Best Villainy Characters in Kollywood

Best Villainy Characters in Kollywood by Viduni Hettiarachchi

එදා මෙදා තුර දමිළ සිනමාවේ, වීරයන් එමටයි, තිරයම ඔවුන්ගේ දැවැන්ත පෞරුෂයෙන් ඒකාලෝක වූ තරමට ඔවුන්ට අභියෝගයක් වුනු දුෂ්ඨයන්ගේ චරිතයන්ද විවිධාකාර ලෙසින් බෙදී, වෙන්වී අපූරුවට රිදී තීරයම දෙවනත් කෙරූ අයුරුද ඇත්තෙන්ම පුදුමයි

එක්කෙනෙක් නැතිව අනෙකාට පැවැත්මක් නැති සේම හොද නරක දෙකෙහි නියෝජනය කෙරූ වීරයා සහ දුෂ්ඨයා අතර සටන එදත්, අදත්, හෙටත් අපි අතරට එන එක ස්ථීරයි

එසේ දුෂ්ඨත්වයේ පිළිඹිබුව අපේ දෑස් මානයේ මැවූ නලුවන් සහ ඔවුන් රගපෑ චරිතයන් සමහරක ආවර්ජනයයි මේ

? ???? ???????? ?????????? ?? ????????? ?

? Arun Vijay – Yennai Arindhaal

පළමු වතාවට දුෂ්ඨ චරිතයක් කරමින්, අජිත් කුමාර් සමග එකට එක්ව තිරය බෙදාගනිමින්, වීරත්වයට කරට කර සිටිමින් දුෂ්ඨයෙක්ගේ කාර්යබාරය මැනවින් ඉටුකරමින්, අවයව ජාවාරම්කරුවෙක් ලෙසින් කොයිතරම් නුහුගුණ අයෙක් ලෙසින් සිටියත් තමන්ගේ ප්රතිරූපයෙන් ප්රේක්ෂකයින්ව ඔහු වෙතට ආකර්ෂණය කරගන්නට පවා සමත්වුනු ඔහුගේ විදිහ, ස්ටයිල් එක සීයට සීයක් සාර්ථක වුනා කිව්වොත් නිවැරැදියි

? Anurag Kashyap – Imaikkaa Nodigal

බොලිවුඩයේ චිත්රපටි අධ්යක්ෂක ධූරයක් දරමින්ම, කොලිවුඩයට නලුවෙක් ලෙසින් පාතබමින්, දාම මිනීමරු රංග භූමිකාවකට පිවිසෙමින්, හැගීම් සමගින් මිශ්ර වූ කුරිරුකම, ඇස් වලින් පෙන්වූ වියරු බව, කිසිදු ආයාසයකින් තොරව තිරයේ දිගහැරි ඔහුගේ උමතුවේ තරම හොදහැටියම දැනුනා ප්රේක්ෂක අපිට

? Karate Venkatesan – Pariyerum Perumal

කෝට් සූට් ඇදන්, ඉංග්රීසියෙන් කතා කරමින්, සල්ලි බාගේ හේම තියෙන, සුවිසල් මැදුරුවල වෙසෙන දුෂ්ඨයෝ වාගේද, ගමේ ගොඩේ ඉන්න, සරමක් කාරිය අදින, වයසක මනුස්සයෙක්ගෙ චරිතයක් කොහොමද මේ අතරට ආවේ කියලා හිතුනොත් මුලින්ම මේ චිත්රපටිය නරඹන්න කියලායි කියන්න තියෙන්නේ මුලින්ම, තමන්ගේ ජාතිය, කුල මලය ලොකු කරන්, පිට ජාතියක කෙනෙක් මේ ජාතියේ අයෙක් එක්ක ආදරයෙන් හෝ බැදුනොත්, ගෞරවය ආරක්ෂා කරගන්නට මිනීමැරුමක් කරන්නට තරම් තුච්ච, අධම මානසිකත්වයක සිටින, ඒ දෙය කිසිදු හිරිකිතයකින් තොරව ක්රියාවට නගන, පිට මිනිසුන්ට හරි අහිංසකයෙක් බව පෙන්වමින්, කිසිදු සැකයක් ඔහු කෙරේ ඇතිනොවෙන්නට හැසිරෙන, දුෂ්ඨත්වයේ සංකේතයක් තමයි ඔහු

? S. J Suryah – Spyder

පුංචි කාලයේ ඔහු අඩනකොට නැලවුනේ අනිත් මිනිසුන් අඩද්දීයි, ලොකු වෙද්දී මානසික ව්යාධියකින් ඔහු පෙලෙනා තරමට මේ විකෘතිය ඔහුව මනුස්ස වෙසින් සිටිනා තිරිසනෙක් බවට හැරෙව්වා, සොහොන්පල්ලෙක් වුනු පියාට හැමදාම වැඩ තිබුනේ මරණයක් වුනු නිසාම, මිනියක් අරන් එන ඥාතීන් හඩනා ශබ්දය, ඔහුගේ කන් හී දෝංකාර දුන්නේ, සතුටින් ඉපිලෙමින්, කට කොනකින් සිනාවක් පාමින්මයි, මරණය සත්කාරයක් වුනු, පරපෝෂිතයෙක් මෙන් එහිම එල්ලී මිනිස් ජීවිත නැසූ, පිළිකුලෙන් අපිව හිරිවැට්ටවූ නොමිනිස්කම

? Arvind Swamy – Thani Oruvan

නවීන කාලයේ, නවීනත්වය පිරුනු, නූගත්කමින් බැහැරට ගමන් කෙරූ, උගත්කමින් ප්රයෝජන ගෙන, මොළයෙන් ගේම ගැසූ, ලෝකයට පෙන්වූ වෙස්මුහුණ ඇතුලත සිටි භයානක විසකුරු සර්පයෙක් වුනු ඔහු, අරමුණක් වෙනුවෙන් අධිෂ්ඨානය වපුරමින්, මහා ධන සම්භාරයක් සමගින්, බලය ගන්නට එහි රැදෙන්නට, ඒ මගින්ම සාමාන්ය මනුස්සයින්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් ඇතිකරමින්, දේශපාලන, සෞඛ්ය සහ මැරකල්ලි, මේ සංයෝග තුනෙහි තම ආධිපත්යය පතුරවමින්, දුෂ්ඨත්වය හරි නීට් එකට තිරයට ගෙන ආ අපූරු විස්මය

විදුනි හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *