලයකදි සියලු නොගැලපීම් පසෙක ලා පෙම් කිරීම, අනතුරුව කාලයත් සමග වෙන්ව සිටීමට සිදුවීමෙන් අනෙකාගේ අඩුපාඩු පෙනීම සහ කොතරම් කලක් ගත උවත් වෙනත් අයෙක් සමග ජීවීතය ගත කලත් අනෙකාට උපද්රවයක බව දැනගත් සැනින් ඔහු ගැන අනුකම්පා සිතිම වැනි කියා නිම කල නොහැකි තරම් හැගීම් රැසක් මේ තුල අඩංගු වෙයි.
______⚠️️ ????? ????? ⚠️️_______
අවසානයට පෙර සුදු චරිත කලු වීම කලු චරිත සුදු වීම යන්න විදහා පෙන්වීමට ලායක් ගේ දෙබස් කන්ඩයක් විශේශ වන අතරන සිනමාපටය පුරාවටම මගෙ සිත් ගත් දර්ශනය එය විය. එනම් මෙහි එන තම දරුවා සහ බිරිද අහිමි වූ රඝු විසින් අවුරුදු 15 කට පසු එම ඝාතන සිදුකල ඝාතකයාගේ සහයකයා සහ ඔහුගේ බිරිද මරා පලිගත් බව ඝාතකයාට ප්රාකාශ කර අවසාන වූ විට මෙහි ඝාතකයා නැතහොත් මෙතෙක් වෙලා ප්රතිවීරයා ලෙස නම් කල ලායක් විසින් කියා සිටින දෙබස් කන්ඩයයි…
” උබේ ගෑනීව හර්මන් නෙමෙයි මමයි මැරුවේ…
මම කලබල උනා, දන්නෙ නෑ මගෙ ඔලුවට මොනවා ආවද කියලා…
ඔයාගේ ළමයා වැටුනම බිරිද කෑ ගැහුවා…
හදිස්සියෙම තුවක්කුව එලියට අරගෙන මම මරලා දැම්මා…
මගෙ ඔලුව රත් වෙලා තිබුනේ….
ඒත් උබේ මොලේ සීතල වෙලානේ තියෙන්නේ…
මිටියකින් ගහලා මිනිස්සු දෙන්නෙක්ව මැරුවා කියන්නේ…
ඒකත් නිර්දොශී මිනිස්සු දෙන්නෙක්…
උබෙයි මගෙයි තියෙන වෙනස මොකද්ද…? “
අනෙක් සිනමාපට වල මෙන් කිසිදු විටෙක මෙහි ප්රධාන චරිතය සිදු කරන කිසිවක් සාධාරනීකරනය නොකරයි. එනම් ප්රධාන චරිතයේ ප්රාධාන අරමුන වන පලිගැනීම යන කරුණ වත් කිසිදු විටක සාධාරනීකරනය නොකරයි. එයට හේතුව මෙය රියලිටිය ඉදිරිපත් කරන සිනමාපටයක් වීමයි. රියලිටියේ කිසිදු විටක 100% ක් සාධාරන මිනිසුන් නැත. සියල්ලෝගෙම හොද සහ නරක බෙදි යයි. බොහො නිර්මාන වල එය එසේ නොවන්නෙ සැම විටම රචකයා යන තැනැත්තා සිදුවීම් සමබර කිරීමට සහ හේතු ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි. බොහො රචකයන්ට මෙය නිරායාසයෙන් සිදුවන්නකි. නමුත් එම ලක්ශනය අවම කරගනිමින් නිර්මාණය වූ Badlapur සිනමාපටය උමතුවකි. එලෙසින් සුදුත් නැති කලුත් නැති නිතර දෙවේලේ අපි දකින “අළු චරිත” රැසකගේ ජිවීත
කාලයක් ගත වුවද නොහිතන අන්දමින් වෙනස් වීමට අවැසී වන්නෙ,
එක් මොහොතක ඔබ ගන්නා වැරදි තීරනයක් බව මෙම සිනමාපටයෙන් ඔබට නිර්නය කල හැකි වෙනවා…
2015 වර්ශයේ නිකුත් වූ සාර්තක සිනමා පටයක් හේතුවෙන් බොහොදෙනෙක් නරඹා ඇති බව සිතනව. නැරඹු නැති අයෙක් සිටීනම් නරඹන ලෙස ආරාධනා කරනවා….

මධුසංඛ බණ්ඩාර(?????)

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *